Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රාජකීයයෝ රුවල් යාත්‍රා තරගාවලිය ජයගනිති

රාජකීයයෝ රුවල් යාත්‍රා තරගාවලිය ජයගනිති

සංජය එරමුදුගොඩ - 2018 අගෝ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තොමස් විද්‍යාලය එක්ව 5 වැනි වරටත් සංවිධානය කළ රාජකීය - තෝමස් රුවල් යාත්‍රා තරගාවලිය පළමු වරට ජය ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය ඊයේ (11) සමත් විය. මෙවර තරගාවලිය බොල්ගොඩ වැව් පරිශ්‍රයේදී පැවැත්විණි.

සමස්ථ ශූරතාවය සඳහා පිරිනැමෙන ‘රනිල් ඩයස් කුසලානය’ සහ ලේසර් පන්තිය යටතේ පිරිනමන ‘රේ විජේවර්ධන අභියෝගතා කුසලානය ’ යන කුසලාන ද්විත්වයම දිනා ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලයට හැකියාව ලැබිණ. සිව් වතාවක් පිට පිටම මෙම ශූරතාවය දිනා තිබූ ශාන්ත තෝමස් විද්‍යාලයට මෙවර ශූරතාවය මග හැරී ගියේ අවසන් මොහොතේදීය.

ශාන්ත තෝමස් විද්‍යාලයේ ධනික නානායක්කාර සුපිරි අංශය යටතේ පිරි නමන රුවල් යාත්‍රා සම්මානය දිනා ගැනීමට සමත් වූ අතර, ලේසර් අංශය යටතේ පිරි නමන ලද රුවල් යාත්‍රා සම්මානය දිනා ගැනීමට රාජකීය විද්‍යාලයේ නිසල් වල්පොල සමත් විය. නිසල් මෙවර සම්මානයට පාත්‍ර වූයේ පිට පිටම දෙවැනි වරටත් වීම විශේෂත්වයකි.

මෙවර තරගාවලියේ ප්‍රධාන ආරාධිතයන් වශයෙන් ආසියානු තරග පදක්කම්ලාභී ඒකේන්ද්‍ර එදිරිසිංහ මහතා සහ රේ විජේවර්ධන මහතාගේ දියණිය වන අනෝමා විජේවර්ධන මහත්මිය සහභාගි වූහ.


තරග ප්‍රතිඵල

වයස 15 න් පහළ සුපිරි පන්තියේ රුවල් යාත්‍රා තරගය
■    ප්‍රථම ස්තානය - දනික නානායක්කාර (ශාන්ත තෝමස් විද්‍යාලය)
■    දෙවැනි ස්ථානය - ජෙහාන් ද සිල්වා ( ශාන්ත තෝමස් විද්‍යාලය )
■    තෙවැනි ස්ථානය - කනිල ගුණසේකර ( රාජකීය විද්‍යාලය )


ලේසර් පන්තියේ රුවල් යාත්‍රා තරගය
■    ප්‍රථම ස්ථානය - නිසල් වල්පොල (රාජකීය විද්‍යාලය)
■    දෙවැනි ස්ථානය - කයිෆ් සලී ( රාජකීය විද්‍යාලය)
■    තෙවැනි ස්ථානය - ජෝඩාන් බෝලිං ( ශාන්ත තෝමස් විද්‍යාලය)


සුපිරි පන්තියේ රුවල් යාත්‍රා කණ්ඩායම් තරගය
■    සුපිරි ‘ඒ’ පන්තියේ සමස්ත ශූරතාව - රාජකීය විද්‍යාලය
■    සුපිරි ‘බී’ පන්තියේ සමස්ත ශූරතාව - ශාන්ත තෝමස් විද්‍යාලය


ලේසර් පන්තියේ රුවල් යාත්‍රා කණ්ඩායම් තරගය
■    ලේසර් ‘ඒ’ පන්තියේ සමස්ත ශූරතාව - රාජකීය විද්‍යාලය
■    ලේසර් ‘බී’ පන්තියේ සමස්ත ශූරතාව - ශාන්ත තෝමස් විද්‍යාලය

ඒකේන්ද්‍ර එදිරිසිංහ මහතා අතින් රාජකීයයන් සම්මාන ලබමින්...

 

අනෝමා විජේවර්ධන මහත්මිය අතින් රාජකීයයන් සම්මාන ලබමින්...

 

 


අදහස් (0)

රාජකීයයෝ රුවල් යාත්‍රා තරගාවලිය ජයගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.