Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රාජකීය විදුහලට වාර්තාගත ජයක්

රාජකීය විදුහලට වාර්තාගත ජයක්

සංජය එරමුදුගොඩ - 2018 මාර් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල අතර කොළඹ රාජකීය විද්‍යාලිය ක්‍රීඩා සංකීර්ණ පිටියේ ඊයේ (සෙනසුරාදා) පැවති රග්බි තරගයෙන් ලකුණු 55‐00 ක විශිෂ්ට ජයක් අත්කර ගැනිමට රාජකීයයෝ සමත් වුහ. අන්තර් පාසල් ලීග් තරගාවලියේ “ඒ”කොටසේ තරගයක් වු මෙම තරගයේ පළමු අර්ධය නිමාවන විට රාජකීය විදුහල ලකුණු 10‐00 ක් ලෙස පෙරමුණ ගෙන සිටියේය.

මෙම තරගයේදී ලබාගත් ලකුණු 55 මයිකල් ගුණරත්න තරගාවලියේදී කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින් වාර්තා වේ.

ආරම්භය තරමක් නිශ්චල එකක් වූයේ රාජකීයයන් තමන්ගේ නියම දස්කම් සඟවා තබාගත් හෙයිනි. එහෙත් මොහොමඞ් ඉෆාම් සහ ෆැලැන්කර් ක්‍රීඩක රදිශ් විජේරත්නගේ අනගි උත්සහක දිනුම් ද්විත්වය සමග පළමු අර්ධය නිමා වීමට පෙර ලකුණු 10 ක් ලෙස පෙරමුණ ගැනීමට රාජකීයන්ට හැකිවිය.

ශාන්ත තෝමස් විදුහලට ලකුණු ලබා ගැනිමට තිබු අවස්ථා කිහිපයක් ගිලිහි ගියේ 15 වැනි විනාඩියේ ලැබුණු දඩුවම් පහරත් සහ 24 වැනි විනාඩියේ ලද උත්සහක දිනුමත් අසාර්ථක වීමෙනි.

ගෙවුනු සති අන්තයේ ලබාගත් ජයග්‍රාහි මානසිකත්වය ඒලෙසම රඳවා ගනිමින් දෙවැනි අර්ධය ආරම්භ කළ රාජකීය ක්‍රීඩකයෝ ශාන්ත තෝමස් ක්‍රීඩකයන්ට හැරෙන්නටවත් අවස්ථාවක් නොදී එක දිගටම ලකුණු 45 ක් ලබාගත්හ.  රාජකීයන් වෙනුවෙන් තම දෙවන උත්සහක දිනුම වාර්තා කිරිමට මොහොමඞ් ඉෆාම් හට 38 වෙනි විනාඩියේදි හැකියාව ලැබිණි.

එතෙක් වේලා පන්දුව එහාට මෙහාට යවමින් සෙසු ක්‍රීඩකයන්ට සහය වෙමින් සිටි නායක සබිත් ෆෙරෝස් 49 වැනි විනාඩියේදි අති දක්ෂ උත්සහක දිනුමක් තැබීය. 54 සහ 61 ක් වෙනි විනාඩිවලදීත් උත්සහක දිනුම් වාර්තා කිරිමට හිමන්ත හීරුශාන් සහ මැද පෙළ ක්‍රීඩක තුලයිබ් හසන් සමත් වූහ.

ශාන්ත තෝමස් ක්‍රීඩකයන්ගේ දුර්වල ආරක්‍ෂාව හේතුවෙන් දෙවැනි අර්ධයේදී තරගය එහෙම පිටින්ම රාජකීයයන්ගේ අණසකට ලක්ව තිබිණ. උත්සාහක දිනුම් 8 කින් හයක් ගෝල බවට ප්‍රවර්ථනය කිරිමට ෆුල් බැක් ක්‍රීඩක දුලාජ් ගුණවර්ධන සමත් විය. සාර්ථක කරගත් දඬුවම් පහරත් සමගින් ඔහුගෙන් මෙම ජයග්‍රහණයට ලැබුණේ අනගි දායකත්වයකි.

මයිකල් ගුණරත්න තරගාවලියේ මේ දක්වා පැවැති තරග 55 න් තරග 32 ක ජය රාජකීය විදුහල විසින් අත්කරගනු ලැබ ඇත. සාන්ත තෝමස් විදුහල තරග 18 ක් ජයගෙන තිබේ. තරග 5 ක් ජයපැරදුමෙන් තොරව නිමාවී තිබේ.


රාජකීය විදුහල - 55  
උත්සාහක දිනුම් 8 යි : මොහොමඞ් ඉෆාම් (2), කළිඳු නාලින්ද, යසිස් රශ්මික, සබිත් ෆෙරෝස්, හිමන්ත හිරුශාන්, රදිශ් විජේරත්න සහ තුලයිබ් හසන්
ප්‍රවර්ථන : දුලාජ් ගුණවර්ධන (6)
දඬුවම් පහර : දුලාජ් ගුණවර්ධන (1)

සාන්ත තෝමස් විදුහල - 00

 

ඡායාරූප - ගයාන් අමරසේකර

 

 රාජකීය - තෝමස් අන්තර් පාසල් ලීග් රග්බි තරගයේ විශේෂ අවස්ථා...

ඡායාරූප - වරුණ කරුණාසේකර


අදහස් (0)

රාජකීය විදුහලට වාර්තාගත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.