Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රාජකීය - ති‍්‍රත්ව දෙපිලම කරට කර

රාජකීය - ති‍්‍රත්ව දෙපිලම කරට කර

දිලිනි මල්රුක්ෂි - 2014 මැයි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකාවේ පැරණිතම වාර්ෂික රග්බි තරගය වන කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ති‍්‍රත්ව විදුහල අතර 70 වැනි වරටත් පැවැත්වෙන ‘බ‍්‍රැඞ්බි පළිහ’ වාර්ෂික රග්බි තරගයේ පළමු අදියර හෙට (10) රාජකීය විදුහල් රග්බි පිටියේදී පැවැත්වේ. තරගය පස්වරු 4.30 ට ආරම්භ වීමට නියමිතය.මෙම තරගය මෙවර ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේදී මෙම විදුහල් දෙක සහභාගි වන පළමු වටයේ අවසන් තරගයද වේ.  

මෙවර රාජකීය විදුහල් පිලේ නායකයා ලෙස නිම්ෂාන් ජයවර්ධන ද, ත‍්‍රිත්ව විදුහල් පිලේ නායකයා ලෙස තරින්ද රත්වත්තද කටයුතු කරති.

රාජකීය විදුහල් පිල මෙවර ලීග් තරගාවලියේ මේ දක්වා සහභාගි වූ තරග හතරේදී කොළඹ ශාන්ත ජෝශප්, වෙස්ලි සහ ඞී. එස්. සේනානායක යන විදුහල් පරාජය කිරීමට සමත් විය. රාජකීය විදුහල ලකුණු 13-14 ක් ලෙස ඉසිපතන විදුහල හමුවේ පරාජයට පත්විය.

ත‍්‍රිත්ව විදුහල විසින් කොළඹ ශාන්ත ජෝශප්, වෙස්ලි සහ ඞී. එස්. සේනානායක යන විදුහල් පරාජය කරන ලද අතර ඉසිපතන විදුහල හමුවේ පමණක් ලකුණු 17-21 ක් ලෙස ති‍්‍රත්ව විදුහල පරාජයට පත්විය.

මෙම තරගවාරයේ මේ දක්වා ප‍්‍රතිඵල අනුව කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවීම නිසා අද කොළඹදී තියුණු තරගයක් නැරඹිමේ අවස්ථාව ලැබීමට බොහෝ දුරට ඉඩ තිබේ.

දෙවිදුහල් අතර 1945 වසරේ සිට පැවැති ‘බ‍්‍රැඞ්බි පළිහ’ තරග 69 යේදී ත‍්‍රිත්ව විදුහල තරග 38 ක් ද, රාජකීය විදුහල තරග 30 ක් ද ජය ලබා ඇති අතර 1992 වසරේ තරගය සම තත්ත්වයෙන් අවසන් වී තිබේ.

රාජකීය විදුහල 2002 වසරේ ලකුණු 83-0 කින් ලැබූ ජය මෙතෙක් ‘බ‍්‍රැඞ්බි පළිහ’ රග්බි ඉතිහාසයේ ලැබූ විශාලතම ජයග‍්‍රහණය වේ.
මෙවර තරගයේ දෙවැනි අදියර මේ මස 24 වැනිදා මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

කොළඹ රාජකීය විදුහල

මහනුවර ති‍්‍රත්ව විදුහල


අදහස් (0)

රාජකීය - ති‍්‍රත්ව දෙපිලම කරට කර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.