Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ තුන්වැනි සති අන්තයේ තරග නිමාවට පත්වෙද්දී රාජකීය විදුහල් කණ්ඩායම ‘ඒ‘ කාණ්ඩයෙන් පෙරමුණ ගෙන තිබේ. ශාන්ත පීතර විදුහල් පිල ‘බී‘ කාණ්ඩයෙන් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටී.
මෙතෙක් පැවැති තරග 3ම ජයගත් රාජකීයයෝ සහ සාන්ත පීතර ක්‍රීඩකයෝ ප්‍රසාද ලකුණු 3 බැගින් අත්කරගනිමින් පෙරමුණ ගෙන සිටින්නේ සමස්ත ලකුණු 18 බැගින් ලබාගනිමිනි.
පසුගියදා නිමාවට පත්වූ තුන්වැනි සති අන්ත තරගවලදී ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් පිල ලකුණු 55-0 කින් පරාජය කිරීමට රාජකීය විදුහල් පිල සමත්විය. මෙවර තරගාවලියේ දැඩි පසුබෑමකට ලක්වී සිටින සාන්ත තෝමස් විදුහල් පිල පරාජය කරමින් දෙපිල අතර වාර්ෂිකව හුවමාරු වන මයිකල් ගුණරත්න කුසලානය අත්කරගත් රාජකීයයෝ එම තරගයේදී උත්සාහක දිනුම් 8 ක්ම තැබූහ.
සාන්ත පීතර විදුහල් පිල ‘බී‘ කාණ්ඩයෙන් පෙරමුණට පත්වූයේ පසුගියදා ධර්මරාජ විදුහල් පිලට එරෙහිව ලකුණු 42-5 ක ජයක් වාර්තා කරමිනි. මෙවර තරගාවලියේ ආරම්භයේ සිටම ජයග්‍රාහී ගමන්මග හෙළපෙහෙළි කරගෙන සිටින සාන්ත පීතර විදුහල් පිල එම තරගයේදී උත්සාහක දිනුම් 6ක්ම තැබීමට සමත්විය.
මරදාන සාන්ත ජෝශප් විදුහල් පිල ද තුන්වැනි සති අන්තයේ තරග නිමාවෙන් පසුව ප්‍රසාද ලකුණු සටහනේ ‘ඒ‘ කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්වී සිටින්නේ ලකුණු 18 ක් රැස් කරමිනි. මෙතෙක් පැවැති තරග 3ම ජයගත් සාන්ත ජෝශප් විදුහල් පිල ප්‍රසාද ලකුණු 3 කුත් සමග ‘ඒ‘ කාණ්ඩයේ දෙවැනි තැන පසුවන්නේ පසුගියදා නිමාවට පත්වූ තුන්වැනි තරගයේදී සාන්ත අන්තෝනි විදුහල් පිලට එරෙහිව ලකුණු 50-24 ක ජයක් වාර්තා කරමිනි.
මෙතෙක් සිය අපරාජිතබව රැක ගැනීමට සමත්වූ අනික් කණ්ඩායම වන ඉසිපතන විදුහල් පිල ‘බී‘ කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්වී සිටින්නේ ප්‍රසාද ලකුණු 17ක් ලබාගනිමිනි. මෙතෙක් පැවැති තරග 3 ම ජයගත් ඉසිපතතනය ප්‍රසාද ලකුණු 2 ක් ද ලබා සිටී. පසුගියදා නිමාවට පත්වූ තුන්වැනි තරගයෙන් මරදාන සහිරා විදුහල් පිල ලකුණු 17-7කින් පරාජය කිරීමට ඉසිපතනය සමත්විය.
මෙතෙක් පැවැති තරගවලදී කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්වී ඇති සාන්ත ජෝශප් විදුහල් පිලේ ගැමුණු චේතිය තරග 2කදී උත්සාහක දිනුම් ත්‍රිත්වයක් බැගින් තබමින් තරගාවලියේ කාගෙත් අවධානය දිනාගත් ක්‍රීඩකයා වී සිටී. ගැමුණු උත්සාහක දිනුම් 7 කට හිමිකම් කියන අතරතුරම වැඩිම සමස්ත ලකුණු ලාභියා ලෙස ලකුණු 35 ක් ශාන්ත ජෝෂප් පිලට එකතු කර දී තිබේ.
ශාන්ත ජෝෂප් විදුහලේහිම ජෝන් ගනේගොඩ සහ සාන්ත පීතර විදුහල් පිලේ නිස්රාන් නිලාර් උත්සාහක දිනුම් 4 ක් බැගින් තබමින් වැඩිම උත්සාහක දිනුම්ලාභීන් අතර දෙවැනි තැන සිටිති.
සාන්ත පීතර විදුහල් පිලේ ශෙහාන් ලියනපතිරණ සමස්ත ලකුණු ලාභින් අතර ලකුණු 33 ක් ලබා දෙවැනි තැන පසුවන අතර රාජකීය විදුහල් පිලේ ඩුලාන් ගූණවර්ධන ලකුණු 32 ක් ලබා තුන්වැනි තැන පසුවෙයි.
අන්තර් පාසල් පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ මීළඟ වටයේ තරග අප්‍රේල් මස 5 වැනිදා ධර්මරාජ සහ ඩී.එස්.සේනානායක විදුහල් අතර වැලිසර පැවැත්වෙන තරගයෙන් ආරම්භ වෙයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.