Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප‍්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ හයවැනි තරගය ලෙස දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල සහ රාජස්ථාන් රෝයල්ස් පිල අතර දිල්ලිහිදී අද (12) පැවැති තරගයෙන් රාජස්ථාන් පිල කඩුලූ 3 ක ජයක් ලැබීය.
රාජස්ථාන් පිල ලකුණු 185 ක ඉලක්කය අවසන් පන්දුවේදී සම්පූර්ණ කළේය.
රාජස්ථාන් පිලට ජයග‍්‍රහණය සදහා ඇන්ජලෝ මැතිව්ස් යැවූ අවසන් ඕවරයට ලකුණු 12 ක් රැස්කිරීමට සිදුවිය. අවසන් පන්දුවට ලකුණු 3 ක් අවශ්‍ය වූ අතර ටිම් සව‍්‍රති හතරේ පහරකින් ජයග‍්‍රහණය තහවුරු කිරීමට සමත් විය.
ශ්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් ඕවර හතරේදී ලකුණු 42 කට කඩුල්ලක් දවා ගත්තේය.
ඇන්ජලෝ මැතිව්ස් පන්දු 14 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 27 ක් රැස්කරමින් පිතිකරුවකු ලෙස දිල්ලි පිල ඔසවා තැබීමට සමත් විය.
නායක ජේ. පී. ඩුමිනි පන්දු 38 කදී හයේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 44 ක් ලබා ගත්තේය.
රාජස්ථාන් පිලේ නායක ස්ටීව් ස්මිත් කාසියේ වාසිය ලබා පළමුව පන්දුව පන්දු යැවීමට තීරණය කළේය.
දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල ඕවර 20 කදී කඩුලූ 3 ට 184
(මයන්ක් අගර්වල් 37, ෂ්රියාස් අයියර් 40, ජේ. පී. ඩුමිනි නොදැවී 44, යුවරාජ් සිං 27, ඇන්ජලෝ මැතිව්ස් නොදැවි 27, ක‍්‍රිස් මොරිස් 35/2)
රාජස්ථාන් රෝයල්ස් පිල ඕවර 20 කදී කඩුලූ 7 ට 186
(අජින්‍යා රහනේ 47, කරුන් නයීර් 20, දීපාක් හූදා 54, ජේම්ස් ෆෝක්නර් 17, ක‍්‍රිස් මොරිස් නොදැවී 13, අමිට් මිෂ්රා 32/2, ඉම්රාන් තාහිර් 28/4)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.