Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රාජස්ථාන් පිල පස්වැනි ජයත් ලබයි

රාජස්ථාන් පිල පස්වැනි ජයත් ලබයි

සංජය එරමුදුගොඩ - 2015 අප්‍රේ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 


ඉන්දීය ප‍්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ 15 වැනි තරගය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් පිල සහ රාජස්ථාන් රෝයල්ස් පිල අතර අහ්මදාබාද්හිදී අද (19) පැවැති දිනයේ පළමු තරගයෙන් රාජස්ථාන් පිල කඩුලූ 8 ක පහසු ජයක් ලැබීය.

රාජස්ථාන් පිල මෙවර තරගාවලියේ මේ දක්වා සහභාගි වූ තරග පහම ජය ලැබීමට සමත්ව සිටියි.

මහේන්ද්‍ර සිං දෝනි මෙහෙයවන චෙන්නායි පිල මෙවර තරගාවලියේ ලැබූ පළමු පරාජය මෙය වේ. චෙන්නායි පිල මේ වන විට තරග හතරකදී තුනක් ජය ලබා සිටියි.  

අජින්‍යා රහනේ (නොදැවී 76) සහ ෂේන් වොට්සන් (73) ලකුණු 144 ක ආරම්භක සම්බන්ධතාවක් පවත්වමින් ජයග‍්‍රහණය පහසු කිරීමට සමත් වූහ. අජින්‍යා රහනේ පන්දු 55 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 76 ක් රැස් කිරීමට සමත් විය.   

ෂේන් වොට්සන් පන්දු 47 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහර 4 ක් සමගින් ලකුණු 73 ක් රැස් කළේය. පළමුව පන්දුවට පහර දුන් චෙන්නායි පිල  ඕවර 20 අවසානයේ කඩුලූ 4 ක් දැවී ලකුණු 156 ක් රැස් කිරීමට සමත් විය. ඞ්වේන් බ‍්‍රාවෝ (නොදැවී 62) සහ මහේන්ද්‍ර සිං දෝනි (නොදැවී 31) පස්වැනි කඩුල්ලට ලකුණු 91 ක නොබිදුණු සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් වූහ.

ඞ්වේන් බ‍්‍රාවෝ පන්දු 36 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 62 ක රැස් කිරීමට සමත් විය.  

ඞ්වේන් ස්මිත් පන්දු 29 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 40 ක් රැස් කළේය. නවසීලන්ත ප‍්‍රවේගකාරී පිතිකරු බ්‍රෙන්ඩන් මැකලම් පන්දු 7 කදී ලකුණු 12 ක් පමණක් රැස්කර සිටියදී පළමු කඩුල්ල ලෙස දැවී ගියේය.


චෙන්නායි සුපර් කිංග්ස් පිල ඕවර 20 කදී කඩුලූ 4 ට 156
(ඞ්වේන් ස්මිත් 40, බ්‍රෙන්ඩන් මැකලම් 12, ඞ්වේන් බ‍්‍රාවෝ නොදැවී 62, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 31)

රාජස්ථාන් රෝයල්ස් පිල  ඕවර 18.2  කදී කඩුලූ 2 ට 157
(අජින්‍යා රහනේ නොදැවී 76, ෂේන් වොට්සන් 73)

 

 
- 048


අදහස් (0)

රාජස්ථාන් පිල පස්වැනි ජයත් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.