Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 40 වැනි තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම අතර ජායිපූර්හිදී අද (8 වැනිදා) පැවැති තරගය ලකුණු 15 කින් ජයගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත්විය.
ජයග්‍රහණය සදහා ලකුණු 159 ක ඉලක්කයක් හඹාගිය කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 143 ක් පමණි.
ආරම්භක පිතිකරු ලෝකේෂ් රාහුල් වේගවත් පිතිහරඹයක නිරතවෙමින් තනි සටනක යෙදුනද ජයග්‍රහණය කරා කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම රැගෙන යාමට අපොහොසත් විය. පන්දු 70 කට මුහුණදුන් ලෝකේෂ් රාහුල් හයේ පහර 2 ක් සහ හතරේ පහර 11 ක් සමගින් නොදැවී ලකුණු 95 ක් රැස් කළේය.
ලෝකේෂ් රාහුල්ට අමතරව ලකුණු 10 සීමාව පසුකිරීමට හැකිවූයේ ලකුණු 11 ක් ලබාගත් මාකස් ස්ටෝයිනිස්ට පමණි.
ලෝකේෂ් රාහුල් සහ මාකස් ස්ටෝයිනිස් එක්ව හත්වැනි කඩුල්ල සදහා පන්දු 34 කදී ලකුණු 46 ක සම්බන්ධතාවයක් ගොඩනැගූහ.
ක්‍රිෂ්නප්පා ගෞතම් ඕවර 3 ක් යවමින් ලකුණු 12 කට කඩුලු 2 ක් දවාගත් අතර ඉෂ් සෝධී සිය ඕවර4 ලකුණු 14 කට සීමාකරමින් එක් කඩුල්ලක් දවාගැනීමට සමත්වූහ.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 158 රැස්කිරීමට සමත්විය.
වේගවත් ආරම්භයක් ලබාගත් ජොස් බට්ලර් පන්දු 58 කදී හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමගින් ලකුණු 82 ක් රැස්කරමින් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ලකුණු පුවරුව ඉහළ දැමීම සදහා තනි සටනක නිරතවිය.
සංජු සැම්සන් සමගින් එක්වූ ජොස් බට්ලර් තෙවැනි කඩුල්ල සදහා පන්දු 48 කදී ලකුණු 53 ක සම්බන්ධතාවයක්ද ගොඩනැගීය.
ජොස් බට්ලර් පන්දු යවන්නන් හට පහර පිට පහර දෙමින් පන්දු යවන්නන් පීඩනයට පත් කළද අනෙක් පිතිකරුවන් පීඩනයට පත්කිරීමට රාජස්ථාන් රෝයල්ස් පන්දු යවන්නෝ සමත්වූහ.
අවසන් ඕවරයේදී කඩුලු 3 ක් දවාගත් ඇන්ඩෘ ටේ සිය ඕවර 4 ලකුණු 34 කට සීමාකරමින් කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර මුජීබ් රෙහ්මාන් ලකුණු 21 කට කඩුලු 2 ක් දවාගත්තේය.
රාජස්ථාන් රෝයල්ස් - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 158
(ජොස් බට්ලර් 82, සංජු සැම්සන් 22, ඇන්ඩෘ ටේ 34/4, මුජීබ් රෙහ්මාන් 21/2)
කිංග්ස් XI පන්ජාබ් - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 143
(ලෝකේෂ් රාහුල් 95, ක්‍රිෂ්නප්පා ගෞතම් 12/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.