Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියේ 29 වැනි තරගය ලෙස රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල සහ රාජස්ථාන් රෝයල්ස් පිල අතර බැංගලෝර්හි එම්. චින්නස්වාමි කී‍්‍රඩාංගණයේදී අද (29 වැනිදා) පැවැති තරගය වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා විසඳුමකින් තොරව අවසන් විය.
ජයග‍්‍රහණය සඳහා රාජස්ථාන රෝයල්ස් පිලට ලකුණු 201 ක ඉලක්කයක් හිමිවුවද, දිගින් දිගටම වර්ෂාව ඇද වැටීම නිසා තරගය නැවත ආරම්භ කිරමට නොහැකි විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල නියමිත ඕවර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 200 ක් ලබාගත්තේය.
එහිදී බැංගලෝර් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඒ. බී. ඩිවිලියස් පන්දු 45 කදී ලකුණු 57 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමගිනි.
අවසන් ඕවර කිහිපයේදී ප‍්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ සෆ්රාස් ඛාන් පන්දු 21 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගින් නොදැවී ලකුණු 45 ක් රැස්කළේය.
බැංගලෝර් පිලේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ කි‍්‍රස් ගේල් (10) සහ විරාට් කෝලි (01) මුළු ලකුණු සංඛ්‍යාව 19 වන විට පිටියෙන් ඉවත් කිරීමට ටිම් සවුති සමත් විය.
කාසියේ වාසිය දිනූ රාජස්ථාන් රෝයල්ස් පිල පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිලට ආරාධනා කර සිටියේය.
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල - ඕවර 20 කදී කඩුලූ 7 ක් දැවී 200
(ඒ. බී. ඩිවිලියස් 57, මන්දීප් සිං නොදැවී 27, දිනෙෂ් කාර්තික් 27, සෆ්රාස් ඛාන් නොදැවී 45, ටිම් සවුති 32/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.