Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිව කොල්කටාහි ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේදී පෙරේදා (8 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමත් විය. කොල්කටා ක්‍රීඩකයෝ මෙවර තරගාවලියේදී ලැබූ 5 වැනි ජයග්‍රහණය මෙය විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 180 ක ඉලක්කයක් හඹාගිය කොල්කටා කණ්ඩායම අවසන් පන්දුවේදී ඉලක්කය පසුකර ගියේය. පන්දු 10 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 21 ක් රැස්කළ රිංකු සිං, අවසන් පන්දුවේදී හතරේ පහරක් එල්ල කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.
නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ නිතිෂ් රානා පන්දු 38 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 51 ක්ද, වේගවත් පිතිහරඹයක නිරත වූ ඔන්ඩි්ර රසල් පන්දු 23 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 42 ක්ද රැස්කරමින් කොල්කටා කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමූහ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පන්ජාබ් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 179 ක් ලබාගත් අතර පන්ජාබ් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක ශිකර් ධවාන් පන්දු 47 කින් ලකුණු 57 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමගිනි.
ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ ශාරුඛ් ඛාන් පන්දු 8 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 21 ක්ද, හර්ප්‍රීට් බ්‍රාර් පන්දු 9 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 17 ක්ද රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
පන්ජාබ් කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලු 7 කට 179
(ශිකර් ධවාන් 57, ජිතේෂ් ශර්මා 21, රිෂී ධවාන් 19, ශාරුඛ් ඛාන් නොදැවී 21, හර්ප්‍රීට් බ්‍රාර් නොදැවී 17, වරුන් චක්‍රවර්ති 26/3, හර්ප්‍රීත් රානා 33/2)
කොල්කටා නයිට්රයිඩර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 5 කට 182
(ජේසන් රොයි 38, නිතිෂ් රානා 51, ඔන්ඩි්ර රසල් 42, රිංකු සිං නොදැවී 21, රාහුල් චාහර් 23/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.