Last Update  :  2024-12-26 20:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රිෂාබ් පාන්ට් කෝටි 93 කට විකිණෙයි
අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසිය

රිෂාබ් පාන්ට් කෝටි 93 කට විකිණෙයි

editorial - 2024 නොවැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)  

ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසි වාර්තා අලුත් කරමින් එදා මෙදා තුර ඉතිහාසයේ වැඩිම මුදලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට පත්වීමට ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් සමත් විය. ඔහුගේ සේවය මිලදී ගැනීම සඳහා සවුදි අරාබියේ ජේඩා නුවරදී පැවැති ක්‍රීඩක වෙන්දේසියේදී ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ හිමිකරුවන් ගෙවූ මුදල ඉන්දීය රුපියල් කෝටි 27 කි. එහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 93 ක් ඉක්මවනු ඇත.
 
පාන්ට්ගේ සේවය මිලදී ගැනීමට ලක්නව් කණ්ඩායම සමත් වූයේ පළමුවෙන්ම රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු කණ්ඩායම සමගද, දෙවනුව සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමගද, තෙවනුව දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමගද නිරත වූ කරට කර සටනකින් අනතුරුවය. මෙවර ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 20 සීමාව පසුකර ගිය දෙවැනි ක්‍රීඩකයා පාන්ට් වූ අතර ඔහුට පෙර ශ්‍රෙයාස් අයියර්ද එම සීමාව පසු කළේය. 

ඉකුත් වසරේදී (2023) කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 24.75 කට ඕස්ටේ්‍රලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් මිලදී ගනු ලැබූ අතර එය මේ දක්වා අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසියේදී ක්‍රීඩකයකු අලෙවි වී තිබූ ඉහළම මුදල ලෙසද සටහන් විය. මෙවර වෙන්දේසියේදී පළමුවෙන්ම එම වාර්තාව බිඳ දමනු ලැබුවේ ශ්‍රෙයාස් අයියර් විසිනි. ඉන් අනතුරුව පාන්ට් යළිත් එම වාර්තාව අලුත් කළේය. 

පළමුව කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමගද, දෙවනුව දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමගද කරට කර ලන්සු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉන්දීය රුපියල් කෝටි 26.75 ක මුදලකට ශ්‍රෙයාස් අයියර්ගේ සේවය මිලදී ගැනීමට පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ හිමිකරුවෝ සමත් වූහ. එම මුදලේ වටිනාකම ශ්‍රී ලංකා රුපියල් කෝටි 92 ඉක්මවා ගියේය.
 
වෙන්දේසියේදී තෙවැනි ඉහළම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා වූයේ වෙන්කටේෂ් අයියර්ය. ඔහුගේ සේවය මිලදී ගැනීම සඳහා කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම ඉන්දීය රුපියල් කෝටි 23.75 ක මුදලක් වැය කළේය. ඉන්දීය රුපියල් කෝටි 18 බැගින් වැය කරමින් ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක අර්ෂ්දීප් සිං සහ පා දඟ පන්දු යවන ක්‍රීඩක යුස්වේන්ද්‍ර චාහල් මිලදී ගැනීමට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සමත් විය. 

මුල් අදියර 7 තුළ වෙන්දේසියට ඉදිරිපත් කෙරුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනා වූ වනිඳු හසරංගට සහ මහීෂ් තීක්ෂණට පිළිවෙලින් ඉන්දීය රුපියල් කෝටි 5.25 ක් සහ කෝටි 4.4 ක් ගෙවමින් ඔවුන් සිය කණ්ඩායමට ඇතුළත් කර ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ හිමිකරුවෝ ඉදිරිපත් වූහ. එහිදී වනිඳුට හිමිවන මුදල ශ්‍රී ලංකා රුපියල් කෝටි 18 ක්ද, තීක්ෂණට හිමිවන මුදල ශ්‍රී ලංකා රුපියල් කෝටි 15 ක්ද ඉක්මවනු ඇත. 


අදියර 7 ක් අවසානයේ අලෙවි වූ ක්‍රීඩකයෝ 

රිෂාබ් පාන්ට් (ලක්නව් සුපර් ජයන්ස්) - කෝටි 27 යි
ශ්‍රෙයාස් අයියර් (පන්ජාබ් කිංග්ස්) - කෝටි 26.75 යි
වෙන්කටේෂ් අයියර් (කොල්කටා නයිට්රයිඩර්ස්) - කෝටි 23.75 යි
අර්ෂ්දීප් සිං (පන්ජාබ් කිංග්ස්) - කෝටි 18 යි 
යුස්වේන්ද්‍ර චාහල් (පංජාබ් කිංග්ස්) - කෝටි 18 යි  
ජොස් බට්ලර් (ගුජරාට් ටයිටන්ස්) - කෝටි 15.75 යි
ලෝකේෂ් රාහුල් (දිල්ලි කැපිටල්ස්) - කෝටි 14 යි 
ජොෂ් හෙසල්වුඩ් (රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු) - කෝටි 12.5 යි
ජොෆ්රා ආචර් (රාජස්ථාන් රෝයල්ස්) - කෝටි 12.5 යි
ටේ‍රන්ට් බෝල්ට් (මුම්බායි ඉන්දියන්ස්) - කෝටි 12.5 යි
මොහොමඩ් සිරාජ් (ගුජරාට් ටයිටන්ස්) - කෝටි 12.25 යි
මිචෙල් ස්ටාක් (දිල්ලි කැපිටල්ස්) - කෝටි 11.75 යි
පිලිප් සෝල්ට් (රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු) - කෝටි 11.5 යි
ඉෂාන් කිෂන් (සන්රයිසස් හයිද්‍රාබාද්) - කෝටි 11.25 යි
මාකස් ස්ටොයිනිස් (පන්ජාබ් කිංග්ස්) - කෝටි 11 යි 
ජිතේෂ් ශර්මා (රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු) - කෝටි 11 යි
කගිසෝ රබාඩා (ගුජරාට් ටයිටන්ස්) - කෝටි 10.75 යි 
ටී. නටරාජන් (දිල්ලි කැපිටල්ස්) - කෝටි 10.75 යි
මොහොමඩ් සාමි (සන්රයිසස් හයිද්‍රාබාද්) - කෝටි 10 යි 
නූර් අහමඩ් (චෙන්නායි සුපර් කිංග්ස්) - කෝටි 10 යි 

රවිචන්ද්‍රන් අෂ්වින් (චෙන්නායි සුපර් කිංග්ස්) - කෝටි 9.75 යි 
අවේෂ් ඛාන් (ලක්නව් සුපර් ජයන්ට්ස්) - කෝටි 9.75 යි 
ප්‍රසිද් ක්‍රිෂ්ණා (ගුජරාට් ටයිටන්ස්) - කෝටි 9.5 යි
ජේක් ෆ්‍රෙසර් (දිල්ලි කැපිටල්ස්) - කෝටි 9 යි 
ලයෑම් ලිවිංග්ස්ටන් (රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු) - කෝටි 8.75 යි
හර්ෂාල් පටේල් (සන්රයිසස් හයිද්‍රාබාද්) - කෝටි 8 යි
ඩේවිඩ් මිලර් (ලක්නව් සුපර් ජයන්ට්ස්) - කෝටි 7.5 යි
ඇන්රික් නොකියා (කොල්කටා නයිට්රයිඩර්ස්) - කෝටි 6.5 යි 
හැරී බෘක් (දිල්ලි කැපිටල්ස්) - කෝටි 6.25 යි 
ඩෙවෝන් කොන්වේ (චෙන්නායි සුපර් කිංග්ස්) - කෝටි 6.25 යි
වනිඳු හසරංග (රාජස්ථාන් රෝයල්ස්) - කෝටි 5.25 යි 
කලීල් අහමඩ් (චෙන්නායි සුපර් කිංග්ස්) - කෝටි 4.8 යි 
මහීෂ් තීක්ෂණ (රාජස්ථාන් රෝයල්ස්) - කෝටි 4.4 යි
ග්ලේන් මැක්ස්වෙල් (පන්ජාබ් කිංග්ස්) - කෝටි 4.2 යි
රචින් රවින්ද්‍ර (චෙන්නායි සුපර් කිංග්ස්) - කෝටි 4 යි 
රාහුල් තිපාති (චෙන්නායි සුපර් කිංග්ස්) - කෝටි 3.4 යි 
මිචෙල් මාෂ් (ලක්නව් සුපර් ජයන්ට්ස්) - කෝටි 3.4 යි 
ක්වින්ටින් ඩි’කොක් (කොල්කටා නයිට්රයිඩර්ස්) - කෝටි 3.6 යි
රාහුල් චාහර් (සන්රයිසස් හයිද්‍රාබාද්) - කෝටි 3.2 යි
ඒඩ්න් මාක්‍රම් (ලක්නව් සුපර් ජයන්ට්ස්) - කෝටි 2 යි 
රහ්මනුල්ලා ගුර්බාස් (කොල්කටා නයිට්රයිඩර්ස්) - කෝටි 2 යි

 

අලෙවි නොවූ ක්‍රීඩකයන් 
දෙව්දූත් පඩික්කල් 
ඩේවිඩ් වෝනර් 
ජොනී බෙයාස්ටෝ
වකාර් සලම්කිල් 

 

ශ්‍රෙයාස් අයියර්


අදහස් (0)

රිෂාබ් පාන්ට් කෝටි 93 කට විකිණෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.