Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රුමේෂ් තරංග පරිසාධන මට්ටම ඉක්මවයි

රුමේෂ් තරංග පරිසාධන මට්ටම ඉක්මවයි

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය වෙනුවෙන් පැවැති තේරීම් තරගාවලියේදී කවපෙත්ත විසි කිරීම (පිරිමි) ඉසව්වට ඉදිරිපත් වූ රුමේෂ් තරංග නියමිත පරිසාධන ඉක්මවා දස්කම් දක්වා තිබේ. ආසියානු යොවුන් තේරීම් තරගාවලියේ පරිසාදන මට්ටමට පැමිණි එකම ක්‍රීඩකයා වූ බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ තරංග මීටර 51.90 ක දුරක් කවපෙත්ත විසිකිරීමට සමත් විය.

මෙම තේරීම් තරගාවලිය පසුගිය සෙනසුරාදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. කෙසේ වෙතත් පරිසාදන මට්ටමට ආසන්න වෙමින් දස්කම් දැක්වීමට තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ හත්දෙනෙක් සමත්වූහ.  

ඒ අනුව ලබන මාර්තු 15 වැනිදා සිට 17 වැනිදා දක්වා හොං කොංහිදී පැවැත්වෙන ආසියානු යොවුන් (වයස 18 න් පහළ) මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ආසන්න වශයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හත්දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමක් නිර්දේශ කිරීමට අවස්ථාව තිබෙන බව ජාතික මලල ක්‍රීඩා තේරීම් කමිටුවේ සාමාජික සමන් කුමාර ගුණවර්ධන මහතා පැවැසුවේය. ඒ සඳහා මිශ්‍ර සහාය දිවීමේ පිරිමි කණ්ඩායමක් ඉදිරිපත් කිරීම කෙරෙහි ද ශ්‍රී ලංකාව අවධානය යොමු වී තිබේ. මිශ්‍ර සහාය දිවීමේ ඉසව්ව මීටර 100, මීටර 200, මීටර 300 හා මීටර 400 යන දුර ප්‍රමාණ වලින් සමන්විත වේ.

ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරග සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙස ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමයේ ලේකම් නෙවිල් රුද්‍රිගු මහතා දැනටමත් නම් කර තිබේ.

සුගතදාස පිටියේදී පැවැති යොවුන් තේරීම් තරගාවලියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් පිළිබඳව අදහස් දැක්වූ සමන් කුමාර ගුණවර්ධන මහතා ජනවාරි මාසය එහි වසරේ මුල් කාලයේදී පැවැති තේරීම් තරගාවලියකදී පැවැති ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා සාමාන්‍ය අගයක පවතින බව පැවැසීය.


පරිසාදන මට්ටමට ආසන්න දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ

■    මීටර 100 (පිරිමි) - ෂෙමාල් මලින්ද පෙරේරා (හලාවත ශාන්ත මේරි විදුහල - තත්ත්පර 10.95)
■    මීටර 400 (පිරිමි) - කවිෂ්ක සන්දීෂ් (මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල - තත්ත්පර 49.15)
■    දුර පැනීම (පිරිමි) - රොජේන් දුමින් (හලාවත ශාන්ත මේරි විදුහල - මීටර 2.00)
■    මීටර 100 (කාන්තා) - සදීපා හෙන්ඩර්සන් (ගේට්වේ ජාත්‍යන්තර පාසල - තත්ත්පර 12.26)
■    මීටර 200 (කාන්තා) - ෂානිකා ලක්ෂානි (ගම්පහ සිරිකුරුස විදුහල - විනාඩි 2 තත්පර 02.87)
■    මීටර 400 (කඩුලු) - එච්.ඒ.පී. හෙට්ටිආරච්චි (මහනුවර විහාර මහාදේවි බලිකා විදුහල - විනාඩි 1 තත්ත්පර 02.45)
■    උස පැනීම (කාන්තා) - පී.පී.අයි.එන්. පල්ලේගම (ඉබ්බාගමුව මැදි විදුහල - මීටර 1.62)

 

ඡායාරූප - විකුම් ප්‍රියදර්ශන


අදහස් (0)

රුමේෂ් තරංග පරිසාධන මට්ටම ඉක්මවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.