Last Update  :  2024-12-27 12:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රෙහාන්ගෙන් ශතකයක්

රෙහාන්ගෙන් ශතකයක්

editorial - 2024 දෙසැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා වයස 17 න් පහළ කණ්ඩායම සහ බංග්ලාදේශ වයස 17 න් පහළ කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි තෙදින තරගයේ පළමු දිනය වූ අද (6 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 286 ක් ලබා සිටියේය. 

එහිදී විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ රෙහාන් පීරිස් හයේ පහර 2 ක් සහ හතරේ පහර 18 ක් සමග නොදැවී ලකුණු 139 ක් රැස්කරමින් පළමු දිනය නිමාවට පත්වන විට කඩුල්ලේ රැදී සිටියේය. අර්ධ ශතකය පෙනි පෙනී දැවී ගිය නවෝද්‍ය සමරසිංහගේ (48) ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 5 කින් සමන්විත විය. 

දෙවැනි කඩුල්ල වෙනුවෙන් නවෝද්‍ය සමග එක්ව ලකුණු 89 ක සම්බන්ධතාවක් ගොඩනැගූ රෙහාන්, ඉන් නොනැවතී සෙනුජ වෙකුනගොඩ (30) සමග එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 51 ක්ද, ජොෂුවා සෙබස්තියන් (17) සමග එක්ව පස්වැනි කඩුල්ලට ලකුණු 52 ක්ද එක් කරමින් ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගුවේය. 


ශ්‍රී ලංකා 17 න් පහළ පිල - පලමු ඉනිම කඩුලු 7 කට 286 
(රෙහාන් පීරිස් නොදැවී 139, නවෝද්‍ය සමරසිංහ 48, සෙනුජ වෙකුනගොඩ 30, කිත්ම විදානපතිරණ 28, ජොෂුවා සෙබස්තියන් 17, හසනුල්ලා හක් 47/3, අබ්දුර් රහීම් 42/2) 


අදහස් (0)

රෙහාන්ගෙන් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.