Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රේසිං ඉසව්වේ ජය බස්නාහිරට

රේසිං ඉසව්වේ ජය බස්නාහිරට

සංජය එරමුදුගොඩ - 2018 මැයි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමෙන්තුව එක්ව සංවිධානය කරන 44 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ රේසිං පාපැදි ඉසව්වේ පිරිමි සහ කාන්තා කණ්ඩායම් ශූරතා ද්විත්වයම දිනාගැනීමට බස්නාහිර පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. එම කාණ්ඩ දෙකේම කණ්ඩායම් අනු ශූරතා හිමිකර ගැනීමට වයඹ පළාත සමත් වූ අතර පිරිමි කාණ්ඩයේ තෙවැනි ස්ථානය දකුණු පළාතටද, කාන්තා කාණ්ඩයේ තෙවැනි ස්ථානය උතුරු මැද පළාතටද හිමිවිය.

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ මෙහෙයවීම යටතේ පැවැති මෙම රේසිං පාපැදි ඉසව්ව පිරිමි සහ කාන්තා ලෙස තරග දෙකකින් සමත්විත වූ අතර පිරිමි තරගය සඳහා ක්‍රීඩකයෝ 57 දෙනෙක්ද, කාන්තා තරගය සඳහා ක්‍රීඩිකාවෝ 21 දෙනෙක්ද සහභාගි වූහ.

පිරිමි  තරගයේ ජයග්‍රාහකයින්

පිරිමි තරගයේ කණ්ඩායම් ශූරතාව බස්නාහිර පළාතට හිමි වුවද, එහි පළමු ස්ථාන තුන අතරට පැමිණීමට බස්නාහිර පළාතේ ක්‍රීඩකයෝ අපොහොසත් වූහ. පැය 3 යි, විනාඩි 14 යි තත්පර 07 ක කාලයකින් තරගය නිමා කළ වයඹ පළාතේ දර්ශන ප්‍රසාද් එහි ජයග්‍රාහකයා බවට පත්විය. දකුණු පළාතේ එල්.ඩී. නයනප්‍රිය (පැය 3:15:55) සහ උතුරු මැද පළාතේ පැතුම් සම්පත් (පැය 3:16:40) පිළිවෙලින් පිරිමි තරගය අවසන් ක්‍රීඩකයන් 36 දෙනා අතර දෙවැනි සහ තෙවැනි හිමිකරගත්හ.

පිරිමි තරගය ස්ප්‍රින්ට් අදියර දෙකකින් සමන්විත වූ අතර වයඹ පළාතේ මධුෂංක ප්‍රනාන්දු සහ උතුරු මැද පළාතේ පැතුම් සම්පත් පිළිවෙලින් එම අදියර දෙකේ ජයග්‍රාහකයන් බවට පත්වූහ. ඉකුත් වසරේ (2017) පැවැති ජාතික මහ ක්‍රීඩා උළෙලේ රේසිං පාපැදි (පිරිමි) තරගය ජයගත් බස්නාහිර පළාතේ සංජු දීමන්ත මෙවර තරගයේ 11 වැනි ස්ථානයට පත්වූ අතර අවසන් වටර පැවැති ටී-කප් ජාතන්තර පාපැදි තරගයේදී දක්ෂතම දේශීය ක්‍රීඩකයා බවට පත්වූ විරාන් රමේෂ්ට මෙම තරගය අවසන් කිරීමට නොහැකි විය.

 කාන්තා කණ්ඩායම් ශූරතාව බස්නාහිර පළාතට දිනාදීමට පුරෝගාමී වූ පංචාලි සුලෝචනා එම තරගය ජයගත්තේ පැය 1 යි, විනාඩි 39 යි තත්පර 42 ක කාලයක් වාර්තා කරමිනි. ඇය සමගම තරගය නිමා කළ නැගෙනහිර පළාතේ මනෝමි කුමාරි එහි දෙවැනි ස්ථානය හිමිකර ගත්තාය. මුල් 10 දෙනා අතර තරගය නිමා කළ සෙසු ක්‍රීඩිකාවෝ 8 දෙනාම එක පොකුරේ පැමිණියහ. ඔවුන් අතර ඉදිරියෙන්ම පැමිණි වයඹ පළාතේ දිනේෂා දිල්රුක්ෂි (පැය 1:45:02) කාන්තා තරගයේ තෙවැනි ස්ථානයට පත් වූවාය. කාන්තා තරගයට අන්තර්ගත වූ එකම ස්ප්‍රින්ට් අදියරේ ජයග්‍රහණය කරනු ලැබුවේ පංචාලි සුලෝචනා විසිනි.

පිරිමි තරග පුත්තලම නගරයේ සිට වාරියපොල නගරය දක්වා ගොස් නැවත පුත්තලම නගරයට පැමිණීමෙන් අවසන් වූ අතර එහි මුලු දුර ප්‍රමාණය කිලෝ මීටර් 129 ක් විය. කිලෝ මීටර් 52 ක දුර ප්‍රමණයකින් සමන්විත වූ කාන්තා තරග පුත්තලම නගරයේ සිට ආනමඩුව නගරය දක්වා ගොස් නැවත පුත්තලම නගරයට පැමිණීමෙන් අවසන් විය.

කාන්තා තරගයේ ජයග්‍රාහකයින්


පිරිමි තරග ප්‍රතිඵල

1 දර්ෂන ප්‍රසාද් (වයඹ) - පැය 3:14:07
2 එල්.ඩී. නයනප්‍රිය (දකුණ) - පැය 3:15:55
3 පැතුම් සම්පත් (උතුරු මැද) - පැය 3:16:40
4 සජිත් හසන්ත (බස්නාහිර) - පැය 3:17:48
5 මධුෂාන් ද සිල්වා (බස්නාහිර) - පැය 3:17:55
6 බුද්දික වර්ණකුළසූරිය (වයඹ) - පැය 3:17:55
7 ජීවන් ජයසිංහ (බස්නාහිර) - පැය 3:18:05
8 සුපුන් ප්‍රදීප් කුමාර (ඌව) - පැය 3:18:05
9 පී.බී. ප්‍රේමරත්න (උතුරු මැද) - පැය 3:20:26
10 පසිදු ලක්ෂාන් (බස්නාහිර) - පැය 3:21:12
11 සංජු දීමන්ත (බස්නාහිර) - පැය 3:21:17


කාන්තා තරග ප්‍රතිඵල

1 පංචාලි සුලෝචනා (බස්නාහිර) - පැය 1:39:42
2 මනෝමි කුමාරි (නැගෙනහිර) - පැය 1:39:42
3 දිනේෂා දිල්රුක්ෂි (වයඹ) - පැය 1:45:02
4 ශාලිකා දිල්හානි (බස්නාහිර) - පැය 1:45:02
5 සුධාරිකා ප්‍රියරදර්ශනී (වයඹ) - පැය 1:45:02
6 නිලූකා ශ්‍යාමලී (බස්නාහිර) - පැය 1:45:02
7 නිරෝෂනී පෙරේරා (වයඹ) - පැය 1:45:02
8 මධුෂානි රණසිංහ (උතුරු මැද) - පැය 1:45:02
9 ඩබ්ලිව්.ආර්.එම්. ප්‍රනාන්දු (වයඹ) - පැය 1:45:02
10 සන්ධ්‍යා කුමාරි (බස්නාහිර) - පැය 1:45:02

 

 
 

අදහස් (0)

රේසිං ඉසව්වේ ජය බස්නාහිරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.