Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සංගමය සංවිධානය කරන 10 වැනි ‘රොදර්හැම්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය මේ මස 15 වැනිදා පෙරවරු 8.30 සිට කළුතර, කටුකුරුන්ද ගුවන් හමුදා ධාවන පථයේදී පැවැත්වේ.
මෙම තරගාවලිය මේ වසරේ (2017) සියැට් - ස්ලාඩා ශූරතාවලියේ අවසන් තරගාවලිය වන අතර මෝටර් රථ තරග 10 ක් සහ යතුරුපැදි තරග 5 ක් සමගින් එහිදී පැවැත්වීමට නියමිත ඉසව් ගණන 15 කි. මෙවර තරගාවලිය සඳහා මෝටර් රථ රියැදුරෝ 140 ක් සහ යතුරුපැදි කරුවෝ 90 ක් ලියාපදිංචි වී සිටිති.
මෙවර රොදර්හැම් තරගාවලියේ විශේෂත්වය වන්නේ දක්ෂතම මෝටර් රථ රියැදුරා තෝරාගැනීම සඳහා වට 22 කින් සමන්විත ගෝන් ප්‍රී මෝටර් රථ තරගයක්ද, දක්ෂතම යතුරුපැදිකරුවා තෝරාගැනීම සඳහා වට 22 කින් සමන්විත මෝටර් ජී.පී. යතුරුපැදි තරගයක්ද පැවැත්වීමයි.
ගෝන් ප්‍රී මෝටර් රථ තරගය සඳහා එල්. ජී. ටී. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 3500 දක්වා) මෝටර් රථ රියැදුරන් තරග වදින අතර මෝටර් ජී.පී. යතුරුපැදි තරගය සඳහා එම්. කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සිලින්ඩර ධාරිතාව 1000 දක්වා) යතුරුපැදිකරුවෝ තරග වදිති.
දිවයිනේ ප්‍රධාන පෙලේ මෝටර් රථ රියැදුරන් වන අශාන් සිල්වා, පසිඳු පීරිස්, අරවින්ද ප්‍රේමදාස, උෂාන් පෙරේරා, සජාඞ් සුහේර් සහ දිනේෂ් ජයවර්ධන ඇතුළු තරගකරුවන් 20 ක් ගෝන් ප්‍රී තරගය සඳහා සහභාගි නියමිත අතර දිවයිනේ ප්‍රධාන පෙලේ යතුරුපැදිකරුවන් වන ශොයෙල් ඩැනියෙල්, ප්‍රමුඛ සේසත්, මධුරංග කල්දේරා, ශ්‍රියාන් සැමුවෙල්, ලතික ශාමල් සහ ශ්‍රියන්ත අනුරාධ ඇතුළු තරගකරුවන් 17 ක් මෝටර් ජී.පී. තරගය සඳහා සහභාගි නියමිතය.
එම ඉසව් දෙක හැරුණු කොට මෙවර තරගාවලියේදී වැඩිම තරගකරුවන් පිරිසක් සහභාගි වන මෝටර් රථ ඉසව්ව වන්නේ එස්. එල්. එන්. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 1500 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ ඉසව්වයි. එම ඉසව්ව සඳහා ලියාපදිංචි වී සිටින තරගයකරුවන් සංඛ්‍යාව 22 කි. වැඩිම තරගකරුවන් සංඛ්‍යාවක් සහභාගි වන යතුරුපැදි ඉසව්ව ලෙස එස්. එම්. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 450 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි ඉසව්ව හැඳින්විය හැකි අතර ක්‍රීඩකයන් 12 දෙනෙක් එම ඉසව්ව සඳහා ලියාපදිංචි වී සිටිති.
තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස සියැට් සමාගම කටයුතු කරන අතර ගෝන් ප්‍රී මෝටර් රථ තරගයේ අනුග්‍රාහකයා ලෙස එඞ්වඞ් සහ ක්‍රිස්ටි සමාගමද, මෝටර් ජී.පී. යතුරුපැදි තරගයේ අනුග්‍රාහකයා ලෙස ඩිමාර්ක් සමාගමද කටයුතු කරයි.
දෙවැනි ලෝක යුද්ධ සමයේ කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේ ප්‍රථම අණදෙන නිලධාරී ලෙස ක්‍රියා කළ කපිතාන් හැන්ක් රොදර්හැම් මහතා අනුස්මරණය කිරීම පිණිස 2007 වසරේදී මෙම තරගාවලිය ආරම්භ කර තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.