Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රොන්කි - මැක්ලෙනගන් ලෝක පිලට

රොන්කි - මැක්ලෙනගන් ලෝක පිලට

සංජය එරමුදුගොඩ - 2018 මැයි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව මේ මස 31 වැනිදා පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගය සඳහා නම් කරන ලද ලෝක කණ්ඩායමට නවසීලන්ත ක්‍රීඩකයන් වන ලුක් රොන්කි සහ මිචෙල් මැක්ලෙනගන් කැදවා සිටිති.

මේ දක්වා ලෝක කණ්ඩායමට ඇතුළත්ව සිටියේ ක්‍රීඩකයන් 9 දෙනෙක් පමණක් වූ අතර රොන්කිගේ සහ මැක්ලෙනගන්ගේ එක්වීමත් සමග ලෝක කණ්ඩායම සම්පූර්ණ වී තිබේ.

නවසීලන්තය වෙනුවෙන් විස්සයි20 ජාත්‍යන්තර තරග 32 කට සහභාගි වූ කඩුලු රකින පිතිකරු ලුක් රොන්කි එහිදී අර්ධ ශතකයක් සමග ලකුණු 359 ක් රැස්කරගෙන සිටින අතර විස්සයි20 තරග 28 කට සහභාගි වූ වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් මැක්ලෙනගන් එහිදී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 30 කි.

එංගලන්ත ක්‍රීඩක ඔයින් මෝගන් ලෝක කණ්ඩායමේ නායකත්වය දරණ අතර මෝගන්, රොන්කි සහ මැක්ලෙනගන් හැරුණු කොට ලෝක කණ්ඩායමට ඇතුළත්ව සිටින සෙසු ක්‍රීඩකයන් 8 දෙනාම ආසියාතික ක්‍රීඩකයෝ වෙති. තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ලෝක කණ්ඩායමට ඇතුළත්ව සිටින එකම ශ්‍රී ලංකා ක්‍රීඩකයා වේ.

ඉර්මා සහ මරියා කුණාටු නිසා විනාශයට පත් වූ කොදෙව් දූපත්හි ප්‍රධාන පෙළේ ක්‍රිකට් ක්‍රීඩාංගණ නැවතත් යථා තත්වයට පත් කිරීම සඳහා මුදල් සොයා ගැනීමේ අරමුණින් මෙම විස්සයි20 ක්‍රිකට් තරගය සංවිධානය කර තිබේ.

 
ලෝක කණ්ඩායම
ඔයින් මෝගන් (නායක), දිනේෂ් කාර්තික්, මිචෙල් මැක්ලෙනගන්, හර්දික් පාණ්ඩ්‍යා, තිසර පෙරේරා, රෂීඞ් ඛාන්, ලුක් රොන්කි, සහීඞ් අෆ්රිඩි, ෂොයිබ් මලික්, සකීබ් අල් හසන් සහ ටමීම් ඉක්බාල්  


- 036

 


අදහස් (0)

රොන්කි - මැක්ලෙනගන් ලෝක පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.