Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රොෂාන්ගේ ගැසට්ටුව අහෝසි කෙරේ

රොෂාන්ගේ ගැසට්ටුව අහෝසි කෙරේ

editorial - 2024 ජන මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා කරාටේ දෝ සම්මේලනය හා ශ්‍රී ලංකා මෝටර් රථ (ඔටෝමොබයිල්) සංගමය වෙනුවට මෙතෙක් ක්‍රියාත්මක වූ අතුරු කමිටු අවලංගු කරමින් ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 

ඒ සම්බන්ධයෙන් එහි වැඩිදුරටත් දැක්වෙන්නේ එකී ජාතික ක්‍රීඩා සංගම් දෙකේ නිලවරණ යළි පවත්වා අවසන් කරන තෙක් අතුරු කමිටු බලගැන්වීමට පෙර ක්‍රියාත්මක වූ නිලධාරි මණ්ඩල වෙත එහි කටයුතු යළි පවත්වාගෙන යාමට බලය පැවරෙන බවයි. 

ක්‍රීඩා ඇමැති ධුරයේ රොෂාන් රණසිංහ මහතා කටයුතු කරමින් සිටියදී මෙම අතුරු කමිටු බලගැන්වීමට නියෝග ලබා දෙන ලදී. ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ෂේමාල් ප්‍රනාන්දු මහතා පවසන්නේ ඇමැතිවරයාගේ එම ගැසට් නිවේදනයත් සමග මෙතෙක් ක්‍රියාත්මක වෙමින් තිබූ සියලු අතුරු කමිටු අහෝසි වන බවයි. දැනට ක්‍රියාකාරීත්වය අහෝසි වී තිබෙන ජාතික ක්‍රීඩා සංගම් පහක නිලවරණ පෙබරවාරි මාසයට පෙර පවත්වා අවසන් කරන ලෙසත් මේ වනවිට ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා එහි හිටපු ප්‍රධානීන්ට උපදෙස් ලබාදී තිබේ. 


අදහස් (0)

රොෂාන්ගේ ගැසට්ටුව අහෝසි කෙරේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.