Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර නවසීලන්තයේ හැමිල්ටන් නුවර සෙඩොන් උද්‍යාන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය වූ අද (13 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි දකුණු අප්‍රිකාව කඩුලු 6 ක් දැවී ලකුණු 220 ක් ලබා සිටියේය.
පළමු දිනය අවසානයේ රෝන් ඩි’ ස්වාර්ඩ්ට් හතරේ පහර 9 ක් සමග ලකුණු 55 ක්ද, ෂෝන් වොන් බෙර්ග් හතරේ පහර 6 ක් සමග ලකුණු 34 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. ඒ වන විට ඔවුන් දෙදෙනා එක්ව දකුණු අප්‍රිකානු ඉනිමේ 7 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ නොබිඳුණු සම්බන්ධතාව ලකුණු 70 කි.
රේනාඩ් වැන් ටොන්ඩර් හතරේ පහර 3 ක් සමග ලකුණු 32 ක්ද, ඩේවිඩ් බෙඩිංහැම් හතරේ පහර 7 ක් සමග ලකුණු 39 ක්ද ලබා සිටියදී දැවී යෑමෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායම මහත් අසීරු තාවකට ඇද වැටිණ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ රචින් රවින්ද්‍ර ලකුණු 33 කට කඩුලු 3 ක් බිඳහෙළුවේය.
දකුණු අප්‍රිකානු පළමු ඉනිම - කඩුලු 6 ක් දැවී 220
(නීල් බ්‍රෑන්ඩ් 25, රේනාඩ් වැනඬ් ටොන්ඩර් 32, සුබේර් හම්සා 20, ඩේවිඩ් බෙඩිංහැම් 39, රෝන් ඩි’ ස්වාර්ඩ්ට් නොදැවී 55, ෂෝන් වොන් බෙර්ග් නොදැවී 34, රචින් රවින්ද්‍ර 33/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.