Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රියැදුරුගේ කිරුළ සීගිරිය මුදුනේ

රියැදුරුගේ කිරුළ සීගිරිය මුදුනේ

සංජය එරමුදුගොඩ - 2016 ජුනි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


‘සීගිරිය රැළි ක්‍රොස්’ මෝටර් රථ හා යතුරුපැදි තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස පිට පිට තෙවරක් සම්මාන දිනා සිටින අශාන් සිල්වා මෙවර තරගාවලියට සහභාගී නොවන බැවින් මෙවර තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරුගේ කිරුළ සෙසු කී‍්‍රඩකයන් නිදහස්ව පවතී.

ඒ අනුව මෙවර ‘සීගිරිය රැළි ක්‍රොස්’ තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා බවට පත්වීම සඳහා තරග වදින කී‍්‍රඩකයන් අතර උෂාන් පෙරේරා සහ පසිඳු පීරීස් ඉදියෙන්ම සිටිති.

 
උෂාන් පෙරේරා.....                           (ඡායාරූපය- ශානුක අරවින්ද)

සියැට් - ස්ලාඩා ශූරතාවලියේ පළමු අදියර වූ කටුකරුන්ද රොදර්හැම් තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස සම්මාන දිනාගැනීමට උෂාන් පෙරේරා සමත් වීම සහ දෙවැනි අදියර වූ ‘නරියා කන්ද සුපර් ක්‍රොස්’ තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස සම්මාන දිනාගැනීමට පසිඳු පීරීස් සමත් වීම ඊට ප‍්‍රධානතම හේතු ලෙස දැක්විය හැකිය.

කටුකරුන්ද රොදර්හැම් තරගාවලියේදී පළමු ස්ථාන දෙකක් දිනාගනිමින් උෂාන් පෙරේරා දක්ෂතම මෝටර් රථ රියැදුරා බවට පත් වෙද්දී, පසිඳු පීරිස්ට දෙවැනි ස්ථානයකින් සහ තෙවැනි ස්ථානයකින් සෑහීමකට පත්වීමට සිදුවිය. ‘නරියා කන්ද සුපර් ක්‍රොස්’ තරගාවලියේ පළමු ස්ථාන දෙකක් දිනාගනිමින් පසිඳු පීරිස් දක්ෂතම මෝටර් රථ රියැදුරා බවට පත් වෙද්දී, උෂාන් පෙරේරාට ලබාගත හැකිවූයේ දෙවැනි ස්ථානයක් සහ සිව්වැනි ස්ථානයක් පමණි.

එම නිසා සියැට් - ස්ලාඩා ශූරතාවලියේ තෙවැනි අදියර වන සීගිරිය රැළි ක්‍රොස් තරගාවලියේදී මෙම කී‍්‍රඩකයන් දෙදෙනා අතර ඉතා තියුණු තරගයක් දැකගැනීමට අවස්ථාව උදාවනු ඇති අතර ඔවුන් දෙදෙනාටම තම ප‍්‍රසාද ලකුණු මට්මම් ඉහළ දමා ගැනීම සඳහාද මෙය ඉතා තීරණාත්මක තරගාවලියක් වනු ඇත. මේ වන විට පසිඳු පීරිස් ලකුණු 34 ක් ලබා ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන අතර ඔහුට වඩා එක් ලකුණුක් පසුපසින් සිටන උෂාන් පෙරේරා (ලකුණු 33) එහි දෙවැනි ස්ථානයේ රැදී සිටියි.

 
අරවින්ද ප්‍රේමදාස..... 
                       (ඡායාරූපය - ශානුකඅරවින්ද)

මින්නේරියේ ගනර්ස් ධාවන පථයේදී පසුගිය වසරේදී දක්‍ෂතම රියැදරා වීමෙන් පසුව වැඩියමක් කළ නොහැකි වූ ප‍්‍රවීන කී‍්‍රඩක අරවින්ද පේ‍්‍රමදාසගෙන් එල්ල වන අභියෝගයද සුලූ පටු කොට තැකිය නොහැකිය. ජනක ඩයස්, ඉෂ්රාක් වහබ්, ඩිලාන් සෙනෙවිරත්න සහ මිස්සක නවීන් වැනි කී‍්‍රඩකයෝද දක්ෂතම මෝටර් රථ රියැදුරා කිරුළ ඩැහැගැනීම සඳහා ඔවුන්ට ලැබෙන අවස්ථාවන්ගෙන් ප‍්‍රයෝජන ගැනීමට මාන බලමින් සිටිති.

සියැට් - ස්ලාඩා ශූරතාව සඳහා වන එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සිලින්ඩර් ධාරිතාව 3500 දක්වා) තරග 2 ද සමගින් මෝටර් රථ ඉසව් 12 ක් මෙවර තරගාවලියට ඇතුළත් වන අතර එහිදී තරගකරුවෝ 78 දෙනෙක් තරග බිමට පිවිසීමට සූදානමින් සිටිති.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා රියදුරන්ගේ සංගමය (ස්ලාඩා) එක්ව 8 වැනි වරටත් මෙම තරගාවලිය සංවිධානය කරන මෙම තරගාවලිය එළඹෙන 5 වැනිදා පෙරවරු 9.00 සිට සීගිරිය ගුවන් හමුදා ධාවන පථයේදී පැවැත්වේ.

 


අදහස් (0)

රියැදුරුගේ කිරුළ සීගිරිය මුදුනේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.