Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සුරංග ලක්මාල්ගේ (75/5) විශිෂ්ට පන්දු යැවීම හමුවේ බ්‍රිස්බේන්හිදි පැවැත්වෙන පළමු දිවා-රාත්‍රී ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (25 වැනිදා) ඕස්ට්‍රේලියානු පළමු ඉනිම ලකුණු 323 කට සීමාකිරීමට සමත්විය. ඒ අනුව ශ්‍රී ලංකාව පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 179 ක් ඉදිරියෙන් සිටීමට ඕස්ට්‍රේලියාව සමත්විය.
දිවා ආහාරයට තරගය නතර කරනවට කඩුලු 5 කට ලකුණු 249 ක් රැස්කරමින් ඉහළ ස්ථානයක සිටි ඕස්ට්‍රේලියානුවන්ගේ ඉතිරි කඩුලු 5 ලකුණු 74 ක් තුළ දවාගැනීමට සුරංග ලක්මාල් ප්රමුඛ පන්දු යවන්නෝ සමත්වූහ.
දිවා ආහාරයෙන් පසුව පන්දුව අතටගත් සුරංග ලක්මාල් පිට පිට පන්දු 2 කදී ට්‍රැවිස් හෙඞ් සහ නායක ටිම් පේන් දවාගැනීමත් සමගින් ඕස්ට්‍රේලියානු පසුපෙළ පිතිකරුවන් මෙල්ල කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකිවූහ. තමන් මුහුණදුන් පළමු පන්දුවෙන්ම කුසල් මෙන්ඩිස්ට ලබාදුන් උඩපන්දුව දක්ෂ ලෙස රැකගැනීමත් සමගින් ටිම් පේන්ට ලකුණු නොලබාම පිටියෙන් ඉවත්වීමට සිදුවිය.
මානස් ලබුස්චේන් සහ ට්‍රැවිස් හෙඞ් අර්ධ ශතක ලබාගනිමින් ඕස්ට්‍රේලියානු ඉනිම ගොඩනැගීමට සමත්වුවද ඔවුන්ගේ මංගල ටෙස්ට් ශතකය කරා යෑමට අවස්ථාවක් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් හිමි නොවූහ.
හත්වැනි ටෙස්ට් තරගයට සහභාගිවන ට්‍රැවිස් හෙඞ් සිවුවැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කිරීමට සමත්වූ අතර ඉනිමකදී රැස්කළ ඉහළම ලකුණූ සංඛ්‍යාව පසුකිරීමටද ඔහු සමත්විය. ලකුණු 84 ක් ලබාසිටියදී සුරංග ලක්මාල්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ට්‍රැවිස් හෙඞ් දැවී ගියේය. ප්‍රධාන විනිසුරු විසින් දැවීයාමක් ලෙස සංඥා කිරීමෙන් අනතුරුව විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය වෙත යොමුවීම ට්‍රැවිස් හෙඞ් තීරණය කළේය. තෙවැනි විනිසුරුවරු පුණරූපණ නැරඹීමේදී පන්දුව යම්තමින් කඩුල්ලේ වැදී යන ආකාරයක් දිස්වූ අතර ප්‍රධාන විනිසුරු විසින් දැවීයාමක් ලෙස සංඥා කිරීම හේතුවෙන් ට්‍රැවිස් හෙඞ්ට පිටියෙන් ඉවත්වීමට සිදුවිය. නමුත් විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය ඉල්ලා සිටීමේ අවස්ථාව ඕස්ටේ්රලියානුවන්ට අහිමි නොවීය.
ලකුණු 82 කට කඩුලු 4 ක් දැවී තිබියදී පස්වැනි කඩුල්ල සඳහා එක්වූ මානස් ලබුස්චේන් සහ ට්‍රැවිස් හෙඞ් ලකුණු 166 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් ඕස්ට්‍රේලියානු ඉනිම ගොඩනැගීමට සමත්වූහ.
සිවුවැනි ටෙස්ට් තරගයට සහභාගිවන මානස් ලබුස්චේන් සිය මංගල ටෙස්ට් අර්ධ ශතකය රැස්කිරීමට සමත්වූ අතර ධනංජය ද සිල්වාගේ පන්දුවක් හමුවේ ළහිරු තිරිමාන්නට උඩපන්දුවක් දෙමින් පිටියෙන් ඉවත්වන විට ලකුණු 81 ක් රැස්කර සිටියේය. පන්දු 150 කට මුහුණදුන් ඔහුගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් විය.
අද දින යවන ලද පළමු ඕවරයේ අවසන් පන්දුවේදී මාකස් හැරිස් දවාගනිමින් තරගයේ වැඩි වාසී ශ්‍රී ලංකා පිලට ලබාදීමට ළහිරු කුමාර සමත්විය. ළහිරු තිරිමාන්න අතට උඩපන්දුවක් ලබාදෙමින් මාකස් හැරිස් දැවීයන විට ලකුණු 44 ක් රැස්කර සිටි අතර හතරේ පහර 6 ක් ඔහුගේ ඉනිමට ඇතුළත් විය.
තවත් ලකුණු 6 ක් ඕස්ට්‍රේලියානු පිලට එක්වන විට ඊයේ රාත්‍රි මුරකරු පිතිකරුවා ලෙස පිටියට පිවිසි නේතන් ලයන් පිටියෙන් ඉවත් කිරීමට සුරංග ලක්මාල් සමත්විය’ කුසල් මෙන්ඩිස් රැකගත් උඩපන්දුවත් සමගින් ලකුණක් ලබාසිටි ලයන් දැවී ගියේය.
දෙවැනි දිනට අද (25 වැනිදා) තරගය අවසන් කරනවිට දෙවැනි වරටද පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකාවට කඩුල්ලක් අහිමිකර ගනිමින් රැස්කිරීමට හැකිවූයේ ලකුණු 17 ක් පමණි. අද දින පැට් කමින්ස් යැවූ අවසන් පන්දුවේදී ටිම් පේන් අතට උඩපන්දුවක් දෙමින් දිමුත් කරුණාරත්න ලකුණු 3 කට දැවී ගියේය.
කඩුලු 9 ක් අතැති ශ්‍රී ලංකාවට ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා තවත් ලකුණු 162 ක් රැස්කළ යුතුව ඇත.
ඡායාරූපය - ඒ එෆ් පී ඇසුරෙනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.