Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රටවල් 10 ක සහභාගීත්වයෙන් මේ මස 28 වැනිදා සිට මැයි 2 වැනිදා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිත ‘ලයන්ස් කුසලාන’ ජාත්‍යන්තර බොක්සිං තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගී කරවීමට ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සම්මේලනය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ‘ඒ’ (ජාතික කණ්ඩායම) සහ ‘බී’ (සංවර්ධන කණ්ඩායම) ලෙස කණ්ඩායම් 2 ක් මෙම තරගාවලියට එක්වන අතර ‘ඒ’ කණ්ඩායමේ නායකත්වය ප‍්‍රවීන බොක්සිං කී‍්‍රඩක අනුරුද්ධ රත්නායකටත්, ‘බී’ කණ්ඩායමේ නායකත්වය නැගී එන යොවුන් කී‍්‍රඩක සුරේෂ් පට්ටිආරච්චිටත් හිමිවී තිබේ.
ජී. ඊ. මදුෂාන්, අනුරුද්ධ රත්නායක, මංජු වන්නිආරච්චි, පී. වී. සපරමාදු, එම්. දිල්ෂාන්, එස්. නවරත්න සහ පී. මදුරංග යන කී‍්‍රඩකයන්ගෙන් ‘ඒ’ කණ්ඩායම සමන්විත වන අතර අනූෂා කොඩිතුවක්කු, ඒ. කේ. හංසිකා සහ ශිරෝමා වීරරත්න යන කී‍්‍රඩිකාවෝද ඒ කණ්ඩායමට අයත් වෙති.
මලිත් ප‍්‍රභාෂ්වර, සුරේෂ් පට්ටිආරච්චි, ජී. එස්. ජයවීර, ආර්. එම්. ගුණතිලක, ඞී. විජේරත්න, ඒ. අයි. රාජපක්ෂ සහ එම්. ඒ. දිවාරත්න යන කී‍්‍රඩකයන්ගෙන් සහ කේ. එච්. ද සිල්වා, කේ. ජී. උදයංගනී සහ අයි. ඩබ්. ශෂිකලා යන කී‍්‍රඩිකාවන්ගෙන් ‘බී’ කණ්ඩායම සමන්විත වේ.
මෙම තරගාවලියට ආසියානු සහ යුරෝපා මහද්වීප නියෝජනය කරමින් චීන තායිපේ, බෙල්ජියම, ඉන්දුනීසියාව, දකුණු කොරියාව, මැලේසියාව, පිලිපීනය, සිංගප්පූරුව, තායිලන්තය යන රටවල් සහභාගී වන අතර ඕස්ටේ‍්‍රලියාවෙන්ද බොක්සිං කණ්ඩායමක් පැමිණේ. ඒ අතුරින් කොරියාව, පිලිපීනය සහ තායිලන්තය සෑම ඔලිම්පික් තරගාවලියකම රන් පදක්කමක් දිනාගෙන ඇති බැවින් මෙම තරගාවලියේදී එම රටවලින් අනිකුත් රටවල කී‍්‍රඩකයන්ට දැඩි අභියෝගයක් එල්ලවනු ඇති බව තරගාවලි කමිටු සභාපතිවරයා මෙන්ම ශී‍්‍ර ලංකා ආධුනික බොක්සිං සංගමයේ හිටපු සභාපති ඩයන් ගෝමස් මහතා පැවසීය.
මෙතෙක් කළක් ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සම්මේලනයට තනිවම මෙවන් තරගාවලියක් සංවිධානය කිරීමට තරම් ආර්ථික පසුබිමක් නොතිබුණ නමුත් මේ වසරේදී පෞද්ගලික අනුග‍්‍රහකයන් වෙතින් ලැබුණු මිලියන 14 සහ රජයෙන් ලැබුණු මිලියනයත් සමගින් රුපියල් මිලියන 15 ක පමණ පිරිවැයක් යොදා මෙම තරගාවලිය සංවිධානය කිරීමට ඔවුන්ට හැකිවීම සම්බන්ධයෙන් තමා සතුටුවන බවද ඩයන් ගෝමස් මහතා පැවසීය.
තරගාවලියේදී පිරිමි අංශය සඳහා ලයිට් ෆ්ලයිවේට් (කි. ග‍්‍රෑ. 49), ෆ්ලයිවේට් (කි. ග‍්‍රෑ. 52), බැන්ටම්වේට් (කි. ග‍්‍රෑ. 56), ලයිට්වේට් (කි. ග‍්‍රෑ. 60), ලයිට් වෙල්ටර්වේට් (කි. ග‍්‍රෑ. 64), වෙල්ටර්වේට් (කි. ග‍්‍රෑ. 69) සහ මිඞ්ල්වේට් (කි. ග‍්‍රෑ. 75) යන බර පංති 7 යටතේ තරග පැවැත්වෙන අතර කාන්තා අංශය සඳහා ෆ්ලයිවේට් (කි. ග‍්‍රෑ. 51), ලයිට්වේට් (කි. ග‍්‍රෑ. 60) සහ සහ මිඞ්ල්වේට් (කි. ග‍්‍රෑ. 75) යන බර පංති 3 යටතේ තරග පැවැත්වේ.
මෙහි මූලික තරග 17 ක් මේ මස 28 වැනිදා සවස 3 සිට පැවැත්වෙන අතර අර්ධ අවසන් පූර්ව තරග 29 වැනිදාත්, අවසන් පූර්ව තරග 30 වැනිදාත් පැවැත්වීමට නියමිතය. සෑම බර පංතියකම අවසන් මහ තරග මැයි 2 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා ඇත. තරගාවලිය පැවැත්වෙන දින 4 දීම නොමිලේ එය නැරඹීම සඳහා මහජනතාවට අවස්ථාව ලබාදීමටද ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සම්මේලනය කටයුතු යොදා තිබේ.
ඡායාරූපය - ශාන්ත රත්නායක
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.