Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකානු විවෘත ටෙනිස් ශූරතාවලියේ කාන්තා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට තවමත් 19 වැනි වියේ පසුවන කැනඩාවේ ලයිලා ෆර්නෑන්ඩස් සහ තවමත් 18 වැනි වියේ පසුවන බ්‍රිතාන්‍යයේ එමා රඩුකානු සමත්ව සිටිති. ඔවුන් දෙදෙනා අතර අවසන් මහ තරගය ලබන අද (11 වැනිදා) රාත්‍රියේ නිව්යෝක් නුවර ආතර් ඈෂ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.
ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි 73 වැනි ස්ථානයේ පසුවන ලයිලා මෙන්ම එහි 150 වැනි ස්ථානයේ පසුවන එමාද ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවක අවසන් මහ තරගයක් සඳහා සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙය වේ. මෙම වසරේ (2021) පැවැති විම්බල්ඩන් ශූරතාවලියේ සිවුවැනි වටය දක්වා පැමිණීම එමාගේ ඉහළම දක්ෂතාව වන අතර ඉකුත් වසරේ (2020) පැවැති ප්‍රංශ විවෘත ශූරතාවලියේ තෙවැනි වටය දක්වා පැමිණීම ලයිලාගේ ඉහළම දක්ෂතාව ලෙස සටහන් වේ.
අවසන් පූර්ව වටයේදී වට 2-0 ක් ලෙස (6/1 සහ 6/4) ග්‍රීසියේ මාරියා සකාරි පරාජය කරමින් එමා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තාය. ලයිලා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව වටයේදී වට 2-1 ක් ලෙස (7/6, 4/6 සහ 6/4) බෙලරුසයේ ඇරීනා සෙබලෙන්කා පරාජය කරමිනි. සෙබලෙන්කා ලෝක ශ්‍රේණිගත කිරීම්හි 2 වැනි ස්ථානයේ පසුවන අතර මාරියා එහි 17 වැනි ස්ථානයේ පසුවන්නීය.
වසර 44 කට පසුව ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවලියක අවසන් මහ තරගයක් සඳහා සුදුසුකම් ලබාගත් පළමු බ්‍රිතාන්‍ය ක්‍රීඩිකාව ලෙස එමා වාර්තා අතරට එක්වන අතර ඇයට පෙර ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවලියක අවසන් මහ තරගයකට සුදුසුකම් ලබා තිබූ බ්‍රිතාන්‍ය ක්‍රීඩිකාව වූයේ වර්ජිනියා වේඩ්ය. ඇය 1977 වසරේදී පැවැති විම්බල්ඩන් ශූරතාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තාය.
"නිව් යෝර්ක් නුවර ගත කරපු කාලය හරිම ඉක්මනට ගෙවිලා ගියා. ක්‍රීඩා කරපු හැම දවකම මගේ උපරිමය දෙන්න මම උත්සාහ කළා. දැන් සති තුනකට පසුව මම අවසන් මහ තරගයට ඇවිල්ලා තියෙනවා. ඒක තවමත් මට විශ්වාස කරන්න බැහැ" යැයි එමා කියා සිටියාය.
"මම මගේ මානසික ශක්තිය ගොඩනගා ගත්තේ පිටියේදී සහ පිටියෙන් පිටතදී ඉතාමත් මහන්සී වී වැඩ කරලා. කෙසේ හෝ අවසන් මහ තරගයට පැමිණෙන්න මට අවශ්‍ය වුණා. ඒ සඳහා මම හුඟක් කැපවුණා. සෑම ලකුණක් ලබාගැනීම සඳහාම මම හුඟක් සටන් කළා. යැයි ලයිලා පැවසුවාය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.