Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ලිමන්සා සැමෝවා පිල වනසයි
ලෝක කුසලාන පුහුණු තරග

ලිමන්සා සැමෝවා පිල වනසයි

editorial - 2025 ජන මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණතින් පා දඟ පන්දු යවන්නී ලිමන්සා තිලකරත්නගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ සැමෝවා කණ්ඩායම ලකුණු 38 කට දවාගත් ශ්‍රී ලංකා 19 න් පහළ ක්‍රීඩිකාවෝ මැලේසියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ පෙරහුරු තරගයකදී ලකුණු 76 ක දැවැන්ත ජයක් අත්කරගත්හ. 

ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ හිටපු නායකයකු වන තිලකරත්න ඩිල්ෂාන් මහතාගේ වැඩිමල් දියණිය වන ලිමන්සා තිලකරත්න, 19 න් පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලිය සඳහා ගිය ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්ව සිටින්නේ ශ්‍රී ලංකාවේ පාසලක් නියෝජනය කිරීමෙන් තොරවය. 

මැලේසියාවේ අගනුවර වන ක්වාලාලම්පූර් නුවරට ගිනිකොණ දෙසින් පිහිටි නෙගේරි සෙම්බිලාන් නුවරදී අද (15 වැනිදා) පැවැති පුහුණු තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායිකා මනුදි නානායක්කාර පළමුවෙන් ලකුණු රැස්කිරීම තෝරා ගත්තාය. එහෙත් ඕවර 20 නිමාවීමටත් මත්තෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු 114 කට දැවී ගියහ.
 
සැමෝවා පිලට ලැබුණේ පහසු ඉලක්කයක් වූවත් අන්තර්ජාතික පිටියේ අත්දැකීම් විරළ සැමෝවා බාලිකාවන් අමාරුවේ දැමූ චමුදි ප්‍රබෝධා (06/3) සහ ලිමන්සා තිලකරත්න (06/5) සැමෝවා කණ්ඩායම ලකුණු 38 කට සීමාකරමින් ශ්‍රී ලංකා 19 න් පහළ බාලිකා කණ්ඩායම ලකුණු 76 ක ජයක් කරා කැඳවාගෙන ගියහ. ලකුණු 06 ක් පමණක් තිළිණ කරමින් කඩුලු 5 ක් දවාගැනීම සඳහා ලිමන්සා යැවූයේ ඕවර 2.4 ක් (පන්දු 16 ක්) පමණි. 


ශ්‍රී ලංකා 19 න් පහළ බාලිකාවෝ - ඕවර 18.2 කදී  114
(සුමුදු නිසංසලා 23, මනුදි නානායක්කාර 13, රශිම්කා සෙව්වන්දි 10, අශේනි තලගුනේ 23, අවේටියා මාපු 23/2, ජේන් මනාසේ 23/3, සිලේපා පොලතායිවා 16/2)

සැමෝවා 19 න් පහළ බාලිකාවෝ - ඕවර 12.4 කදී 38 යි
(චමුදි ප්‍රබෝධා 06/3, අශේනි තලගුනේ 07/2, ලිමන්සා තිලකරත්න 06/5)


- 213


අදහස් (0)

ලිමන්සා සැමෝවා පිල වනසයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.