Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කළ 105 වැනි ජාතික ටෙනිස් ශූරතාවලියේ කනිෂ්ඨ ජාතික ශූරතාවලියේදී ලූකා නිස් පිරිමි ශූරතාව දිනාගත්තේය. සවිනි ජයසූරිය කනිෂ්ඨ ජාතික ශූරිය බවට පත්වූවාය.
තරගාවලියේ අවසන් මහ තරග ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී ඊයේ (26 වැනිදා) පැවැත්විණ. ලූකා පිට පිටම ජාතික කනිෂ්ඨ ශූරයා (2019, 2020) බවට පත්වූ දෙවැනි අවස්ථාව මෙය වන අතර සවිනි කනිෂ්ඨ ජාතික ශූරිය (2018, 2020) බවට පත්වූ දෙවැනි අවස්ථාවද මෙය විය.
බාලක අවසන් මහ තරගයේදී වට 2-1 ක් ලෙස (6/2, 5/7, 10/3) චාතූර්ය නිලවීර පරාජය කිරීමට ලූකා සමත් වූ අතර බාලිකා අවසන් මහ තරගයේදී වට 2-0 ක් ලෙස (6/1, 6/0) ඔනෙලි පෙරේරා පරාජය කිරීමට සවිනි සමත් වූවාය.
බාලක ඉසව්වේ පළමු අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක් ලෙස (7/6, 6/2) ටෙහාන් විජේමාන්න පරාජය කරමින් චාතූර්ය මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. ලූකා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක් ලෙස (7/6, 6/1) කේ. වයිරවනාදන් පරාජය කරමිනි.
බාලිකා ඉසව්වේ පළමු අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක් ලෙස (6/2, 6/0) දෙව්මිනී වර්ණසූරිය පරාජය කරමින් සවිනි අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තාය. ඔනෙලි අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක් ලෙස (6/2, 6/1) සෙත්මි සුමනවීර පරාජය කරමිනි.
තරගාවලියේ වයස 18 න් පහළ යුගල අවසන් මහ තරග අද (27 වැනිදා) පැවැත්වීමට නියමිතය. බාලක යුගල අවසන් මහ තරගයේදී චාතූර්ය නිලවීරට සහ ටෙහාන් විජේමාන්නට එරෙහිව කවීෂ රත්නායක සහ ලූකා නීස් තරග කරති. බාලිකා යුගල අවසන් මහ තරගයේදී ඔනෙලි පෙරේරාට සහ සෙත්මි සුමනවීරට එරෙහිව ඇරෙල්ලා ද සොයිසා සහ වොනාරා ද අල්විස් තරග වැදීමට සූදානමින් සිටිති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.