Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ලොගාර්ට් තනතුර හැර යයි

ලොගාර්ට් තනතුර හැර යයි

සංජය එරමුදුගොඩ - 2017 සැප් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියා වූ හරූන් ලොගාර්ට් මහතා එහි නිලධාරීන් සමග ඇතිවූ මතභේදයක් හේතුවෙන් සිය තනතුර හැරගොස් තිබේ. දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ සභාපති ක්‍රිස් නෙන්සානි මහතා මේ බව සනාථ කර තිබේ.

“අප මේ තත්ත්වය සමථයකට පත්කරගන්න මෑත කාලයේදී බොහෝ උත්සාහ කළා. ඒත් අසාර්ථක වුණා”
“දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ ඒකමතික හැඟීම වූයේ ආයතනයේ සුබ සිද්ධිය වෙනුවෙන් දෙපාර්ශ්වය අතර අනෝන්‍ය වෙන්වීමක් සඳහා ගිවිසුමක් ඇතිකරගැනීමයි” යයි ද නෙන්සානි මහතා පැවසීය.

මෙම වෙන්වීම සම්බන්ධයෙන් වැඩිදුර විස්තර කිරීමට නෙන්සානි මහතා ඉදිරිපත් නොවූවද දකුණු අප්‍රිකානු මාධ්‍ය වාර්තා සටහන් කරන්නේ නොවැම්බර් මාසයේදී ආරම්භ කිරීමට නියමිත ග්ලෝබල් ක්‍රිකට් ලීගයේදී ලොගාර්ට් මහතාගේ තනතුර සම්බන්ධයෙන් මතභේද පැවැති බවයි.

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් උප සභාපති තබන්ග් මෝරෝ මහතා වැඩබාර ගැනීමට නියමිතය.

 


අදහස් (0)

ලොගාර්ට් තනතුර හැර යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.