Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ලෝක කුංෆු ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 8 ක්

ලෝක කුංෆු ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 8 ක්

editorial - 2023 අගෝ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කටුනායක ටී.කේ.ජී.කපිල) 

ලෝක කුන්ෆු ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 06 දිනාගැනීමෙන් පසුව සඳුදා (28 වැනිදා) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ. මෙම ශූරතාවලියේදී කුරුණෑගල ලක්දාස් මහා විද්‍යාලයේ අනුහස් චන්දූප සහ නිකවැරටිය මහසෙන් ජාතික පාසැලේ අනූජ චමෝද් රිදී පදක්කම් දිනාගත්හ.

මෙම තරගාවලිය මේ මස 22 වැනිදා සිට 27 වැනිදා දක්වා චීනයේ එමිෂාන් නුවරදී පැවැත්විණ. ඒ සඳහා ලෝකයේ රටවල් 154 ක කුන්ෆු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6,000 කට අධික පිරිසක් සහභාගි වූ බව කණ්ඩායමේ නිලධාරීහු කියති.

ශ්‍රී ලංකා වූෂූ සම්මේලනය මගින් ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 26 දෙනෙකු චීනය වෙත යොමු කර තිබුණි. මෙම ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස චීනයේ කුංමිං නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ. - 713 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

මෙම පිරිස පිළිගැනීම සදහා මෙම සිසුන්ගේ දෙමාපියන්, පුහුණුකරුවන්, උපදේශකවරුන් විනිසුරුවරුන් සහ විවිධ පළාත් වල වූෂූ සංගම් වල නියෝජිතයන් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ. ලෝකඩ පදක්කම් 02 ක් දිනූ හිරුෂ මධුසංඛ ජයසිංහ ශ්‍රී ලංකාවට පැමිණ නොසිටියේය. 

ඡායාරූප - කටුනායක ටී.කේ.ජී.කපිල


අදහස් (0)

ලෝක කුංෆු ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 8 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.