Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ලෝක කුසලානයට කෙළින්ම සුදුසුකම් ලැබීම අවදානමක

ලෝක කුසලානයට කෙළින්ම සුදුසුකම් ලැබීම අවදානමක

Nisanka Sandeepani - 2017 සැප් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකාවට තරග දෙකක් ජයගැනීමට නොහැකිවීම හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් සභාව විසින් 2019 වසරේදී සංවිධානය කරනු ලබන ලෝක කුසලාන තරගාවලිය සදහා ස්වයංක්‍රීයව සුදුසුකම් ලබාගැනීම තහවුරු කරගැනීමට තිබූ අවස්ථාව ගිලිහී ගියේය.

ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 4-0 ක් ලෙස ශ්‍රී ලංකාව  මේ වනවිට පරාජයට පත්වී සිටින අතර යම්කිසි බලාපොරොත්තුවක් ඇති කර ගැනීමටනම් බටහිර ඉන්දීය කොදෙව් පිල එංගලන්තය හමුවේ එක් තරගයක් හෝ පරාජයට පත්වන තෙක් සිටීමට සිදුවනු ඇත.

ලබන ඉරිදා (3 වැනිදා) ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන අවසන් එක්දින තරගය ජයගතහොත් ප්‍රසාද ලකුණු 88 ක් දක්වා ඉහළ ගියද ස්වයංක්‍රීයව සුදුසුකම් ලබාගැනීමට එය ප්‍රමාණවත් නොවනු ඇත.

යම් රංගනයක නිරවෙමින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත එක්දින තරග හය ජයගැනීමට බටහිර ඉන්දීය කොදෙව් පිල සමත් වූවහොත් ප්‍රසාද ලකුණු 88 ට ලඟාවීමට ඔවුන්ට හැකිවන නමුත් සුදුසුකම් ලබාගන්නා කණ්ඩායම දශම සංඛ්‍යාව අනුව තීරණය වනු ඇත. අයර්ලන්තයට එරෙහිව එක්දින තරගයක් සැප්තැම්බර් 13 වැනිදා පැවැත්වෙන අතර එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය සැප්තැම්බර් 19 සිට 29 දක්වා පැවැත්වෙනු ඇත.

ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය 5-0 ක් ලෙස ශ්‍රී ලංකාව පරාජයට පත්වී බටහිර ඉන්දීය කොදෙව් පිල, අයර්ලන්තයට එරෙහිව පැවැත්වෙන එක්දින තරගය ජයගනිමින් එංගලන්තයට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේ තරග පහම හෝ 4-1 ලෙස තරගාවලිය ජයගතහොත් 2019 දී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය සදහා ස්වයංක්‍රීයව සුදුසුකම් ලබාගැනීමට අවස්ථාව හිමිවනු ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් සභාව විසින් 2019 වසරේදී සංවිධානය කරනු ලබන ලෝක කුසලාන තරගාවලිය සදහා කෙලින්ම සුදුසුක්ම් ලබාගැනීමට නොහැකිවන කණ්ඩායම් සදහා සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියකට සහභාගීවීමට සිදුවනු ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් සභාවේ එක්දින ශේණිගත කිරීම්හී අවසන් කණ්ඩායම් හතර සහ ජාත්‍යන්තර ක්‍රිකට් සභාව විසින් සංවිධානය කරන ලෝක ක්‍රිකට් ලීග් ශූරතාවලියේ ඉහළම ප්‍රසාද ලකුණු ලබාගන්නා කණ්ඩායම් හතර 2018 පැවැත්වෙන අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය සදහා සුදුසුකම් ලබාගනු ඇත.

එම තරගාවලියේදී අවසන් තරගය සදහා සුදුසුකම් ලබාගන්නා කණ්ඩායම් දෙක 2019 දි පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය සදමා සුදුසුකම් ලබාගනු ඇත.

 


අදහස් (0)

ලෝක කුසලානයට කෙළින්ම සුදුසුකම් ලැබීම අවදානමක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.