Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා පිල නම් කරයි

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා පිල නම් කරයි

Nisanka Sandeepani - 2018 අගෝ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ මස 24 වැනිදා සිට 29 වැනිදා දක්වා කොරියාවේ චුන්චෝන් නුවරදී පැවැත්වෙන පස්වැනි ලෝක කුසලාන කැරම් ශූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස සෙලාන් බැංකුවේ චමිල් දර්ශන කුරේද, නායිකාව ලෙස ගුවන් හමුදාවේ යසිකා රාහුබද්ධද නම් කර තිබේ. 

නාවික හමුදාවේ නිශාන්ත ප්‍රනාන්දු, කොළඹ රාජකීය විද්‍යාලයේ මොහොමඞ් ෂහීඞ් හිල්මි සහ ගුවන් හමුදාවේ උදේශ් චන්දිම පෙරේරා ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම නියෝජනය කරන අතර නාවික හමුදාවේ ජෝශප් රොසිටා, ගුවන් හමුදාවේ චලනි ලක්මාලි ලියනගේ සහ යුද හමුදාවේ මධුකා දිල්ශානි කාන්තා කණ්ඩායමට ඇතුළත්ව සිටිති. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ලෙස යුද හමුදාවේ එම්. ෂෙරීෆ්ඩීන් සහ මධුවන්ති ගුණදාස නම් කර ඇති අතර මේ දිනවල ඔවුන් ලෝක කුසලාන තරගාවලිය සඳහා කොහුවල, ශ්‍රී ලංකා කැරම් සම්මේලන මූලස්ථානයේදී පුහුණුවීම් කටයුතුවල නිරත වෙති. 

ජාතික කැරම් තේරීම් කමිටුව සහ ශ්‍රී ලංකා කැරම් සම්මේලනය එක්ව තෝරාගන්නා ලද මෙම කණ්ඩායමට පසුගිය ලෝක කුසලාන කැරම් ශූරතාවලිය සහ ලෝක කැරම් ශූරතාවලිය සඳහා සහභාගී වූ අත්දැකීම් සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දෙනෙක් ඇතුළත්ව සිටිති. 

2012 වසරේ ශ්‍රී ලංකාවේ පැවැති හයවැනි ලෝක කැරම් ශූරතාවලියේදී ඉන්දීය ක්‍රීඩක බී.භාරත දාසන් පරාජය කරමින් ලෝක කැරම් ශූරතාව දිනාගත් නිශාන්ත ප්‍රනාන්දු සහ ලෝක කුසලාන කැරම් ශූරතාවලියට සමගාමීව 2014 වසරේ මාලදිවයිනේදී පැවැති “ස්විස් ලීග්” ලෝක කැරම් ශූරතාව දිනාගත් චමිල් දර්ශන කුරේ මෙවර ශ්‍රී ලංකාව කණ්ඩායම නියෝජනය කරක ක්‍රීඩකයන් අතර ඉදිරියෙන්ම සිටිති.  

ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ සභාපති පරාක්‍රම බස්නායක සහ උප සභාපති බ්‍ර්න්ඩ්ලි වික්‍රමසිංහ යන මහත්වරු නිලධාරීන් ලෙස මෙම සංචාරයට සහභාගි වෙති. 

ජාත්‍යන්තර කැරම් සම්මේලනය මගින් වසර හතරකට වරක් පවත්වනු ලබන ලෝක කුසලාන කැරම් ශූරතාවලියේ මෙවර සත්කාරකත්වය දරනු ලබන්නේ කොරියානු කැරම් සම්මේලනය විසිනි. 

පිරිමි කණ්ඩායම 
චමිල් කුරේ (නායක), නිශාන්ත ප්‍රනාන්දු, ෂහීඞ් හිල්මි සහ උදේශ් චන්දිම 


කාන්තා කණ්ඩායම 
යසිකා රාහුබද්ධ (නායක), ජෝශප් රොසිටා, චලනි ලක්මාලි සහ මධුකා දිල්ශානි 

01-Chamil-Cooray-(Captain) 02-Nishantha-Fernando 03-Shaheed-Hilmy  04-Udesh-Chandima
චමිල් කුරේ නිශාන්ත ප්‍රනාන්දු ෂහීඞ් හිල්මි උදේශ් චන්දිම 
05-Yasika-Rahubaddha-(Captain) 06-Joseph-Roshita 07-Chalani-Lakmali 08-Madhuka-Dilshani
යසිකා රාහුබද්ධ  ජෝශප් රොසිටා  චලනි ලක්මාලි    මධුකා දිල්ශානි 

 


අදහස් (0)

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා පිල නම් කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.