Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ලෝක කුසලාන ජර්මනියට

ලෝක කුසලාන ජර්මනියට

සංජය එරමුදුගොඩ - 2014 ජුලි මස 14 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන්  මහ තරගයේදී ආර්ජන්ටිනා පිල ගෝල 1-0 ක් ලෙසින් පරාජය කළ ජර්මන් කණ්ඩායම ලෝක කුසලාන දිනාගත්තේය. තරගයේ නියමිත කාලය අවසන් වීමෙන් පසුව දුන් අතිරේක කාලයේදී (113 වැනි විනාඩියේදී) ජර්මනියේ මාරියෝ ගොට්සි ලබාගත් ගෝලය නිසා ජර්මනියට මෙම ජයග්‍රහණය අත් විය.

අවසන් මහ තරගය අද (14 වැනිදා) ශී‍්‍ර ලංකාවේ වේලාවෙන් මධ්‍යම රාතී‍්‍ර බ‍්‍රසීලයේ රියෝ ද ජනෙයිරෝ නුවර මැරකානා කී‍්‍රඩාංගණයේදී පැවැත්විණ. 

සම්පූර්ණ තරග කාලය වන විනාඩි 90 අවසන් වන විට දෙපිලම ලකුණු ලබාගැනීමට අපොහොසත් වූ හෙයින් අතිරේක කාලය ලබා දීමට විනිසුරුවරයාට සිදුවිය. එහිදීත් පළමු විනාඩි 15 දී ලකුණක් ලබාගැනීමට දෙපිළම අසමත් වූ නමුත් 113 වැනි විනාඩියේදී ෂූරල්ගේ පන්දු පිරිනැමීමකින් පන්දුව පපුවෙන් නවතාගත් ගොට්සි සිය වම් පාදයෙන් ගැසූ වේගවත් පහරින් පන්දුව දැළ රකින්නා පසුකරමින් දැළ තුළට කඩා වැදුණේය.

තරගය නිමා වීමට විනාඩි 7 ක් තිබියදී ජර්මන් පිල ඉදිරියට පැමිණි අතර එය මෙම තරගාවලිය පුරාම ආර්ජන්ටිනා පිල පසුපසට ගිය එකම අවස්ථාව විය.

තරගය නිමා වීමට තවත් විනාඩි 2 ක් ඉතිරිව තිබියදී තෝමස් මුලර් විසින් ආර්ජන්ටිනා ක්‍රීඩක මස්චෙරානෝගේ ගමනට අවහිර කිරීම නිසා තරගය සම කිරීමේ හොඳ අවස්ථාවක් මෙසීට ලැබිණ. එහෙත් මෙසීගේ නිදහස් පහර දැළෙන් ඉවත ගියේය.

මෙය යුරෝපීය කණ්ඩායමක් යුරෝපයෙන් පිටතදී පාපන්දු ලෝක කුසලාන දිනාගත් පළමු අවස්ථාව ලෙසද ඉතිහාසයට එක්වෙයි.

ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් මහ තරගයක් නිලකුණු තත්ත්වයක් හමුවේ අවසන් වී අතිරේක කාලය දක්වා දිග්ගැසී ගිය තුන්වැනි අවස්ථාව මෙයයි.

තරගය ආරම්භ කිරීමට පෙර පැවැති ඇග උණුසුම් කිරීමේ ව්‍යායාම වලදී අබාධයකට ලක්වූ සමී කෙඞීරා වෙනුවට කි‍්‍රස්ටෝපර් කාමර් ජර්මන් කණ්ඩායමට කැඳවා තිබේ. කෙඞීරා ජර්මනිය වෙනුවෙන් අන්තර්ජාතික තරග 51 කට සහභාගිවූ පළපුරුදු කී‍්‍රඩකයකු වන අතර කාමර් මෙතෙක් සහභාගි වී ඇත්තේ තරග 4 කට පමණි.

කෙසේ වෙතත් කි‍්‍රස්ටෝපර් කාමර් සුළු වේලාවකට පෙර තුවා ලබා පිටියෙන් ඉවත්ව ගිය අතර තරගයේ පළමු අර්ධය නිමා වන විටත් දෙපිලම ලකුණු ලබා නොතිබිණ.

 

 


අදහස් (1)

ලෝක කුසලාන ජර්මනියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.