Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ලෝක පාපන්දු ලොක්කා ඉන්ෆැන්ටිනෝ

ලෝක පාපන්දු ලොක්කා ඉන්ෆැන්ටිනෝ

ශනුක අරවින්ද - 2016 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ස්විට්සර්ලන්තයේ සුරිච් නුවරදී ඊයේ (26 වැනිදා) පැවැති අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ මහ සභා රැස්වීම සහ නිලවරණයේදී සභාපති ධූරය සඳහා වැඩි ඡන්ද 27 කින් යුරෝපා පාපන්දු සමුළුවේ මහ ලේකම් සහ එහි විධායක නිලධාරී ගියානි ඉන්ෆැන්ටිනෝ මහතා තේරී පත් විය.

සභාපති ධූරය සඳහා දෙවැනි වර පැවැති ඡන්දයේදී ඡන්ද 115 ක් ලබාගැනීමට ඉන්ෆැන්ටිනෝ මහතා සමත් වූ අතර ඔහුගේ ප‍්‍රභලම ප‍්‍රතිවාදියා වූ ආසියානු පාපන්දු සමුළුවේ සභාපති ෂෙයික් සල්මන් බින්ට එහිදි ලබාගත හැකි වූයේ ඡන්ද 88 ක් පමණි. දෙවැනි වර පැවැති ඡන්දයට සහභාගි වූ ලෝක පාපාන්දු සමුළුවේ හිටපු උප සභාපති අලිබීන් අල් හුසේන් කුමරු ඡන්ද 7 ක් හිමි විය.

තරමක් උණුසුම් මුහුණුවරක් ගත් පළමු වර පැවැති ඡන්දයට අපේක්ෂකයන් සිව් දෙනෙක් සහභාගි වූ අතර එහිදී ඉන්ෆැන්ටිනෝ මහතා ඡන්ද 88 ක්ද, ෂෙයික් සල්මන් බින් ඡන්ද 85 ක්ද ලබාගනිමින් කරට කර සටනක නිරත වූහ. එම ඡුන්දයේදී අලිබීන් අල් හුසේන් කුමරුට ඡන්දු 27 ක් හිමිවූ අතර ජෙරම් චම්පේන් මහතාට ඡන්ද 7 ක් හිමිවිය.

-036

 

 

 

 


අදහස් (0)

ලෝක පාපන්දු ලොක්කා ඉන්ෆැන්ටිනෝ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.