Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වලල - ශාන්ත පීතර ශූරතා දිනති

වලල - ශාන්ත පීතර ශූරතා දිනති

Nisanka Sandeepani - 2018 ජුනි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නව තරග වාර්තා 32 ක් සටහන් වූ සමස්ත ලංකා පාසල් සහය දිවීමේ තරගාවලියේදී ගමේ පාසල් අභිබවා නගරබද පාසල් දස්කම් දැක්වූහ. මෙවර තරගාවලිය දින තුනක් පුරා බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.
 
වලල ඒ. රත්නායක මධ්‍ය මහා විදුහල හා බම්බලපිටිය ශාන්ත පීතර විදුල මෙවරත් සටනකින් තොරවම පිළිවෙළින් බාලිකා හා බාලක සමස්ත ශූරතා දිනා ගැනීම කැපී පෙනුණි.
 
විශේෂයෙන්ම බාලක තරගාවලියේදී කොළඹ පාසල් දක්ෂතා අතරින් වඩාත් ඉදිරියට පැමිණ තිබුණි. එහි කැපීපෙනුන අවස්ථාව වූයේ බාලක වයස් කාණ්ඩ ශූරතා සියල්ල කොළඹ රාජකීය විදුහල හා බම්බලපිටිය ශාන්ත පීතර විදුහල විසින් දිනා ගැනීමය. එම පාසල්වල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ බාලක ඉසව් වලදී නව වාර්තා රැසකටද හිමිකම් කීහ.
 
සමස්ත බාලිකා ශූරතාව 18 වැනි වතාවටත් දිනා ගත් වලල ඒ. රත්නායක විදුහල් සහාය දිවීමේ ක්‍රීඩිකාවෝ වයස් කාණ්ඩ ශූරතා දෙකක් හිමිකර ගත්හ. මෙම තරගාවලිය ආරම්භ වූ වසර 200  බාලිකා ඉසව්වලදී නව වාර්තා 10ක් පිහිටු වූ ඔවුන් වයස 20න් පහළ බාලිකා ඉසව් වලදී නව වාර්තා පහටම හිමිකම් කීමටත් සමත්වූහ. ඒ අතර පැණි වාර්තාව අභිබවා ගිය අවස්ථා හා පැරණි වාර්තාව සම කළ අවස්ථා 30ක් මුළු තරගාවලය පුරා වාර්තා විය.
 
තරගාවලියට සහභාගි වූ බාලිකා පසල් 25 ක්ද හා බාලික පාසල් 29 ක්ද එහිදී ප්‍රසාද ලකුණු ලබා ගැනීමට සමත්විය. ඒ අතර සමස්ත බාලක තරගාවලියේදී කොළඹ ආනන්ද විදුහලට හිමිවූ ස්ථානය 13 විය. ඒ ප්‍රසාද ලකුණු අටක් ලබා ගනිමිනි.
 
අධ්‍යාපන අමාත්‍යාංශය ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමයේ සහයෝගයෙන් හා නෙස්ලේ ලංකා සමාගමේ අනුග්‍රහයෙන් මෙවරත් තරගාවලිය සංවිධානය කළේය.
 
ශූරතා දිනාගත් පාසල්
 
සමස්ත තරගාවලිය (බාලක) 
ශූරතාව - ශාන්ත පීතර විදුහල (118), 
අනුශුරතාව - රාජකීය විදුහල (79) 
තෙවැනි ස්ථානය - මීගමුව මාරිස්ටෙලා විදුහල (55)
 
සමස්ත තරගාවලිය (බාලිකා)
ශූරතාව- ශූරතාව - වලල ඒ. රත්නායක මැදි විදුහල (116) 
අනුශූරතාව - කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විදුහල (54), 
තෙවැනි ස්ථානය - මාඋස්සවැව ශ්‍රී රතනපාල මහ විදුහල (43)
 
වයස 12න් පහළ (බාලක) - 
ශුරතාව - රාජකීය විදුහල (20) 
අනුශූරතාව -  ත්‍රිත්ව විදුහල (14), 
3 වැනි ස්ථනාය - කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විදුහල (08)
 
වයස 12න් පහළ  බාලිකා:- 
සම ශූරතා - පන්නිපිටිය ධර්මපාල විදුහල (17) සහ කොළඹ මියුසියස් විදුහල (17), 
අනුශූරාව - මීගමුව ආවේමරියා කන්‍යාරාමය (07) 
තෙවැනි ස්ථානය - නාවල ජනාධිපති බාලිකා විදුහල (05)
 
වයස 14න් පහළ බාලක 
ශූරතාව - රාජකීය විදුහල (24)
අනුශූරතාව - ශාන්ත ජෝසප් විදුහල (20) 
සම තෙවැනි ස්ථානය - කොළඹ ආනන්ද විදුහල සහ වෙන්නප්පුව ශාන්ත ජෝශප් විදුහල (08)
 
වයස 14න් (බාලිකා) 
ශූරතාව - කොටහේන යහපත් එfඬ්රාගේ කන්‍යාරාමය (17)
අනුශූරතාව - මීගමුව ආවේමරියා කන්‍යාරාමය (14) 
තෙවැනි ස්ථානය - නාවල ජනාධිපති බාලිකා විදුහල (13)
 
වයස 16න් පහළ (බාලිකා)
ශූරතාව - වලල ඒ. රත්නායක මැදි විදුහල (27), 
අනුශූරතාව - ගම්පහ සිරිකුරුස විදුහල (17), 
තෙවැනි ස්ථානය කොටහේන ශාන්ත බෙන්ඩික්ට් විදුහල (16)
 
වයස 16න් පහළ (බාලක)
ශූරතාව - ශාන්ත පීතර විදුහල (35), 
අනුශූරතාව - රාජකීය විදුහල (20), 
තෙවැනි ස්ථානය ශාන්ත ජෝශප් විදුහල (12)
 
වයස 18න් පහළ (බාලක)
ශූරතාව - ශාන්ත පීතර විදුහල (35), 
අනුශූරතාව - වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල (30), 
තෙවැනි ස්ථානය - රාජකීය විදුහල (15)  
 
වයස 18න් පහළ (බාලිකා) 
ශූරතාව - කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විදුහල (39), 
අනුශූරතාව - වලල ඒ. රත්නායක මැදි විදුහල (33) 
තෙවැනි ස්ථානය - බෙන්තොට ගාමිණී මධ්‍ය මහ විදුහල (20)
 
වයස 20න් පහළ (බාලක)
ශූරතාව - ශාන්ත පීතර විදුහල (39), 
අනුශූරතාව - මීගමුව මාරිස්ටෙලා විදුහල (27), 
තෙවැනි ස්ථානය කොටහේන ශාන්ත බෙනඩික්ට් විදුහල (22)
 
වයස 20න් පහළ (බාලිකා)
ශූරතාව - වලල ඒ. රත්නායක මැදි විදුහල (50), 
අනුශූරතාව - මාඋස්සවැව ශ්‍රී රතනපාල මහ විදුහල (35), 
තෙවැනි ස්ථානය - රත්නපුරය ශ්‍රී සුමන බාලිකා විදුහල (17)
in-va main-in
 
 
 

අදහස් (0)

වලල - ශාන්ත පීතර ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.