Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යතුරුපැදි සංගමය සමග එක්ව හයවැනි වරටත් සංවිධානය කරන ‘වලව සුපර්ක්‍රොස්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය ලබන ඉරිදා (11) පෙරවරු 9 සිට උඩවලව ජාතික වන උද්‍යනය අසල සෙවණගල යුද හමුදා ධාවන පථයේදී පැවැත්වේ.
ඉසව් 25 කින් සමන්විත මෙම තරගාවලියට මෝටර් රථ තරග 12 ක් සහ යතුරුපැදි ඉසව් 13 ක් ඇතුළත්වේ. දිවයිනේ ප්‍රමුඛ පෙළේ මෝටර රථ රියැදුරන් සහ යතුරුපැදිකරුවන් ඇතුළු තරගකරුවෝ 200 ක් පමණ මෙම තරගාවලියට සහභාගී වෙති.
මින් පෙර පැවැති වලව සුපර් ක්‍රොස් තරගාවලිවලදී දක්ෂතම මෝටර් රථ රියැදුරා සහ දක්ෂතම යතුරුපැදිකරුවා තෝරා නොගැණුනත් මෙවර තරගාවලියේදී පළමු වරට දක්ෂතම මෝටර් රථ රියැදුරා සහ දක්ෂතම යතුරුපැදිකරුවා තොරාගෙන ඔවුන්ට ශූරතා කුසලාන පිරිණමන බව ශ්‍රී ලංකා යතුරුපැදි සංගමයේ ලේකම් කෙයාස් ඩීන් මහතා පැවසීය.
එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 3500 දක්වා) මෝටර් රථ තරග 2 දී වැඩි දස්කම් දක්වන ක්‍රීඩකයා දක්ෂතම මෝටර් රථ රියැදුරු ලෙසත්, එම්. එක්ස්. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 125 සිට 250 දක්වා) යතුරුපැදි තරග 2 දී වැඩි දස්කම් දක්වන ක්‍රීඩකයා දක්ෂතම යතුරුපැදිකරුවා ලෙසත් නම් කිරීමට නියමිතය.
ඉකුත් වසරේ පැවති ‘වලව සුපර් ක්‍රොස්’ තරගාවලියේදී යතුරුපැදි කාණ්ඩයෙන් වැඩි දස්කම් දැක්වීමට ඉෂාන් දසනායකද, මෝටර් රථ කාණ්ඩයෙන් වැඩි දස්කම් දැක්වීමට අශාන් සිල්වාද සමත් වූහ. එහිදී ඉවෝන් බී. ගුරුසිංහ යතුරුපැදි කාණ්ඩයෙන්ද, කුෂාන් පීරිස් මෝටර් රථ කාණ්ඩයෙන්ද ද්විත්ව ජයග්‍රහණ වාර්තා කළහ.
තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කෝස්වේ පේන්ට්ස් ආයතනයත්, සම අනුග්‍රහකයා ලෙස සියැට් ආයතනයත් කටයුතු කරයි.
|
|
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.