Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ත‍්‍රිකුණාමලයේදී පැවැති ජාතික මහ ක‍්‍රීඩා උළෙලේ පාපැදි (පිරිමි) තරගයේ රන් පදක්කම ජානක හේමන්ත කුමාර විසින් දිනාගන්නා ලදි. ශ‍්‍රියාලතා වික‍්‍රමසිංහ එහි කාන්තා රන් පදක්කම දිනාගත්තාය. මෙවර ජාතික මහ ක‍්‍රීඩා උළෙලේ පාපැදි තරග පෙරේදා (24) නිමාවට පත්විය.
පළමු වතාවට පාපැදි (පිරිමි) රන් පදක්කම දිනා ගත් බස්නාහිර පළාත නියෝජනය කරමින් තරග වැදුණු 34 හැවිරිදි ජානක හේමන්ත කුමාර නාවික හමුදාවේ සේවය කරන පළපුරුදු පාපැදි තරගකරුවෙකි. ගිය වර තරගාවලියේදී නව වැනි ස්ථානය ලද හේමන්ත 2010 සාෆ් ක‍්‍රීඩා උළෙලේදී පාපැදි මාර්ග ධාවන ඉසව්වලින් රන් පදක්කමක්ද, 2006 සාෆ් ක‍්‍රීඩා උළෙලේදී රිදී හා ලෝකඩ පදක්කම්ද දිනා ගත් ක‍්‍රීඩකයෙකි.
තෙවැනි වතාවටත් ජාතික මහ ක‍්‍රීඩා උළෙලට ඉදිරිපත් වූ ජානක තරග නිමාවෙන් පසු ‘ලංකාදීප’ට පැවසුවේ, සුළඟින් ධාවනයට බලපෑම් එල්ල වුවත් තරගය ජය ගැනීමේ අදිටනෙන්ම ධාවනයේ නිරත වූ බවයි. ගියවර රන් පදක්කම දිනා ගත් ජීවන් ජයසිංහ මෙවර තරගාවලියට ඉදිරිපත් නොවීය.
මේ අතර පළපුරුදු පාපැදි ශූරීන් වන උතුරුමැද පළාතේ ශ‍්‍රියාලතා වික‍්‍රමසිංහ වසර 2005න් පසුව පාපැදි (කාන්තා) රන් පදක්කම දිනා ගත්තේ අට වැනි වතාවටත් ජාතික මහ ක‍්‍රීඩා උළෙලේ පාපැදි (කාන්තා) රන් පදක්කමට හිමිකම් කියමිනි.
වසර හතක නිහැඬියාවකින් පසු මෙවර ජාතික මහා කී‍්‍රඩා උළෙලේ පාපැදි තරගයට සහභාගි වූ ඇය වසර 2002 සිට ඊට සහභාගි වන්නීය. 1999, 2000, 2002, 2003, 2004, 2005 වසර වලදී ඇය ජාතික මහා කී‍්‍රඩා උළෙලේ පාපැදි රන් පදක්කම් දිනා තිබේ.
ලබන ජූලි 23 වැනිදා ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ තරගයේදී ආරම්භ වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙලේදී පාපැදි තරග සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව හිමිකර ගෙන සිටින ශ‍්‍රියාලතා දැනට මාස දෙකක පමණ කාලයක සිට නාවික හමුදාවේ සේවය කරයි.
එක් දරු මවක් වන 37 හැවිරිදි ශි‍්‍රයාලතා ‘ලංකාදීප‘ට පැවසුවේ, බොහෝ දුෂ්කරතා මැද තමන් යළිත් පාපැදි ක‍්‍රීඩාවට පිවිස සිටින බවත්, වරාය අධිකාරියේ රැකියාවක් ලබා දෙන බවට ලබා දුන් ප‍්‍රතිඥාවත් කඩ වීමෙන් පසුගිය කාලයේ තමන් වඩාත් දුෂ්කරතාවයට පත්වූ බවත්ය.
මෙවර ලෝකඩ පදක්කම හිමිකර ගත් නිලූකා ශ්‍යාමලී ගිය වර රන් පදක්කම දිනා ගත් තරගකාරිය වන අතර, ඇයද වසර හතරක් මෙම ක‍්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනා ගනිමින් දස්කම් දක්වා තිබේ.
ජාතික මහ ක‍්‍රීඩා උළෙලේ පාපැදි කාන්තා හා පිරිමි තරග 10 වැනි ස්ථානය දක්වා රුපියල් 25,000 සිට 4000 දක්වා ක‍්‍රීඩා අමාත්‍යාංශයෙන් මුදලින් තෑගි ප‍්‍රදානය කෙරිණ.
කෙසේ වුවත් මෙවර තරගාවලියේ කණ්ඩායම් (පිරිමි) ශූරතාව උතුරු මැද පළාත විසින් දිනා ගත්තත් එහි දෙවැනි හා තෙවැනි ස්ථාන ප‍්‍රදානය කිරීමක් සිදු නොවීය. තරගකරුවන් 78 දෙනකු හා තරගකාරියන් 23 දෙනෙකු මෙවර තරග මාලාව සඳහා සහභාගි වූහ.
කාන්තා පාපැදි කණ්ඩායම් ශූරතාව උතුරු මැද පළාත් විසින් හිමි කර ගන්නා ලදී. දෙවැනි හා තෙවැනි ස්ථාන බස්නාහිර පළාතට හා වයඹ පළාතට හිමිවිය. පිරිමි තරගයේ කණ්ඩායම් අනුශූරතාව හා තෙවැනි ස්ථාන ප‍්‍රදානය නොවූයේ පළාත් කණ්ඩායම් සඳහා ක‍්‍රීඩකයන් ඇතුළත් විය යුතු අවම සංඛ්‍යාව නොවූ බැවිනි.
පාපැදි තරගාවලිය (කාන්තා) - දුර කි.මී. 60
1. යූ.ඞී. ශ‍්‍රියාලතා වික‍්‍රමසිංහ (උතුරු මැද - 1:56:20)
2. පී.ඒ. සුධාරිකා ප‍්‍රියදර්ශනී (වයඹ - 1:56:20)
3. ඊ.ඒ. නිලූකා ශ්‍යාමලී (බස්නාහිර - 1:56:20)
4. එච්.ඒ.එස්.අයි.එම්. රණසිංහ (උතුරු මැද - 1:56:20)
5. කේ. සන්ධ්‍යා කුමාරි (බස්නාහිර - 1:56:20)
6. එම්.ආර්.එම්. රූපාවතී (නැගෙනහිර පැ. - 1:56:20)
7. එස්.එම්.ඞී. කාංචනා ලක්මාලි (බස්නාහිර - 1:56:20)
8. කේ.ඒ.අයි. නානායක්කාර (වයඹ - 1:56:20)
9. ඒ.එම්. දිනේෂා දිල්රුක්ෂි (වයඹ - 1:56:20)
10. එස්.එස්.එම්. සෙනෙවිරත්න (උතුරු මැද - 1:56:20)
පාපැදි තරගාවලිය (පිරිමි - කි.මී. 140)
1. ජානක හේමන්ත කුමාර (බස්නාහිර - 3:19:06)
2. එම්.ඒ. මහේෂ් පුෂ්පකුමාර (උතුරු මැද - 3:19:06)
3. ඞී.ඒ. සුරේස් ප‍්‍රසන්න (දකුණ - 3:19:06)
4. ඞී.එස්. නුගේරා (බස්නාහිර - 3:19:06)
5. එස්. පත්මකුමාර (බස්නාහිර - 3:19:06)
6. කේ. සමන් කුමාර (දකුණ - 3:20:22)
7. ආර්.පී.එන්. අමිල කුමාර (උතුරු මැද - 3:25:22)
8. බී.වී. පුෂ්පකුමාර (උතුරු මැද - 3:25:37)
9. ඒ.පී. ලක්‍ෂ්මන් සංජීව (උතුරු මැද - 3:25:37)
10. බී.ජී.කේ. කරුණාරත්න (උතුරු මැද - 3:25:37)
ජාතික මහා ක්‍රීඩා පාපැදි තරගයේ විශේෂ අවස්ථා...
(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.