Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ ටෙනිස් සංගම් මූලස්ථාන කී‍්‍රඩාංගණයේ පැවති 99 වැනි ජාතික ටෙනිස් ශූරතාවලියේ විවෘත අංශයේ කාන්තා කේවල ශූරතාව දිනාගැනීමට අම්රිතා මුත්තයියා ඊයේ (24 වැනිදා) සමත්වූවාය. මෙම ජයත් සමගින් වසර 100 කට ආසන්න ශී‍්‍ර ලංකා ටෙනිස් ඉතිහාසයේ වසර 74 ක් පැරණි වාර්තාවක් සමකිරීමට අම්රිතා සමත් වූයේ ජාතික ශූරතාව පිට පිටම 6 වතාවක් දිනාගත් දෙවැනි කී‍්‍රඩිකාව ලෙසිනි.
මීට පෙර 1935 සිට 1940 දක්වා පැවැති ජාතික ටෙනිස් ශුරතාවලිවලදී ඩොරින් සන්සෝනි පිට පිටම ජාතික ශූරතාව දිනාගත්තාය. මෑත ඉතිහාසය දෙස හැරී බලද්දී 1990 දශකය මුල් භාගයේදී සාරංගා සංගක්කාර (ටෙස්ට් කී‍්‍රඩක කුමාර් සංගක්කාරගේ වැඩිමහල් සොහොයුරිය) පස්වතාවක් ජාතික ශූරතාව දිනා තිබේ.
කාන්තා අවසන් මහ තරගයේදී තරග වට 2-0 ක් ලෙස තිසුරි මොල්ලිගොඩ පරාජය කරමින් අම්රිතා මුත්තයියා මේ වසරේ ජාතික ශූරිය බවට පත්වූවාය.
ජාතික ශ්‍රේණිගත කිරීම් අතරේ අංක එකේ කී‍්‍රඩිකාව වන අම්රිතා, පෙර අර්ධ අවසන් පූර්ව වටයේදී තරග වට 2-0 ක් ලෙස ගවේෂිණී අබේගුණවර්ධන පරාජය කළ අතර අර්ධ අවසන් පූර්ව වටයේදී සඳනි ප‍්‍රනාන්දු හමුවේ නිතරග ජයක් ලබමින් විවෘත කේවල ඉසව්වේ ඉදිරියට පැමිණියාය.
පළමු අවසන් පූර්ව තරගයේදී මේදිරා සමරසිංහ පරාජය කරමින් අම්රිතා මුත්තයියා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර තිසුරි මොල්ලිගොඩ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී තෙව්නි දේවරාජා පරාජය කරමිනි.
විවෘත කාන්තා කේවල අවසන් තරගය
විවෘත කාන්තා කේවල අවසන් පූර්ව තරග
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.