Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ට්‍රේලියාවේ සිඞ්නි නුවරදී අද (27 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් පන්දු රකින්නන් නරඹන්නන් බවට පත්කරමින් පන්දු 66 කදී ලකුණු 162 ක් රැස්කළ ඒ. බී. ඩිවිලියස්, එක්දින ජාත්‍යන්තර තරගයකදී කී‍්‍රඩකයෙක් රැස්කළ වේගවත්ම ලකුණු 150 වාර්තාවට හිමිකම් කීමට සමත් විය.
පන්දු 30 කදී ලකුණු 50 සීමාව පසු කළ ඩිවිලියස්, පන්දු 52 කදී ලකුණු 100 සීමාවද, පන්දු 64 කදී ලකුණු 150 සීමාවද පසුකරමින් එම වාර්තාව තමන් සතු කරගත්තේය. මෙය ඩිවිලියස්ගේ හොඳම එක්දින ඉනිම වන අතර පන්දු 66 කදී වාර්තා වූ ඊට දැවැන්ත හයේ පහර 8 ක් සහ හතරේ පහර 17 ක් ඇතුළත් විය.
අද දිනයේදී ඩිවිලියස් බිඳ දැමුවේ 2011 වසරේදී බංගලාදේශයට එරෙහිව ඩකා නුවර පැවැති තරගයකදී පන්දු 83 කින් ලකුණු 150 සීමාව පසුකරමින් ඕස්ටේ්රලියාවේ ෂේන් වොට්සන් පිහිටුවා තිබූ වාර්තාවයි. පන්දු 96 කදී ලකුණු 185 ක් රැස්කරමින් ෂේන් වොට්සන් එම වාර්තාව පිහිටුවා තිබිණ.
එහි තෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ සනත් ජයසූරියට හිමිවී තිබෙන අතර ඔහු 2006 වසරේදී එංගලන්තයට එරෙහිව ලීඞ්ස් කී‍්‍රඩාංගණයේදී පැවැති තරගයකදී පන්දු 99 කින් ලකුණු 152 ක් රැස් කරගෙන තිබේ.
ඒ අනුව මේ වන විට එක්දින ජාත්‍යන්තර තරගවල වේගවත්ම අර්ධ ශතකය, වේගවත්ම ශතක සහ වේගවත්ම ලකුණු 150 යන ලෝක වාර්තා තුනේම හිමිකරුවා වීමට ඩිවිලියස් සමත්ව සිටියි.
ශ්‍රී ලංකාවේ සනත් ජයසූරිය පන්දු 17 කදී වාර්තා කර තිබූ වේගවත්ම අර්ධ ශතකයේ වාර්තාව කොදෙව් පිලට එරෙහිව පන්දු 16 කදී ඩැහැගත් ඩිවිලියස්, එම ඉනිමේදීම පන්දු 31 කදී ශතකයක් ලබාගනිමින් නවසීලන්තයේ කෝරි ඇන්ඩසන් පන්දු 36 කදී වාර්තා කර තිබූ වේගවත්ම ශතකයේ වාර්තාවද බිඳ දැමීමට සමත් විය.
මේ වන විට එක්දින ජාත්‍යන්තර තරග 181 කට සහභාගි වී ඇති ඩිවිලියස් එහිදී ඉනිම් 174 ක් තුළ ලකුණු 7514 ක් රැස්කිරීමට සමත්ව සිටියි. ඊට ශතක 19 ක් සහ අර්ධ ශතක 43 ක් ඇතුළත් වේ. ඔහුගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය 51.82 ක් වන අතර පන්දුවට පහරදීමේ වේගය 96.94 ක් ලෙස දැක්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.