Last Update  :  2024-09-18 20:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story විස්මිත ජයකින් ශ්‍රී ලංකාව ආසියානු කුසලාන වටයට

විස්මිත ජයකින් ශ්‍රී ලංකාව ආසියානු කුසලාන වටයට

editorial - 2024 සැප් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

පොන්ම් - පෙන් නුවරදී  ඊයේ (10) රාත්‍රීයේදී  විනාඩි 120 ක් දක්වා ඇදී ගිය අති තියුණු සටනක් නිමාවේදී දඬුවම්  පහර 4 - 2 කට කාම්බෝජය පරාජය කළ ශ්‍රී  ලංකාව ආසියානු කුසලාන (2027 - රියාද්) කාණ්ඩ තරග වටයට  නිර්දේශ  ලබා ගැනීමට සමත් විය.

ශ්‍රී  ලංකාව  මෙම තරගය පුරා විශිෂ්ට  දක්ෂතා දක්වමින් විනාඩි 120 ක් දක්වා ඇදුණු තරගය ගෝල 2 - 0 කට පළමුව  සම කළේ කාම්බෝජයට අවසන් මොහොත දක්වා හිමිව තිබූ ජය උදුරා ගනිමිනි.

තරගය අවසන් කිරීමට  120 වැනි විනාඩිය  ළගා වන විටත් කාම්බෝජය  ගෝල් 2 - 1 කට එය ජයග්‍රහණයෙන් අවසන්  කිරීමට සූදානම්ව සිටියත් අතිරේක දෙවැනි (122)විනාඩියේදී එය අන්පේක්ෂිත ලෙස වැළැක්වූ ශ්‍රී  ලංකා ක්‍රීඩක ක්ලෝඩියා කමෙර්ක්නෙච්ට් ව්සින් වාර්තා කළ දෙවැනි ගෝලය මෙම තරගය සම කළේය. ඒ නොවන්නට මෙම තරගයේ තීරණය ලබා ගැනීමට දඬුවම් පහරට යාමට කිසිදු අවශ්‍යතාවක් ඒ වන විට උවමනාවී නොතිබුණි.

ඒ අනුව ශ්‍රී  ලංකාව එහිදී වසර 2016 න් පසුව කාම්බෝජය පරාජය කිරීමටද ඔවුන්ගේ රටටම ගොස් සමත් විය.

ඊයේ තරගයේදී ශ්‍රී  ලංකාව 38 වැනි හා 122 යන විනාඩි වලදී ගෝල වාර්තා කර සිටියේය. 51 වැනි විනාඩියේදී හා 98 වැනි විනාඩියේදී කාම්බෝජය ගෝල වාර්තා කර සිටියේය.ඒ අනුව ශ්‍රී ලංකා නායක  සුජාන් පෙරේරාගේ විශිෂ්ට  දැල් රැකීම හමුවේ කාම්බෝජයේ දඬුවම් පහර තුනක් ඉතා සාර්ථක ලෙස වළක්වා ගැනීම මෙම  තරගයේ තීරණාත්මකම අවස්ථාව  ලෙස සැලකිය හැකිය.

මෙහීදී ඊයේ  තරගයේදී ශ්‍රී  ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් බහුතරයක් එතෙර සිට කැදවීම් ලද දිවිත්ව පුරවැසියන් වීම කැපී පෙණුනි.මෙහිදී  ශ්‍රී ලංකාවේ ගෝල දෙකම ඔවුන් විසින් ලබා ගත් ඒවාවීමත් තවත් කැපී පෙණෙන සිදුවීමකි.

මේ අතර ඊයේ ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයේ ගෞරවය ලැබෙන්නේ වැඩබලන පුහුණුකරු  කුවේට් ජාතික අබ්දුල්ලා අල්මුතායිරි මහතාටය. ඒ නිත්‍ය පුහුණුකරු  ඇන්ඩි මොරිසන් මහතා මේ වන විට අසනීප තත්වයෙන් පසු වන බැවිනි.

දෙරට අතර කොළඹදී  පැවැති තරගය සම වූයේ නිලකුණු තත්වයක් මැදය. කාම්බෝජ ක්‍රීඩකයෝ සිවු දෙනෙක් මෙහිදී විනිසුරු වෙතින් දැඩි අවවාද ලබන කහ කාඩ් පත ලැබූහ. ශ්‍රී  ලංකා කණ්ඩායමේ වැඩේ ඩෙකාර් එසේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කහ කාඩ් පත ලැබූ එකම ක්‍රීඩකයායි. 

පොන්ම් - පෙන් නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා පපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා ‘ලංකාදීප’ යට පැවැසුවේ ජයග්‍රාහී ශ්‍රී  ලංකා කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන්ට බෝනස් දීමනා ලබා දෙන බවයි. 

වසර 2024  මාර්තු 25 වැනිදා  භූතානය  ( 2 - 0) පරාජය කිරමෙන් පසුව ශ්‍රී  ලංකාව ජයගත් පළමු ජාත්‍යන්තර  පාපන්දු  තරගය ඒ අනුව ඊයේ වාර්තා විය. ශ්‍රී ලංකා  කණ්ඩායමේ පළමු ගෝලය අයිස්ලන්ත ලීග් තරගාවලියට ක්‍රීඩා  කරන ඕස්ට්‍රේලියානු සම්භවයකින් යුත් ඔලිවර් කෙලගාට් අත් කර ගත්තේය.

මෙම තරගයේ තවත් සිදුවීමක් නම් කාම්බෝජය  වාර්තා කළ ගොලයක් ප්‍රතික්ෂේප  වීමයි.


අදහස් (0)

විස්මිත ජයකින් ශ්‍රී ලංකාව ආසියානු කුසලාන වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.