Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘කාල්ටන් සුපර් සෙවන්ස් 2014’ සත් සාමාජික රග්බි තරගාවලියේ ගාල්ල, කොග්ගල වෙළෙද කළාප ක‍්‍රීඩාංගණයේදී අද (08) ආරම්භ වූ පළමු අදියර තරගාවලියේ පළමු දිනයේ තරග අවසන් වන විට ශ‍්‍රී ලංකා පිලේ හිටපු නායක යෝෂිත රාජපක්‍ෂ මෙහෙයවන වෙස්ටන් වොරියර්ස් පිල සහ රෝහිත රාජපක්‍ෂ මෙහෙයවන සෙන්ට‍්‍රල් කිංග්ස් පිල අපරාජිත වාර්තා රැුකගැනීමට සමත්ව සිටියේය. මෙම කණ්ඩායම් රාජපක්‍ෂ සොහොයුරන් මෙහෙයවීම කැපී පෙනේ.
පළමු වටයේ ‘ඒ’ කාණ්ඩයේ ක‍්‍රීඩා කළ සෙන්ට‍්‍රල් කිංග්ස් පිල සහ ‘බී’ කාණ්ඩයේ ක‍්‍රීඩා කළ වෙස්ටන් වෝරියස් පිල සහභාගි වූ තරග හතරම ජය ලැබීය.
පළමු වටයේ තරග 20 ක් ඊයේ පැවැති අතර එහිදී කාණ්ඩ දෙකේ ඉදිරියෙන් සිටින කණ්ඩායම් හතර හෙට (09) පැවැත්වෙන පළමු අදියර කුසලාන ශූරතා වටයට සුදුසුකම් ලබයි.
පසුගිය වසරේ සමස්ත ශූරතාව දිනූ ජැෆ්නා චැලෙන්ජර්ස් පිල තරග තුනක් පරාජය වී තරගයක් සම තත්ත්වයෙන් අවසන් කිරීමෙන් ‘බී’ කාණ්ඩයේ අවසන් ස්ථානයට පත්විය. ‘ඒ’ කණ්ඩයෙන් සබරගමුව ස්ටැලියන්ස් පිල පස්වැනි ස්ථානයට පත්විය.
‘ඒ’ කාණ්ඩයේ තරග තුන බැගින් ජය ලබා සිටි ඌව වයිපර්ස් පිල සහ සෙන්ට‍්‍රල් කිංග්ස් පිල අතර තීරණාත්මක තරගයෙන් සෙන්ට‍්‍රල් කිංග්ස් ක‍්‍රීඩකයෝ ලකුණු 31-12 ක කින් ජය ලබමින් අපරාජිත වාර්තාව රැුකගත්තේය.
එම තරගයේදී ඌව වයිපස් පිල නියෝජනය කරන ප‍්‍රබල නවසීලන්ත ක‍්‍රීඩකයන් අවසන් මිනිත්තු කීපයේදී පමණක් ක‍්‍රීඩා කළ අතර පළමු අර්ධයේ ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ පමණක් තරග කළහ. ඒ හේතුවෙන් සෙන්ට‍්‍රල් කිංග්ස් පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 24-0 ක් ලෙස පෙරමුණේ පසු විය.
ලෝක සත් සාමාජික රග්බි පිටියේ ඉදිරියෙන්ම සිටින රටක් වන ෆීජි සත් සාමාජික පිලේ හිටපු නායකයකු මෙන්ම ශ‍්‍රී ලංකා සත් සාමාජික රග්බි පිලේ වර්තමාන පුහුණුකරු ද වන සෙටෆානෝ ඇතු`ඵ ප‍්‍රබල ෆීජි ක‍්‍රීඩකයෝ සිවුදෙනකු ඇතුළත්ව සිටින වෙස්ටන් වෝරියස් පිල මෙහිදී කැපී පෙනෙන දස්කම් දැක්වීය.
වෙස්ටන් වෝරියස් පිල සහ නදන් ග්ලැඩියේටර්ස් පිල අතර තරගයේ අවසන් මිනිත්තුව දක්වා ලකුණු 12-12 ක් ලෙස සම තත්ත්වයේ පැවැති අතර වෝරියස් පිල අවසන් මිනිත්තුවේ සම්පූර්ණ කළ උත්සාහක දිනුමත් සමග ලකුණු 19-12 ක් බවට පත්විය.
ග්ලාස්ගෝහිදී පසුගියදා අවසන් වූ පොදු රාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි රිදී පදක්කම දිනූ නවසීලන්ත සත් සාමාජික පිලේ නායකයා වන ඞී. ජේ. ෆෝබ්ස් ඇතුඵ වර්තමාන නවසීලන්ත පිලේ ලෝක පූජිත ක‍්‍රීඩකයන් පස් දෙනකු ඇතුළත්ව සිටින ඌව වයිපස් පිල සියලූම තරග විශාල ලකුණු පරතරයකින් ජය ගැනීමට සමත් විය.
ප‍්‍රබල ක‍්‍රීඩක ඞී. ජේ. ෆෝබ්ස් ආබාධයකට ලක්ව සිටිය ද මිනිත්තු කීපයක් හෝ ක‍්‍රීඩා කරමින් කණ්ඩායමට සේවය සැපයූ ආකාරය දැකගත හැකිවිය.
ජාතික කණ්ඩායමේ ප‍්‍රබල ක‍්‍රීඩක ශ‍්‍රීනාත් සූරියබණ්ඩාර මෙහෙයවන සදර්න් ශාක්ස් පිල ලකුණු 38-5 කින් නිරංජන් වික‍්‍රමරත්න මෙහෙයවන නෝත් වෙස්ටන් බ්ලැක්ස් පිල පරාජය කිරීම ඊයේ දිනයේ වැඩිම ලකුණු වාර්තා වූ තරගය බවට පත්විය.
තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයේදී ඌව වයිපස් පිල ලකුණු 17-0 කින් නෝත් සෙන්ට‍්‍රල් ටයිපෝන්ස් පිල පරාජය කළේය.
මෙවර ද තරගාවලියට සහභාගි වීම ස`දහා නවසීලන්තය, ෆීජි, සැමෝවා, දකුණු අප‍්‍රිකානු, එංගලන්තය ආදි ලෝකය ප‍්‍රබල සත් සාමාජික රග්බි කණ්ඩායම්වලට හිමිකම් කියන රටවල් රැුසක් නියෝජනය කරමින් ප‍්‍රබල ක‍්‍රීඩකයන් 56 ක් තරගාවලියට සහභාගි වී සිටිති.
තරගාවලියේ දෙවැනි දිනය වන හෙට (09) ප‍්‍රබල පාසල් කණ්ඩායම් අටක් සහභාගි වන පාසල් සත් සාමාජික තරගාවලියේ පළමු වටයේ තරග ද පැවැත්වීමට නියමිතය.
තරග ප‍්‍රතිඵල
‘කාල්ටන් සුපර් සෙවන්ස් 2014’ රග්බි තරගාවලියේ විශේෂ අවස්ථා...
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.