Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බෙල්ජියමේ පැවැති වෙස්ටෙන්ඞ් රෝද පුටු ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩක ගාමිණී දිසානායක සමත් විය.
අවසන් මහ තරගයේදී තරග වට 2-0 ක් ලෙස නෙදර්ලන්ත ජාතික රුබීන් සපාර්ගරින් පරාජය කරමින් ඔහු ශූරතාවට හිමිකම් කීවේය. තරගයේ ලකුණු තත්ත්වය 6/0 ක් සහ 6/4 ක් ලෙස සටහන් විය.
අවසන් පූර්ව වටයේදී තරග වට 2-0 ක් ලෙස බෙල්ජියමේ ජෙෆ් වැන්ඩොර්ප් පරාජය කරමින් ගාමිණී දිසානායක අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර රුබීන් සපාර්ගරින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ තරග වට 2-0 ක් ලෙස ඕස්ටේ්‍රලියාවේ හෙන්රි ඩිකර් පරාජය කරමිනි.
අර්ධ අවසන් පූවර් වටයේදී ගාමිණී දිසානායක හමුවේ තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු වන උපාලි රාජකරුණා තරග වට 2-0 ක් ලෙස පරාජයට පත් විය. අර්ධ අවසන් පූවර් වටයේ තරග වලින් තියුණුම තරගය වූ එම තරගයේ ලකුණු තත්ත්වය සටහන් වූයේ 6/4 ක් සහ 6/3 ක් ලෙසිනි.
මෙම තරගාවලියේ පිරිමි යුගළ ශූරතාව දිනා ගැනීමටද ගාමිණී දිසානායක සමත් වූ අතර උපාලි රාජකරුණා එහිදී ඔහුගේ සගයා ලෙස කටයුතු කළේය.
අවසන් මහ තරගයේදී තරග වට 2-0 ක් ලෙස බෙල්ජියමේ ඉවාන් කින්ඞ්ට් සහ නෙදර්ලන්තයේ රුබීන් සපාර්ගරින් පරාජය කරමින් ඔවුන් යුගළ ශූරතාවට හිමිකම් කීහ. ලකුණු 7/5 ක් සහ 6/3 ක් ලෙස එම තරගයේ ලකුණු තත්ත්වය සටහන් විය.
|
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.