Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වේගය, ත‍්‍රාසය, විනෝදය වෙනුවෙන් දිවි පරදුවට

වේගය, ත‍්‍රාසය, විනෝදය වෙනුවෙන් දිවි පරදුවට

දිලිනි මල්රුක්ෂි - 2013 දෙසැ මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මයිකල් ෂූමාකර් යනු ෆෝමියුලා වන් තරග ඉතිහාසයේ මෙතෙක් කිසිදු කී‍්‍රඩකයෙකුට සම කළ නොහැකි තරමේ ජයග‍්‍රහණයන් හා වාර්තා තැබූ අයෙකි. ෆෝමියුලා , කාණ්ඩයේ මෝටර් රථ තරග ක්ෂේත‍්‍රයේ ඔහු හා සමාන සාර්ථකත්වයක් ඇති කිසිදු රියැදුරෙක් නැති තරම්ය.

ඒ කෙසේ වුවත් විශිෂ්ටයන්ගේත් විශිෂ්ටයන් අතර ඔහුට හිමි තැන සම්බන්ධයෙන් වාද විවාද අතීතයේදීත් සිදුවුනි. වර්තමානයේත් සිදුවෙමින් තිබේ. අනාගතයේද එළෙසම වනු ඇත.

ෂූමාකර්ගේ කී‍්‍රඩාලෝලීන්ට නම් හත් වරක් ෆෝමියුලා , කාණ්ඩයේ ලෝක කුසලානය දිනූ මයිකල් ෂූමාකර් යනු එදා මෙදා තුර බිහිවූ හොදම මෝටර් රථ ධාවකයාය. ඔහු ෆෝමියුලා , කාණ්ඩයේ තරග ක්ෂේත‍්‍රයට සැළකිය යුතු තරමේ බලපෑමක්ද කර ඇති අතර ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් අතර පවා සැළකිල්ලට පාත‍්‍ර වන අයෙක් වේ.

වසර 2002 තරගවාරයේදී ෂූමාකර් ඔහු සහභාගී වූ තරග සියල්ලේම ප‍්‍රථම ස්ථානය ලබාගත් අතර එවන් වික‍්‍රමයක් කිරීමට මෙතෙක් කිසිදු රියැදුරකු සමත්වී නැත.

පසුගියදා හිම මත ලිස්සා යාමේ කී‍්‍රඩාවේ නිරතව සිටියදී හදිසි අනතුරකට ලක්ව රෝහල් ගත කර සිටින 44 හැවිරිදි ෂූමාකර්ට මේ වන විට ලොව පුරා නැගෙන ඉක්මන් සුවය පැතීමේ ප‍්‍රාර්ථනා ඔහුගේ කීර්තිය ෆෝමියුලා , කාණ්ඩයේ තරග ක්ෂේත‍්‍රයෙන් ඔබ්බට විහිද ගිය එකක් බව කියාපායි.

මෙවන් අවස්ථාවක ඔහුගේ කීර්තිය සම්බන්ධයෙන් එදවස සිටම පැවතුණු කතාන්දර කරළියට ගෙන ඒම සිදුනොවිය යුත්තක් වුවත් ඔහුගේ කීර්තිය පසුපස කුමන දේ වුවද ඔහු තම කණ්ඩායමේ හිමිකරුවන් අතර පි‍්‍රයතමයා වීමත් තරග අතරතුරදී අත්තනෝමතික ලෙස කි‍්‍රයාකිරීමත්  යන කරුණු ඇතැයි කියැවේ.

ෆෝමියුලා , කාණ්ඩයේ තරග ක්ෂේත‍්‍රයේ සිටි සුපිරිතම රියැදුරෙකු ලෙස සැළකෙන අයර්ටන් සෙනාටද එදවස මෙසේම චෝදනා නැගුණි. 1994 දී ශාන්ත මැරිනෝ ගෝන්ප‍්‍රී තරගාවලියේදී සිදුවූ අනතුරකින් ජීවිතයෙන් සමුගත් සෙනාට එදා මෙදා තුර කිසිවෙකුටත් නොළැබුණු ආකාරයේ පිළිගැනීමක් ලැබුණි.ඔහුගේ මරණය නිසා ශෝක නොවූ කිසිවෙක්වත් සොයාගැනීම එදවස අපහසු විය.

ෆෝමියුල , කාණ්ඩයේ රියැදුරු ලෝක ශුරතාව පස් වරක් දිනා ඇති කී‍්‍රඩකයින් වන ආර්ජන්ටිනාවේ ජුවන් මැනුවෙල් ෆැන්ජියෝ හා බි‍්‍රතාන්‍ය ජාතික ජිම් ක්ලාර්ක් යන සියලූ දෙනාගේ ගෞරවාදරය දිනා ගැනීමට සමත්වූ කී‍්‍රඩකයින්ය. නමුත් ෆෙරාරි කණ්ඩායමේ රසිකයින්ගේ පමණක් වෙනසක් දැකගත හැකිවූ අතර ඔවුන්ගේ කැමැත්ත තිබුණෙ කැනඩා ජාතික ජයිල්ස් විලෙනිව්ටය.

ෂූමාකර්ගේ මව්රට වන ජර්මනියේදී ඔහුගේ ජනපි‍්‍රයත්වය ගැන විවාදයක් නොමැති වුවත් ඔහුට ලොව පුරා හිමිව ඇති කීර්තිය පුදුම සහගතය. වරක් විශ‍්‍රාම ගෙන නැවත වරක් මර්සිඞීස් කණ්ඩායම සමග තරග බිමට බට ඔහු පිට පිටම අසාර්ථක වුවත් ඔහු කෙරේ තිබුණු රසික කැමැත්ත කිසිලෙසකින්වත් අඩු නොවුනි.

”මම හිතන්නේ මේ සියවසේ පහළ වූ විශිෂ්ටතම ධාවකයා වන්නේ ඔහුයි.” යයි පවසන්නේ මයිකල් ෂූමාකර් සදහටම තරග පිටියෙන් විශ‍්‍රාම ගැනීමට ප‍්‍රථම ඔහු අයත්ව සිටි මර්සිඞීස් කණ්ඩායමේ හිටපු ප‍්‍රධානී රොස් බ‍්‍රවුන්ය.

ෂූමාකර් පසුගිය වසරේ ෆෝමියුලා , කාණ්ඩයේ තරග පිටියෙන් සදහටම සමුගත්තේය. ෆෝමියුලා , කාණ්ඩයේ කී‍්‍රඩා ඉතිහාසයේ මුල් වසර 50 ක කාලයේදී ඔහු තරම් ප‍්‍රබල කී‍්‍රඩකයෙකු නොවූ තරම් බව අවිවාදාත්මකය.

ඉහත සදහන් කරුණු කාරණා යළිත් සළකා බැලීමට සිදුවනු ඇත්දැයි සැක සහිතය. මක්නිසාද යත් ජර්මන් ජාතික සෙබෙස්ටියන් විටාල් මෙම වසරේ දී සිව්වන වරටත් ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්වූ හෙයින්ය. තවමත් තුරුණු වියේ පසුවන විටාල් අඩු වයසකදී සිව් වරක් ලෝක ශූරතාවය දිනූ ප‍්‍රථම කී‍්‍රඩකයා ලෙස දැන් ඉතිහාසයට එක්ව සිටී.

වසර 2004 දී ෆෙරාරි කණ්ඩායම හා සිටි කාලයේ ෂූමාකර් තරග 13 ක වාර්තාගත ජයක් හිමිකර ගැනීමට සමත්වූ අතර ඒ අතරට පිට පිටම ජය ලැබූ තරග 7 ක්ද අයත්ය. ගෙවී යන 2013  වසරේදී 26 හැවිරිදි විටාල් මේ වන විට ඒ හා සමානවම තරග ජය ගෙන තිබෙන අතර තරග 9 ක්  ජයග‍්‍රාහීව නිම කර ඇත.

තරග දිවියේ අදියර දෙකක්

මයිකල් ෂූමාකර්ගේ තරග දිවිය කොටස් 2 කින් යුත් නාටකයකට සමාන කළ හැකිය. එම කොටස් දෙක අතර වසර තුනක දිගු විවේක කාලයක්ද වේ.

මර්සිඩිස් කණ්ඩායම සමග යළිත් තරග බිමට බට ෂූමාකර් පැදවූයේ දිදුළන රිදී පැහැයෙන් යුත් මාර්ක් II මෝටර් රථයයි. මෙය මර්සිඞීස් කණ්ඩායමට ජය ගෙනදුන් මාර්ක් , රථය පදනමේ සිට නිපදවූවක් වුවත් බෙනින්ග්ටන් හා ෆෙරාරි කණ්ඩායම් සමග ධාවන පථ පුරා අණසක පැතිරවූ මයිකල්ට මේ මෝටර් රථට හා එවන් වික‍්‍රමයක් කිරීමට නොහැකි වුනි.

වසර 2006 දී ඉතාලි ගෝන්ප‍්‍රී තරගාවලිය අතරතුරදී පැවති මාධ්‍ය හමුවකදී මයිකල් තමන් ෆෙරාරි කණ්ඩායමේ රියැදුරෙකු ලෙස විශ‍්‍රාම ගැනීමට සූදානමින් සිටින්නේ යැයි පැවසූ විට සියලූ දෙනා සිතූයේ මේ යුගයක අවසානය වනු ඇති බවයි.

එක්තරා අතකට එය එසේ විය. යළිත් තරග බිමට පැමිණියද මයිකල් හට වාර්තා කළ හැකි වූයේ එක් ජයග‍්‍රහණයක් පමණි. නමුත් ඔහු වෙනදාට වඩා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් හා යහපත් ආකල්ප වලින් පිරී සිටිනු හදුනාගතහැකි වුනි.

පසුගිය වසරේ ජපානයේදී ෆෝමියුලා , කාණ්ඩයේ තරග බිමෙන් තමන් සදහටම සමුගන්නා බව නිවේදනය කළ මොහොතේ මයිකල් ආපදාවකින් තොරව තම කී‍්‍රඩා දිවිය නිමා කිරීමට හැකිවීම සම්බන්ධයෙන් මහත්වූ සැනසීමකින් සිටිනවා පෙනුනි. ඔහු නොමැති කාලයේ ෆෝමියුලා , කාණ්ඩයේ ලෝකය ඔහු පසුකර බොහෝ දුර ගොස් තිබුණි.

”මට මා ගැනම සැක මතුවුනා කාලයක පටන්. මේ නිදහස ලැබීමට කාලයයි” ඔහු පිළිගත්තේය.

තම හැකියාවන් ගැන සැක සිතීම මයිකල්ගේ ස්වභාවය නොවේ.ඔහුගේ තරග දිවියේ අඩිතාලම දැමූ ඔහුගේ පියා රොල්ෆ් මයිකල්ව ප‍්‍රථම වතාවට කොලෝග්න් හි කාර්පේන් කාර්ට් ධාවන පථයට රැුගෙන ගිය දින පටන් ඔහු සිහින මැව්වේ ෆෝමියුලා , කාණ්ඩයේ රියදුරෙකු වීමටමය. ඔහුගේ පියා සැබැවින්ම කුඩා මයිකල්ව කාර්පෙන් වෙත රැගෙන ගියේ තරග බැලීමටම නොව එහි ආපනශාලාවක සේවය කළ ඔහුගේ මව හමුවීමට බවද කියැවේ.

වසර 1991 දී ෆෝමියුලා , කාණ්ඩයේ තරග බිමට ඔහු ඇතුල්වූයේ මර්සිඩිස් කණ්ඩායමේ මැදහත්වීමෙන්ය. ජොර්දානයේදිී පැවැති තරගාවලියක් අතරතුරදී එරට සිරගත කෙරුණු මර්සිඞීස් කණ්ඩායමේ ධාවකයකු වන  බෙල්ජියානු ජාතික බර්ට‍්‍රැන්ඞ් ගැචොට් වෙනුවට තරග කිරීමේ අවස්ථාව මයිකල්ට හිමිවුනි. ෆෝමියුලා , කාණ්ඩයේ තරග බිමට ඇතුල්වීමට ලැබුණු මේ අවස්ථාව ඔහුගේ දිවියේ කඩඉමක් විය.

තරගය පැවැත්වුණු ස්පා ධාවන පථයේ ඒ වන විට මයිකල් පැද තිබුූයේ පාපැදියක් පමණක් වුවත් ප‍්‍රථම වතාවට එහි ෆෝමියුලා මෝටර් රථයක් පදවා සත්වැන්නා ලෙස තරගය නිමා කිරීම ඔහු කෙරෙහි සියලූදෙනාගේ අවධානය යොමුකරවීමට හේතු වුනි. ඔහුව වහාම බෙනෙටන් කණ්ඩායමට බදවා ගත් අතර 1994  වසර අවසානය වන විට ඔහු ලෝක ශූරයා බවට පත්වී අවසානය.

ෂූමාකර්ගේ දෙවන ආගමනයේදී ඔහු පෙර සිටියාට වඩා හාත්පසින්ම වෙනස් පුද්ගලයෙකු බවට පත්වී සිටිනු හදුනාගත හැකි වුනි. ෆෙරාරි කණඩායමේ සිටි කාලයට වඩා ඔහු සමාජශීලී වී සිටියේය.

මුල් කාලයේ මයිකල් තනිව වාසය කළ අතර ඔහුගේ නිවෙස් වූයේ කුලියට ගත් කාමරයන්ය. එසේ කිරීමට හේතුව සමාජයේ විවිධ ගැටලූ වලින් තම හිස නොවෙහසා සිටීමට ඔහුට අවශ්‍ය වූ හෙයිනි.

අලූත් මයිකල් ඉතාලි බස පුරුදු වීමටද කාලය වෙන් කර තිබෙනු දැකගත හැකිවුනි. ඉතාලියේ ෆෙරාරි කණ්ඩායමේ සිටි කාලයේදී ඔහු ජර්මානුවෙකු වීම කණ්ඩායමේ සිටි බහුතර ඉතාලි ජාතිකයින් එතරම් කැමැත්තක් පළ නොකළ බව සදහන්ය. ඔවුන් මෙම අසහාය කී‍්‍රඩකයාට ගරු කළත් ඔහු ජර්මානුවෙකු නොවී ඉතාලි ජාතිකයෙකු සේ කටයුතු කරන්නේ නම් මැනැවැයි සිතා සිටි බව පැවසේ.

”මගේ තරග දිවියේ මුල් භාගයේදී ෆෝමියුලා වන් තරග පිටියට ඇතුල්වූ අලූත පටන්ම මට හැමදෙනාගේම අවධානය යොමු වෙලායි තිබුණේ. එනිසා මා මත පැටවී තිබුණේ මහත් පීඩනයක් හා බරක්.

”කී‍්‍රඩකයෙකු හැටියට එවන් පීඩනයක් හා ගනුදෙනු කිරීම ඇත්තෙන්ම මට ගැටලූසහගත වුනා‘‘ ඔහු පසුගිය වසරේදී පැවසීය.
”මා කී‍්‍රඩාවෙන් අයින් වෙලා සිටි කාලයේ (2007 - 2010) මම නිදහස් යැයි දැනුනා. මම නැවත පැමිණියහම මම දැක්කා විවෘතවීමටත් සතුටින් සිටීමටත් අවස්ථා  ඕනෑ තරම් තිබෙන බවත්් ඒවායේ යෙදුණා යැයි කියා තරග කෙරෙහි තිබෙන අවධානය අඩුවන්නේ නැති බවත්. මෙය මා මුල් කාලයේ නොසිතූ හා නොකළ දෙයක්‘‘

‘‘දෙවන භාගයේදිී මම පැමිණියේ අත්දැකීම් වලින් පිරුණු පුද්ගලයෙක් ලෙස. ඒවා ඇත්තටම මගේ වැඩකටයුතු පහසු වීමට හේතු වුනා‘‘

ආන්දෝලනාත්මක අතීතය

මයිකල්ගේ ප‍්‍රියතම ධාවන පථය වන බෙල්ජියමේ ස්පා ධාවන පථය වරෙක මිහිදුමින් වැසී ගොස් අදුරු වන්නා සේම මයිකල්ගේ කී‍්‍රඩා දිවියේ අදුරුවී ඇති තැන් බොහෝය.

ඬේමන් හිල් හා 1994 දී ලෝක කුසලානය දිනා ගන්නා තැනැත්තා වීම අරබයා ඇතිවුණු ගැටුම, 1997 දී ප‍්‍රචණ්ඩකාරී ලෙස ජැක් විලෙනිව් මාර්ගයෙන් ඉවතට තල්ලූ තර දැමීම, හා ආන්දෝලනයට තුඩුදුන් 2002 වසරේ ඔස්ටි‍්‍රයාවේදී පැවති ලෝක කුසලාන සදහා වූ අවසන් තරගයේදී පළමු ස්ථානයේ සිටි ෆෙරාරි කණ්ඩායමේම ඔහුගේ ආධාරක රියදුරු රූබන්ස් බැරචෙලෝ හට ඔහුගේ රථය ඉවතට ගෙන මයිකල් හට පළමු ස්ථානය ලබාදෙන සේ උපදෙස් දීම ඒවා අතරින් සමහරකි.

එදවස තෙත් ධාවන පථයන්ගේ තම ෆෝමියුලා , කාණ්ඩයේ රථය පදවමින් ඔහු දැක්වූ විස්කම් විශ්මය සහගතය. ඔහුගේ සංයමය හා කණ්ඩායමේ සාමාජිකයින් සියලූ දෙනා ජයග‍්‍රහණය කරා යොමුකිරීමට ඔහුට තිබූ හැකියාව වෙනත් කිසිදු රියැදුරෙකුට නොතිබූ තරම්ය.

නමුත් ඔහුගේ සාර්ථකත්වය පසුපස ඇත්තේ තාක්ෂණයෙන් ඉහළම මෝටර් රථයක් භාවිතා කිරීම, කැපවීමෙන් වැඩ කටයුතු කරන කණ්ඩායම් සාමාජිකයින් සිටීම, ඔහුගේ සිතැගි තේරුම් ගෙන වැඩකටයුතු කළ හැකි සහය රියැදුරෙකු සිටීම වැනි කරුණු යැයි ඇතැම්හු පවසති. තවත් පිරිසක් පවසන්නේ ඔහු සැබැවින්ම දක්ෂයන්ගෙත් දක්ෂයා වූ නිසා ඔහු ජය පිට ජය ලැබූ බවයි.

වසර 2006 දී  මොනොකෝ ගෝන්පී‍්‍ර තරගාවලියේදී ඔහු චංචනිකයෙකු යැයිද චෝදනාද ලැබීය. මෙසේ චෝදනා ලැබීමට හේතු වූයේ ඔහු සුදුසුකම් ලැබීමේ තරගයක් අතරතුරදී අන් කී‍්‍රඩකයින් සුදුසුකම් ලැබීම වළකනු වස් ධාවන පථයේ අවසන් භාගයේදී තම රථයෙන් ඔවුන්ගේ ධාවන පථයන් හිතාමතාම අවහිර කිරීමට කටයුතු කිරීමයි.

”මයිකල් හා මුල සිටම වැඩකරන්නට ලැබීම භාග්‍යයක්. අපට හොද නරක කාල දෙකම අත්විදීමට හැකිවුනා.” රොස් බ‍්‍රවුන් පසුගිය වසරේදී පැවසීය.

”මම හිතන්නේ බොහෝ දෙනා නොදැක්කාට මයිකල් තම දෙවැනි ආගමනයෙන් මර්සිඞීස් කණ්ඩායමට සිදුකළේ යහපතක්. අප ගොඩක් දේ ඔහුගෙන් ඉගෙන ගත්තා. අප අනාගතයේදී දිනා ගන්නා දේ වලට මූලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේ මයිකල් බව සැමට පෙනේවි”

මර්සිඞීස් කණ්ඩායම 2013තරග වාරයේ රෙඞ්බුල් කණ්ඩායමට දෙවැනි වෙමින් අනුශූරයින් ලෙස තරගාවලිය නිමා කළේය. අවසානයේ මයිකල්ට පෙර හිමිව තිබූ කීර්තිය කිසිවෙකුගේත් අවධානයට ලක්නොවන තැනට පත්වී තිබුණි.

ලෝටස් කණ්ඩායමට ඔවුන්ගේ කී‍්‍රඩක කිමි රයිකනන් හට ආදේශක කී‍්‍රඩකයෙකු සොයාගැනීමට අවැසි වූ කළ ඔවුන් 44 හැවිරිදි මයිකල් ගැන කිසිසේත් සළකා බැලූවේ නොමැති බවද කියැවේ.

රොයිටර් පුවත් සේවය ඇසුරිනි


අදහස් (0)

වේගය, ත‍්‍රාසය, විනෝදය වෙනුවෙන් දිවි පරදුවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.