Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වේල්සයට පහසු ජයක්

වේල්සයට පහසු ජයක්

සංජය එරමුදුගොඩ - 2018 මාර් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සයකොන් රග්බි තරගාවලියේ පිට පිට 16 වැනි පරාජයත් ඉතාලි කණ්ඩායමට උරුමකර දුන් වේල්සය තමන්ගේ මහගෙදර වූ ප්‍රින්සිපල්ටි ක්‍රීඩාංගණයේදී ඉතාලි කණ්ඩායමට එරෙහිව ලකුණු 38 - 14 ක පහසු ජයක් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැනට පැන ගැනීමට සමත්විය.  තරගයේ විවේක කාලයේදී ලකුණු තත්ත්වය 17-7 ක් විය.

පුහුණුකරු වොරන් ගැට්ලන්ඞ් වේල්ස් පිලේ වෙනස්කම් 10ක් කළ අතර ඉන් එක් ක්‍රීඩකයකු වූ ජෝර්ජ් නෝර්ත් උත්සාහක දිනුම් දෙකක් තැබූවේය. මීට අමතරව හැඞ්ලයි පාක්ස්, ජස්ටින් ටිපුරික් සහ කොරී හිල් ද උත්සාහක දිනුම බැගින් තැබීම නිසා වේල්සය තරගය ජයගත්තේ ප්‍රසාද ලකුණකුත් සහිතවය.

කාඩිෆ් නුවර පැවැති මේ තරගයේ 10 වැනි මිනිත්තුවේදී මැටියෝ මිනෝසි තැබූ උත්සාහක දිනුමෙන් පසුව තරගයේ අන්තිම මිනිත්තු 5ක උදාවනතුරුම උත්සාහක දිනුමක් තැබීමට ඉතාලියට හැකි වූයේ නැත. මැටියා බෙලිනිගේ උත්සාහක දිනුම වාර්තා වූයේ තරගයේ 76 වැනි මිනිත්තුවේදීය.

තරගයේ සිවුවැනි මිනිත්තුවේදී හැඞ්ලයි පාක්ස් තැබූ උත්සාහක දිනුමකින් ලකුණු ලබාගැනීම ආරම්භ කළ වේල්සය පළමු භාගය නිමාවනවිට පෙරමුණ ගත්තේ ලකුණු 17-7 ක් ලෙසිනි. ආරම්භයේදී වේල්සයට කදිම අභියෝගයක් එල්ල කිරිමට ඉතාලිය සමත්වූවත් පළමුභාගයේ අවසන් භාගයේදී වේල්සය දැමූ පීඩනය දරාගැනීමට තරම් ශක්තියක් ඉතාලියට තිබුණේම නැත.

පළමුභාගයේ අවසන් මිනිත්තු කිහිපයේදී ලියම් විලියම්ස් සහ ගැරත් ඬේවිස් දෙදෙනාම කහ කාඞ් පතෙන් දඬුවම් ලබා පිටියෙන් ඉවත්වූහ. එසේ ක්‍රීඩකයන් 13 දක්වා අඩුවුවත් ඉන් ඵල නෙලා ගැනීමට නම් ඉතාලියට ඉඩක් ලැබුණේ නැත.

විලියම්ස්ට දුන් කහ කාඞ් පත සැර අඩු එකක් බවට පසුව තරග තීරකවරයාට චෝදනා එල්ල විය.  ඔහුට මේ දඬුවම් දුන්නේ ඉතා භයානක කකුල් මාට්ටුවක් දැමීම හේතුවෙනි. ඒ මොහොතේ බී.බී.සී. සේවයෙන් මේ තරගයේ සජීවි විචාරයේ යෙදී සිටි වේල්සයේ හිටපු නායකයන් වන මාටින් විලියම්ස්ගේ සහ ජොනතන් ඬේවිස්ගේ විශ්වාසය වූයේ එය රතු කාඞ් පතක් ලැබීමට තරම් දරුණු කකුල් මාට්ටුවක් බවයි.

මේ ජයග්‍රහණයෙන් පසුව මෙවර සයකොන් ශූරතාවට හිමිකම් කියමින් සිටින අයර්ලන්තයට දෙවැනි වෙමින් තරගාවලිය නිමාකිරීමට වේල්සයට කදිම අවස්ථාවක් ලැබී ඇත. නමුත් එසේ වන්නේ ලබන සතියේ ප්‍රංශය සමග පැවැත්වෙන තරගය ප්‍රසාද ලකුණකුත් සමග ජයගන්නේ නම් පමණි.

 

- 077

 


අදහස් (0)

වේල්සයට පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.