Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වෝග්ස් ඕස්ටේ‍්‍රලියාව ඔසවයි

වෝග්ස් ඕස්ටේ‍්‍රලියාව ඔසවයි

Dilrukshi - 2015 ජුනි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

සංචාරක  ඕස්ටේ‍්‍රලියානු පිල සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර තරග දෙකකින් සමන්විත ‘ශ‍්‍රීමත් ෆෑන්ක් වොරල්’ කුසලාන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදී (4 වැනිදා) ක‍්‍රීඩාව අවසන් කරන විට බටහිර ඉන්දීය කොදෙව් පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 2 ක් දැවී ලකුණු 25 ක් රැස්කර සිටියේය.

දෙවැනි දිනය අවසන් වන විට  ඕස්ටේ‍්‍රලියාව ලකුණු 145 ක් ඉදිරියෙන් සිටියේය.පළමු දිනයේ ක‍්‍රීඩාව අත්හිටුවන විට කඩුලූ 3 ක් දැවී ලකුණු 85 ක් රැස්කර සිටි  ඕස්ටේ‍්‍රලියානු පිල පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 318 ක් රැස් කිරීමට සමත් විය.

ඇඩම් වෝග්ස්  ඕස්ටේ‍්‍රලියානු ඉනිමේ සාර්ථකම පිතිකරු බවට පත්වෙමින් පන්දු 247 කදී හතරේ පහර 13 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 130 ක් රැස්කිරීමට සමත් විය. මෙය වෝග්ස්ගේ දෙවැනි ටෙස්ට් ශතකයයි.

ඕස්ටේ‍්‍රලියානු පිල ලකුණු 178 කට කඩුලූ 8 ක් බිඳ වැටී සිටියදී ඇඩම් වෝග්ස් අන්තයක් ආරක්‍ෂා කර ගනිමින් නේතන් ලයන් (22) සමඟ එක්ව නවවැනි කඩුල්ලට ලකුණු 43 ක සම්බන්ධතාවක් ද, ජෝෂ් හේසල්වුඞ් (39)සමඟ එක්ව අවසන් කඩුල්ලට ලකුණු 97 ක සම්බන්ධතාවක් ද, පවත්වමින් ප‍්‍රබල තත්ත්වයකට රැගෙන ඒමට සමත් විය.  

ජෝෂ් හේසල්වුඞ් පන්දු 87 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 39 ක් රැස් කළේය. 

බටහිර ඉන්දීය කොදෙව් පිල පළමු ඉනිම - ඕවර 53.5 කදී සියලූ දෙනා දැවී 148

(ශායි හෝප් 36, ඩැරන් බ‍්‍රාවෝ 19, ෂේන් ඩොව්රික් 15, දිනේෂ් රැම්ඩින් 19, ජේසන් හෝල්ඩර් 21, මිචෙල් ජොන්සන් 34/3, ජෝෂ් හේසල්වුඞ් 33/3, මිචෙල් ස්ටාක් 48/2)

ඕස්ටේ‍්‍රලියානු පිල පළමු ඉනිම - ඕවර 107 කදී සියලූ දෙනා දැවී 318

(ෂෝන් මාෂ් 19, ස්ටීව් ස්මිත් 25, මයිකල් ක්ලාක් 18, ඇඩම් වෝග්ස් නොදැවී 130, ෂේන් වොට්සන් 11, මිචෙල් ජොන්සන් 20, නේතන් ලියොන් 22, ජෝෂ් හේසල්වුඞ් 39, ඩිවෙන්ද්‍ර බිෂෝ 80/6)
බටහිර ඉන්දීය කොදෙව් පිල දෙවැනි ඉනිම  ඕවර 11 කදී කඩුලූ 2 ට 25

-048

 


අදහස් (0)

වෝග්ස් ඕස්ටේ‍්‍රලියාව ඔසවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.