Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වෝටර් පෝලෝ තරගයේ ජය ඉන්දියාවට

වෝටර් පෝලෝ තරගයේ ජය ඉන්දියාවට

ශනුක අරවින්ද - 2016 ඔක් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයෙදී පැවැත්වෙන දකුණු ආසියානු ජල කී‍්‍රඩා තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (18 වැනිදා) පැවැති වෝටර් පෝලෝ තරගය ගෝල 10-8 ක් ලෙස ජයගැනීමට ඉන්දියාව සමත් විය.

ආරම්භයේ සිටම දක්ෂ ලෙස තරගයට අවතීර්ණ වූ ශ්‍රී ලංකා කී‍්‍රඩකයෝ පළමු කාර්තුව තුළදී 2-1 ක් ලෙසද, දෙවැනි කාර්තුව තුළදී 3-2 ක් ලෙසද ගෝල ලබාගනිමින් පළමු අර්ධය නිමා වන විට ගෝල 5-3 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වූහ.

තෙවැනි කාර්තුවේ සිට තරගය තරමක් තියුණු මුහුණුවරක් ගත් අතර එහිදී දෙපිලම ගෝල 2 බැගින් ලබාගනිමින් මුලූ ගෝල සංඛ්‍යාව 7-5 ක් ලෙස වර්ධනය කරගත්හ.

කෙසේ වෙතත් සිව්වැනි කාර්තුව ආරම්භයේ සිටම ඉතා ආක‍්‍රමණශීලී කී‍්‍රඩා විලාශයක් පෙන්නුම් කළ ඉන්දීය කී‍්‍රඩකයෝ එහිදී ගෝල 5 ක් ලබාගත් අතර ශ්‍රී ලංකා කී‍්‍රඩකයන්ට සිව්වැනි කාර්තුවේදී ලබාගත හැකිවූයේ එක් ගෝලයක් පමණි.

ඒ අනුව නියමිත කාලය අවසන් වන විට ගෝල 10-8 ලෙස සමස්ත තරගයේ ජය තමන් සතු කරගැනීමට මුල් කාර්තු 3 පුරා ශ්‍රී ලංකාවට වඩා පසුපසින් සිටි ඉන්දීය කී‍්‍රඩකයෝ සමත් වූහ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එස්. ජයතිලක ගෝල 4 ක්ද, බී. යකූබ් ගෝල 2 ක්ද ලබාගත් අතර එස්. ගුණතිලක සහ කේ. ඇසලාරච්චි එක් ගෝලය බැගින් ලබාගත්හ.

ඉන්දියාව වෙනුවෙන් කේ. චන්ද්‍ර ගෝල 3 ක් ලබාගත් අතර එස්. වර්ගීස් සහ එස්. ප‍්‍රකාෂ් ගෝල 2 බැගින්ද, කේ. සගේෂ් සහ ජී. ශිවම් එක් ගෝලය බැගින්ද ලබාගත්හ.

ඡායාරූප - ශානුක අරවින්ද


අදහස් (0)

වෝටර් පෝලෝ තරගයේ ජය ඉන්දියාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.