Last Update  :  2025-01-16 16:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වෝනර්ගෙන් ද්විත්ව ශතකයක්
මෙල්බර්න් ටෙස්ට් තරගය

වෝනර්ගෙන් ද්විත්ව ශතකයක්

editorial - 2022 දෙසැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දක්ෂ පිතිහරඹයක නිරත වූ ඩේවිඩ් වෝනර්ගේ (200) ද්විත්ව ශතකය හේතුවෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය (27 වැනිදා) අවසන් වන විට කඩුලු 3 ක් දැවී ලකුණු 386 ක් ලබා ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.

ඒ අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනිමේදී කඩුලු 7 ක් අතැතිව දකුණු අප්‍රිකාවට වඩා ලකුණු 197 ක් ඉදිරියෙන් සිටින අතර දෙවැනි දිනය නිමාවට පත්වන විට ට්‍රැවීස් හෙඩ් හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 48 ක්ද, ඇලෙක්ස් කේරි ලකුණු 9 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

තරමක් වේගයෙන් ලකුණු රැස්කළ වෝනර්, පන්දු 254 කදී සිය දෙවැනි ද්විත්ව ශතකය ලබාගත් අතර ඊට හයේ පහර 2 ක් සහ හතරේ පහර 16 ක් ඇතුළත් විය. ද්විත්ව ශතකය සම්පූර්ණ කළ වහාම ආබාධ තත්ත්වයක් හේතුවෙන් පිටියෙන් ඉවත්ව ගිය අතර දෙවැනි දිනය නිමාවන තෙක් යළි පන්දුවට පහරදීම සඳහා පිටියට නොපැණියේය.

ලකුණු 75 කට කඩුලු 2 ක් බිඳ වැටී තිබූ අවස්ථාවේදී ස්ටීවන් ස්මිත් (85) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 239 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද වෝනර් සමත් විය. ඕස්ටේ්‍රලියානු ඉනිම ගොඩනැගීම සඳහා වෝනර්ට අනගි සහායක් දුන් ස්මිත්ගේ අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 9 කින් සමන්විත විය.


දකුණු අප්‍රිකානු පළමු ඉනිම - සියලු දෙනා දැවී 189
(ඩීන් එල්ගා 26, සැරෙල් එර්වි 18, කයිල් වැරේන් 52, මාර්කෝ ජැන්සන් 59, කැමරන් ග්‍රීන් 27/5, මිචෙල් ස්ටාක් 39/2)

ඕස්ට්‍රේලියානු පළමු ඉනිම - කඩුලු 3 ක් දැවී 386
(ඩේවිඩ් වෝනර් 200, ස්ටීවන් ස්මිත් 85, ට්‍රැවීස් හෙඩ් නොදැවී 48)

- 036


අදහස් (0)

වෝනර්ගෙන් ද්විත්ව ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.