Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වෝනර් - ෆින්ච් ඕස්ට්‍රේලියාවේ ගෞරවය රැකගනිති

වෝනර් - ෆින්ච් ඕස්ට්‍රේලියාවේ ගෞරවය රැකගනිති

සංජය එරමුදුගොඩ - 2017 සැප් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඬේවිඞ් වෝනර් (124) සහ ඒරන් ෆින්ච්ගේ (94) විශිෂ්ට පිතිහරඹය හමුවේ බැංගලෝර්හිදී පැවැති සිවුවැනි එක්දින තරගයෙන් ඉන්දියාවට එරෙහිව ලකුණු 21 ක ජයක් හිමිකර ගැනීමට ඕස්ට්‍රේලියාව අද (28 වැනිදා) සමත්විය. තරගාවලිය 3-1 ක් ලෙස පරාජයට පත්වී සිටියද සම්පූර්ණ සුද්දයකින් ගැලවීමට ලැබීම ඕස්ටේ්‍රලියාව ලැබූ යම්කිසි සහනයක් විය.

ජයග්‍රහණය සදහා ලකුණු 335 ක ඉලක්කයක් හඹාගිය ඉන්දියාවට ඕයර 50 අවසානයේදී කඩුලු 8 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 313 ක් පමණි. ආරම්භක පිතිකරුවන්වූ අජින්ක්‍යා රහනේ (53) සහ රෝහිත් ශර්මා (65) පළමු කඩුල්ල සදහා පන්දු 110 කදී ලකුණු 106 ක් ලබාගනිමින් සාර්ථක ආරම්භයක් ලබාදීමට සමත්විය.

මැද පෙළ පිතිකරුවන්වූ හර්දික් පාණ්ඩ්‍යා (41) සහ කේදර් ජාදව් (67) ජයග්‍රහණය දෙසට ඉන්දීය කණ්ඩායම රැගෙන ගියද ඔවුන් දෙදෙනාගේ දැවීයාමත් සමගින් බලාපොරොත්තු සුන්වී ගියේය. පන්දු 69 කදී හයේ පහරක් සහ හතරේ පහර හතක් සමගින් ලකුණු 67 ක් රැස්කළ කේදර් ජාදව් ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඕස්ටේ්‍රලියාව ඕවර 50 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 334 ක් රැස්කිරීමට සමත්විය. පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 210 කදී ලකුණු 231 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් ඕස්ටේ්‍රලියා වෙනුවෙන් ඉහළම වාර්තාගත ලකුණු සම්බන්ධතාවයත් පැවැත්විමට ඬේවිඞ් වෝනර් සහ ඒරන් ෆින්ච් සමත්වූහ.

තම 100 වැනි එක්දින තරගයේදී ශතකයක් රැස්කළ අටවැනි පිතිකරුවා බවට ඬේවිඞ් වෝනර් පත්වීම මෙහිදි සිදුවූ තවත් සුවිශේෂී සිදුවීමක් විය. එමෙන්ම තම 100 වැනි එක්දින තරගයේදී ඕස්ටේ්‍රලියා වෙනුවෙන් ශතකයක් රැස්කළ පළමු පිතිකරුවාද වන්නේ ඬේවිඞ් වෝනර්ය. 21 වැනි එක්දින ශතකය පන්දු 103 කදී වාර්තා කළ ඬේවිඞ් වෝනර් දැවීයන විටදී පන්දු 119 කට මුහුණ දෙමින් හයේ පහර හතරක් සහ හතරේ පහර 12 ක් සමගින් ලකුණු 124 ක් රැස්කිරීමට සමත්විය.

 ඬේවිඞ් වෝනර්ට අනගි සහයක් ලබාදුන් ඒරන් ෆින්ච් පන්දු 96 කට මුහුණ දෙමින් හයේ පහර තුනක් සහ හතරේ පහර 10 ක් සමගින් ලකුණු 94 ක් රැස්කිරීමට සමත්විය.

උමේෂ් යාදව් ලකුණු 71 කට කඩුලු 4 ක් දවාගැනීමට සමත්විය.


ඕස්ට්‍රේලියාව - ඕවර 50 කදි කඩුලු 5 ක් දැවී ලකුණු 334
(ඒරන් ෆින්ච් 94, ඬේවිඞ් වෝනර් 124, ට්‍රැවිස් හෙඞ් 29, පීටර් හැන්ඞ්ස්කොම්බ් 43, උමේෂ් යාදව් 71/4)

ඉන්දියාව - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 313
(අජින්ක්‍යා රහනේ 53, රෝහිත් ශර්මා 65, විරාට් කෝලී 21, හර්දික් පාණ්ඩ්‍යා 41, කේදර් ජාදව් 67, මනිෂ් පාණ්ඬේ 33, කේන් රිචඞ්සන් 56/2, නේතන් කූල්ටර්නයින් 56/2)

 


අදහස් (0)

වෝනර් - ෆින්ච් ඕස්ට්‍රේලියාවේ ගෞරවය රැකගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.