Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වි:20 කි‍්‍රකට් නායකත්වය මාලිංගට

වි:20 කි‍්‍රකට් නායකත්වය මාලිංගට

සංජය එරමුදුගොඩ - 2014 අප්‍රේ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

විස්සයි:20 කණ්ඩායමේ නායකත්වය ලසිත් මාලිංගට පැවරූ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරීම් කමිටුව ටෙස්ට්, එක්දින සහ විස්සයි20 යන කණ්ඩායම් තුනේම උප නායකයා ලෙස යොවුන් පිතිකරු ළහිරු තිරිමාන්න පත්කිරීමට තීරණය කර තිබේ.


වසරකට වැඩි කාලයක් ටෙස්ට් සහ එක්දින කණ්ඩායම්වල උපනායකයා ලෙස ද, විස්සයි20 පිලේ නායකයා ලෙසද දිනේෂ් චන්දිමාල් කටයුතු කළේය. එහෙත් බංග්ලාදේශයේදී පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ඇති වූ තත්ත්වය අනුව චන්දිමාල්ට විස්සයි20 පිලේ නායකත්වය අහිමි විය.

ඇන්ජලෝ මැතිව්ස් තව දුරටත් ටෙස්ට් සහ එක්දින කණ්ඩායම්වල නායකයා ලෙස කටයුතු කරයි. එංගලන්තයේදී ලබන මස ආරම්භ වන දීර්ඝ සංචාරයේදී තිරිමාන්න නිල වශයෙන් උප නාකයත්වයේ වැඩ අරඹයි.

මොරටුව වේල්ස් කුමර විදුහලේ ආදි ශිෂ්‍යයකු වන 24 හැවිරිදි තිරිමාන්න, එම විදුහලේ වයස 13 න් සිට 17 න් පහළ දක්වා සෑම වයස් කාණ්ඩයකම නායකයා ලෙස කටයුතු කර ඇතත් 2008 වසරේ වයස 19 න් පහළ තරගාවලිය වයස 20 න් පහළ ලෙස වෙනස් කිරීම නිසා තිරිමාන්නට එම වයස් කාණ්ඩයේ නායකත්වය අහිමිවිය.

මැලේසියාවේදී 2008 වසරේ පැවැති වයස 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා පිලේ ප‍්‍රබලතම පිතිකරුවකු ද වූ තිරිමාන්න ශ්‍රී ලංකා සංවර්ධන පිලේ නායකයා සහ ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ උප නායකයා ලෙස ද කටයුතු කර තිබේ.

මෙම පත්කිරීම පිළිබඳව ‘ලංකදීප’ කළ විමසුමකදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා පැවසුවේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් දක්‍ෂ තරුණ ක‍්‍රීඩකයකු වන තිරිමාන්නට කණ්ඩායම් තුනේම උප නායකත්වය පැවරීමට තීරණය කළ බවයි.

”මේ තීරණයත් සමග චන්දිමාල්ට පීඩනයකින් තොරව සාමාන්‍ය ක‍්‍රීඩකයකු ලෙස ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව ලැබෙනවා. ඔහු නිදහසේ ක‍්‍රීඩා කරලා දස්කම් අතරට එයි කියලා අපි බලාපොරොත්තු වෙනවා” යැයි ජයසූරිය මහතා වැඩි දුරටත් පැවසීය. 


අදහස් (0)

වි:20 කි‍්‍රකට් නායකත්වය මාලිංගට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.