Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story විද්‍යාර්ථ විදුහල ‘ස්ටබ්ස් පළිහ’ දිනාගනී

විද්‍යාර්ථ විදුහල ‘ස්ටබ්ස් පළිහ’ දිනාගනී

සංජය එරමුදුගොඩ - 2014 සැප් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශී‍්‍ර ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ 92 වැනි ‘ස්ටබ්ස් පළිහ’ පාසල් බොක්සිං තරගාවලියේ ශූරතාව දිනාගැනීමට මහනුවර විද්‍යාර්ථ විදුහල සමත්විය. රන් පදක්කම් 5 ක් සමග ප‍්‍රසාද ලකුණු 42 ක් රැස්කරමින් ඔවුහු මෙවර ශූරතාවට හිමිකම් කීහ. විද්‍යාර්ථ විදුහල අවසන් වරට ‘ස්ටබ්ස් පළිහ’ දිනා තිබුණේ 2011 වසරේදිය.

ඉකුත් වසරේ පැවැති තරාවලියේ ශූරතාව දිනාගත් හොරණ විද්‍යාරතන පිරිවෙනට මෙවර තරගාවලියේ අනුශූරතාවෙන් සෑහීමකට පත්වීමට සිදුවිය. රන් පදක්කම් 2 ක් සමගින් ඔවුන් රැස්කරගෙන තිබූ ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 20 කි.

කොළඹ රාජකීය විදුහල සහ ඉංගිරිය ගාමිණී මධ්‍ය මහ විදුහල ප‍්‍රසාද ලකුණු 12 බැගින් ලබා සම තත්ත්වයේ පසුවුවද, ලබාගත් පදක්කම් සංඛ්‍යාව අනුව කොළඹ රාජකීය විදුහල තරගාවලියේ තෙවැනි ස්ථානයට පත්විය.

කිලෝ ග‍්‍රෑම් 46-49 බර පංතියෙන් තරග වැදුණු මහනුවර විද්‍යාර්ථ විදුහලේ ඩබ්ලිව්. ඒ. ඉෂංක සංජය තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස සම්මාන දිනාගත් අතර කිලෝ ග‍්‍රෑම් 46-49 බර පංතියෙන් තරග වැදුණු හොරණ විද්‍යාරතන පිරිවෙනේ ඒ. කේ. මධුරංග තරගාවලියේ දක්ෂතම පාරාජිතයා බවට පත්විය.

මෑතකදී බොක්සිං කී‍්‍රඩාවට සම්බන්ධ වූ පාසල් අතරින් තෝරාගන්නා ලද දක්ෂතම කී‍්‍රඩකයා ලෙස කිලෝ ග‍්‍රෑම් 43-45 බර පංතියෙන් තරග වැදුණු නාවලපිටිය මධ්‍ය මහ විදුහලේ එස්. එම්. බණ්ඩාර සම්මාන දිනාගත්තේය.

කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදි පැවැති මෙම තරගාවලියට පාසල් 53 ක් නියෝජනය කරමින් කී‍්‍රඩකයෝ 138 ක් සහභාගී වූහ.

හිටපු ප‍්‍රවීණ බොක්සිං කී‍්‍රඩකයකු වන මංජු වන්නිආරච්චි මහතා තරගාවලියේ ත්‍යාග ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගිවිය.


තරග ප‍්‍රතිඵල
කිලෝ ග‍්‍රෑම් 33-35 බර පංතිය
ජී. ජේ. කුමාර (හොරණ විද්‍යාරතන පිරිවෙන) විසින් ඞී. ටී. ප‍්‍රමිත් (රත්නපුර කටළුව විදුහල) පරාජය කරන ලදි.

කිලෝ ග‍්‍රෑම් 35-37 බර පංතිය
එස්. ඞී. ධනුෂ්ක (පේරාදෙණිය සරසවි උයන මහ විදුහල) විසින් එම්. අයි. ඉෂාක්  (කොළඹ රාජකීය විදුහල) පරාජය කරන ලදි.

කිලෝ ග‍්‍රෑම් 37-39 බර පංතිය
එස්. එල්. වනිගසූරිය (රත්නපුර සීවලී විදුහල) විසින් එච්. එම්. ඒකනායක (දීරානන්ද මහ විදුහල විදුහල) පරාජය කරන ලදි.

කිලෝ ග‍්‍රෑම් 39-41 බර පංතිය
ඩබ්ලිව්. ඒ. චිත‍්‍රසේන (කඩුගන්නාව මධ්‍ය මහ විදුහල) විසින් ආර්. කේ. පියසිංහ (කොළඹ රාජකීය විදුහල) පරාජය කරන ලදි.

කිලෝ ග‍්‍රෑම් 41-43 බර පංතිය
එස්. ජී. බණ්ඩාර (පිළිමතලාව මධ්‍ය මහ විදුහල) විසින් ඞී. එස්. ගුණවර්ධන (මහනුවර කිංග්ස්වුඞ් විදුහල) පරාජය කරන ලදි.

කිලෝ ග‍්‍රෑම් 43-45 බර පංතිය
එස. එම්. බණ්ඩාර (නාවලපිටිය මධ්‍ය මහා විදුහල) එම්. ටී. නිලූෂ (මාතර රාහුල විදුහල) පරාජය කරන ලදි.

කිලෝ ග‍්‍රෑම් 44-46 බර පංතිය
ටී. ජී. ජිනදාස විසින් පී. ඒ. ප‍්‍රසන්න (ගාමිණී මධ්‍ය මහ විදුහල) පරාජය කරන ලදි.

කිලෝ ග‍්‍රෑම් 46-48 බර පංතිය
කේ. වී. එරන්ද (ගාමිණී මධ්‍ය මහ විදුහල) විසින් ජේ. ඒ. කවිෂාන් (හොරණ විද්‍යාරතන පිරිවෙන) පරාජය කරන ලදි.

කිලෝ ග‍්‍රෑම් 48-50 බර පංතිය
ආර්. එම්. රණතුංග (මහනුවර විද්‍යාර්ථ විදුහල) විසින් එන්. ඩබ්ලිව් බණ්ඩාර (පිළමතලාව මධ්‍ය මහ විදුහල) පරාජය කරන ලදි.

කිලෝ ග‍්‍රෑම් 50-51 බර පංතිය
ආර්. එස්. ද සිල්වා (පන්නල ජාතික පාසල) විසින් ආර්. එම්. රත්නායක (මහනුවර විද්‍යාර්ථ විදුහල) පරාජය කරන ලදි.

කිලෝ ග‍්‍රෑම් 52-54 බර පංතිය
එච්. ඒ. හෙට්ටිආරච්චි (මහනුවර විද්‍යාර්ථ විදුහල) විසින් ඩබ්ලිව්. එම්. සඳරුවන් (නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල) පරාජය කරන ලදි.

කිලෝ ග‍්‍රෑම් 46-49 බර පංතිය
ඩබ්ලිව්. ඒ. අයි. සංජය (මහනුවර විද්‍යාර්ථ විදුහල) විසින් ඒ. කේ. මධුරංග (හොරණ විද්‍යාරතන පිරිවෙන) පරාජය කරන ලදි.

කිලෝ ග‍්‍රෑම් 49-52 බර පංතිය
ජී. ඩබ්ලිව්. මනරම් (කල්‍යාණ ප‍්‍රදීප විදුහල) විසින් බී. ඒ. අත්වඩු (මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල) පරාජය කරන ලදි.

කිලෝ ග‍්‍රෑම් 52-56 බර පංතිය
කේ. ඒ. භානුක (හොරණ විද්‍යාරතන පිරිවෙන) විසින් ජී. සී. වික‍්‍රමසිංහ (මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල) පරාජය කරන ලදි.

කිලෝ ග‍්‍රෑම් 56-60 බර පංතිය
ඒ. එම්. බාලසූරිය (මහනුවර විද්‍යාර්ථ විදුහල) විසින් බී. ඒ. විජයවික‍්‍රම (කොළඹ නාලන්දා විදුහල) පරාජය කරන ලදි.

කිලෝ ග‍්‍රෑම් 60-64 බර පංතිය
වයි. එම්. තිලකරත්න (මහනුවර විද්‍යාර්ථ විදුහල) විසින් එල්. වී. ලියනගේ (කොළඹ ආනන්ද විදුහල) පරාජය කරන ලදි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


ශූරතාව දිනාගත් මහනුවර විද්‍යාර්ථ විදුහල් කණ්ඩායම, මංජු වන්නිආරාච්චි මහතා අතින් ‘ස්ටබ්ස් පළිහ’ ලබාගත් අයුරු.....

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා වූ ඉෂංක සංජය, මංජු වන්නිආරාච්චි මහතා අතින් කුසලාන ලබාගත් අයුරු.....

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


තරගාවලියේ දක්ෂතම පරාජිතයා වූ ඒ. කේ. මධුරංග, මංජු වන්නිආරාච්චි මහතා අතින් කුසලාන ලබාගත් අයුරු.....

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


නැගී එන පාසල් දක්ෂතම කී‍්‍රඩකයා වූ එස්. එම්. බණ්ඩාර, මංජු වන්නිආරාච්චි මහතා අතින් කුසලාන ලබාගත් අයුරු.....

 

ඡායාරූප - ශානුක අරවින්ද


අදහස් (0)

විද්‍යාර්ථ විදුහල ‘ස්ටබ්ස් පළිහ’ දිනාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.