Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක දකුණු අපි‍්‍රකානු පිල සහ ඕස්ටේ‍්‍රලියානු පිල අතර ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි කි‍්‍රඩාංගණයේදී පැවැති තෙවැනි විස්සයි20 කි‍්‍රකට් තරගයෙන් කඩුලූ 2 ක ජයක් අත්කරගත් ඕස්ටේ‍්‍රලියානු පිල, තරග 3 කින් සමන්විත වූ තරගාවලිය 2-1 ක් ලෙස ජය ගැනීමට සමත්විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 146 ක ඉලක්කයක් හඹාගිය ඕස්ටේ‍්‍රලියානු පිල, කඩුලූ 8 ක් දැවී එක් පන්දුවක් ඉතිරිව තිබියදී එම ඉලක්කය පසුකර ගියේය.
පන්දු 31 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 41 ක් රැස්කරමින් තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගිය කැමරන් වයිට් තරගයේ වීරයා බවට පත්විය.
තරග තුනකදී කඩුලූ 6 ක් දවාගනිමින් සහ ලකුණු 50 ක් රැස්කරමින් පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද දස්කම් දැක්වූ ඕස්ටේ‍්‍රලියානු පිලේ ජේම්ස් ෆෝල්ක්නර් තරගාවලියේ වීරයා බවට පත්විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අපි‍්‍රකානු පිල නියමිත ඕවර 20 අවසානයේදී කඩුලූ 6 ක් දැවී ලකුණු 145 ක් ලබාගත්තේය.
දකුණු අපි‍්‍රකානු පිලේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ ක්වින්ටන් ඩි කොක් (48) සහ රීසා හෙන්රික්ස් (49) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 52 කදී ලකුණු 75 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත්වූහ.
දකුණු අපි‍්‍රකානු පිල - ඕවර 20 කදී කඩුලූ 6 කට 145
(ක්වොන්ටම් ඩි කොක් 48, රීසා හෙන්රික්ස් 49, ඬේවිඞ් මිලර් නොදැවී 34, ජේම්ස් ෆෝල්ක්නර් 28/3)
ඕස්ටේ‍්‍රලියානු පිල - ඕවර 19.5 කදී කඩුලූ 8 කට 146
(බෙන් ඩන්ක් 14, ඒරන් ෆින්ච් 33, ග්ලේන් මැක්ස්වෙල් 23, කැමරන් වයිට් නොදැවී 41, ඬේවිඞ් වයිස් 21/3, රොබින් පීටර්සන් 28/3)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.