Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story විජය - ඒකාබද්ධ ජනාධිපති රන් කුසලාන දිනති

විජය - ඒකාබද්ධ ජනාධිපති රන් කුසලාන දිනති

සංජය එරමුදුගොඩ - 2016 දෙසැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


කොස්වාඩිය විජය ක්‍රීඩිකාවෝ පිට පිටම තෙවැනි වතාවටත්, කටාන ඒකාබද්ධ ක්‍රීඩකයෝ පස්වැනි වතාවටත් ඩයලොග් ජනාධිපති රන් කුසලාන කාන්තා හා පිරිමි වොලිබෝල් ශූරතා දිනා ගැනීමට අද (7) මහරගම තරුණ සේවා ගෘහස්ත පිටියේදී සමත් වූහ.

කොස්වාඩිය විජය ක්‍රීඩිකාවෝ මේ වනවිට හය වතාවක්ම ජනාධිපති රන් කුසලාන කාන්තා වොලිබෝල් කුසලාන දිනා තිබේ. මෙවර ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරග මාලාව 12 වැනි වතාවටත් සංවිධානය කෙරුණු අතර ගියවර විවෘත පිරිමි කාණ්ඩයේ ශූරතාව  දිනාගත් බොරලැස්ගමුව බලරැස් ක්‍රීඩා සමාජය මෙවර තරගාවලියේ දෙවැනි වටයේදී පරාජයට පත්විය.

ජාතික වොලිබෝල් (පිරිමි) සංචිතයේ ක්‍රීඩකයන්  පිරිවරා ගත් කටාන ඒකාබද්ධ කණ්ඩායමේ ජනිත් සූරත් ඊයේ අවසන් මහ  තරගයේදී සුවිශේෂී දක්‍ෂතා දක්වමින් ත්‍රිත්ව සම්මාන දිනා ගැනීම කැපී පෙණුනි.

ජාත්‍යන්තර වොලිබෝල් විනිසුරු ප්‍රියන්ත සෙනවිරත්න මහතාගේ අධීක්‍ෂණයෙන් ඩී.අයි.පී.එන්. සිල්වා, එස්.ඒ.එම්. සුබසිංහ, ටී.සී.  හේවා හා එස්.එම්.පී. නිරංජන් යන මහත්වරු ඊයේ පැවැති විවෘත කාන්තා හා පිරිමි අවසන් මහ තරග විනිශ්චය කළහ.

 මෙවර පළමු වතාවට පැවති වයස 22න් පහළ කාණ්ඩායේ පිරිමි ශූරතාව සීදුව දවිසමර විදුහල් කණ්ඩායම විසින්ද එහි කාන්තා ශූරතාව මාවතගම කැෂුවලයින් ක්‍රීඩා සමාජය විසින් ද දිනා ගන්නා ලදී.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


අවසන් මහ තරග ප්‍රතිඵල

(වයස 22න් පහළ)
* කාන්තා - මාවතගම කැෂුවලයින් ක්‍රීඩා සමාජ කණ්ඩායම විසින් ඇහැලියගොඩ ධර්මපාල ක්‍රීඩා සමාජ කණ්ඩායම පරාජය කරන ලදී. (22-25, 25-19, 25-16, 25-20)
විශේෂ සම්මාන -

  • දක්‍ෂතා පන්දු ඔසවන්නිය- එස්. වික්‍රමසිංහ (කැෂුවලයින්)
  • දක්‍ෂතම ප්‍රහාරිකාව - එන්.එස්. ජයවර්ධන (ධර්මපාල)
  • දක්‍ෂතම ක්‍රීඩිකාව - ඒ මතුනී (කැෂුවලයින්)

* පිරිමි - සීදුව දවිසමර විදුහල් කණ්ඩායම විසින් රුවන්වැල්ල රාජසිංහ විදුහල් කණ්ඩායම පරාජය කරන ලදී. (22-25, 25-15, 25-12, 25-19)
විශේෂ සම්මාන -

  • දක්‍ෂතම පන්දු ඔසවන්නා - ධනුෂ්ක දිල්ෂාන් (සීදූව දවිසමර)
  • දක්‍ෂතම ප්‍රහාරකයා - රෙහාන් මධුශංඛ (සීදූව දවිසමර)
  • දක්‍ෂතම ක්‍රීඩකයා - අයේෂ් දිල්ශාන් (සීදූව දවිසමර)


(විවෘත- කාණ්ඩය)

* කාන්තා - කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජ කණ්ඩායම විසින් කැෂුවලයින් ක්‍රීඩා සමාජ කණ්ඩායම පරාජය කරන ලදී. (25-19, 16-25, 25-22, 25-16)
විශේෂ සම්මාන -

  • දක්‍ෂතම පන්දු පිරිනමන්නිය - චතුරිකා ගයානි (කොස්වාඩිය විජය)
  • දක්‍ෂතම පන්දු ඔසවන්නිය - ෂශිනිකා ලක්මාලි (කොස්වාඩිය විජය)
  • දක්‍ෂතම පන්දු සකසන්නිය - නදිෂානි සමරවීර (කැෂුවලයින්)
  • දක්‍ෂතම පන්දු රකින්නිය - ඉරේෂා උමයංගනී (කොස්වාඩිය විජය)
  • දක්‍ෂතම පන්දු ප්‍රහාරිකාව - චම්පා කල්‍යාණි (කැෂුවලයින්)
  • දක්ෂතම ලිබරෝ ක්‍රීඩිකාව - ඉෂන්තා සුභාෂිනි (කැෂුවලයින්)
  • දක්‍ෂතම ක්‍රීඩිකාව - දිනේෂා ප්‍රසාදිනී (කොස්වාඩිය විජය).

* පිරිමි - කටාන ඒකාබද්ධ කණ්ඩායම විසින් දෙබෑගම රන්තරු කණ්ඩායම පරාජය කරන ලදී. (25-20, 25-22, 25-18)
විශේෂ සම්මාන -

  • දක්‍ෂතම පන්දු පිරිනමන්නා, දක්‍ෂතම පන්දු රකින්නා හා දක්‍ෂතම ක්‍රීඩකයා - ජනිත් සුරත් (කටාන ඒකාබද්ධ)
  • දක්‍ෂතම පන්දු ඔසවන්නා - ඩබ්ලිව්.ඒ.ඩී.එම්.එස්. වික්‍රමසේන (දෙබෑගම රන්තරු)
  • දක්‍ෂතම ප්‍රහාරකයා - එම්.ඩී.ආර්. රණවක (කටාන ඒකාබද්ධ)
  • දක්‍ෂතම ලිබරෝ, ක්‍රීඩකයා -  කේ.එන්.ඒ.සී. ප්‍රනාන්දු (කටාන ඒකාබද්ධ)

 

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි


අදහස් (0)

විජය - ඒකාබද්ධ ජනාධිපති රන් කුසලාන දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.