Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජූලියන් සවුටර් (16/3) සහ ඩයිලින් මැතිව්ස් (22/3) දෙදෙනාගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ රෙඞ්බුල් ආයතනය සංවිධානය කළ විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට දකුණු අප්‍රිකාවේ වයඹ විශ්ව විද්‍යාලය සමත්විය.
ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කළමණාකාර පාසල (බී.එම්.එස්) කඩුලු 7 කින් පරාජය කරමින් තෙවැනි වරටත් ලෝක කුසලානය මව් රටට රැගෙන යෑමට දකුණු අප්‍රිකාවේ වයඹ විශ්ව විද්‍යාලය සමත්විය.
මීට පෙර පැවැති ලෝක කුසලාන තරගාවලි දෙකකදී ශූරතාව දිනා ගැනීමට දකුණු අප්‍රිකාවේම විශ්ව විද්‍යාලයක් වන ප්‍රිටෝරියා විශ්ව විද්‍යාලය සමත්වී ඇත. මෙවර විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ අවසන් තරගයේදී ප්‍රිටෝරියා විශ්ව විද්‍යාලය පරදවමින් සුදුසුකම් දකුණු අප්‍රිකාවේ ලබාගැනීමට වයඹ විශ්ව විද්‍යාලය සමත්විය.
ජයග්‍රහණය සදහා ලකුණු 122 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකා කණ්ඩායම ඕවර 15.2 කදී කඩුලු 3 ක් පමණක් දැවී ජයග්‍රහණය සම්පූර්ණ කිරීමට සමත්විය. තරගාවලියේ තෙවැනි අර්ධ ශතකයක් වාර්තා කරමින් නොදැවී ලකුණු 64 ක් රැස්කිරීමට ජේන්මන් මැලන් සමත්විය. පන්දු 47 කට මුහුණදුන් ජේන්මන් මැලන්ගේ ඉනිමට හයේ පහර දෙකක් සහ හතරේ පහර හතක් ඇතුළත් විය. තරග 5 කදී ලකුණු 259 ක් රැස්කරමින් මෙවර තරගාවලියේ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වන්නට ජේන්මන් මැලන් සමත්විය.
දකුණු අප්‍රිකා පිතිකරුවන්ගේ ප්‍රහාරයන් හමුවේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට තරගයේ පරාජය වලක්වා ගැනීමට අවස්ථාවක් නොතිබිණ.
කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඕවර 18.4 කදී සියලුදෙනා දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 121 ක් පමණි. ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ට ලකුණු අතරට පැමිණීමට අවස්ථාවක් ලබානොදීමට ජූලියන් සවුටර් සහ ඩයිලින් මැතිව්ස් ඇතුළු පන්දු යවන්නෝ වගබලා ගත්හ.
ලකුණු 85 කට කඩුලු 8 ක් දැවී සිටියදී නවවැනි කඩුල්ල සදහා එක්වූ චාමික කරුණාරත්න සහ කොෂාන් ජයවික්‍රම පන්දු 12 කදී ලකුණු 33 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් තරමක බලාපොරොත්තුවක් ඇති කිරීමට සමත්වූහ. පන්දු 26 කදී හතරේ පහර තුනක් සමගින් ලකුණු 29 ක් රැස්කළ චාමික කරුණාරත්න ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙනු වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්විය.
විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ ජූලියන් සවුටර් ඕවර 4 ක් යවමින් ලකුණු 22 කට කඩුලු 3 ක්ද ඩයිලින් මැතිව්ස් ඕවර 4 ක් යවමින් ලකුණු 16 කට කඩුලු 3 ක්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ. ඩයිලින් මැතිව්ස් ලබාගත් කඩුලු 3 ත් සමගින් තරගාවලියේ වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නා බවට පත්වෙමින් කඩුලු 12 ක් දවාගැනීමට ඔහු සමත්විය.
ව්‍යාපාර කළමණාකාර පාසල (ශ්‍රී ලංකාව) - ඕවර 18.4 කදී සියලුදෙනා දැවී ලකුණු 121
(මනෝජ් සරත්චන්ද්‍ර 24, දිනුක් වික්‍රමණායක 21, චාමික කරුණාරත්න 29, ජූලියන් සවුටර්ගේ 16/3, ඩයිලින් මැතිව්ස්ගේ 22/3)
වයඹ විශ්ව විද්‍යාලය (දකුණු අප්‍රිකාව) - ඕවර 15.2 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 122
(ජේන්මන් මැලන් නොදැවී 64, මාකස් ඇකර්මන් 23, රයන් හාස්බ්‍රෝක් නොදැවී 20, කොෂාන් ජයවික්‍රම 31/2)
ඡායාරූප - රෙඩ්බුල් ක්‍රිකට් නිල වෙබ් අඩවිය අනුග්‍රහයෙනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.