Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story විස්සයි20 තරග දෙක වඩාත් තීරණාත්මකයි - මැතිව්ස්

විස්සයි20 තරග දෙක වඩාත් තීරණාත්මකයි - මැතිව්ස්

සංජය එරමුදුගොඩ - 2013 දෙසැ මස 07 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

පාකිස්තානයට එරෙහිව මේ මස 11 වැනිදා ආරම්භ වන දීර්ඝ තරග සංචාරයේ ආරම්භය ඉතාමත් වැදගත් නිසා පළමුව පැවැත්වෙන විස්සයි20 තරග දෙක වඩාත් තීරණාත්මක බව ශ‍්‍රී ලංකා ටෙස්ට් සහ එක්දින පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.

ශ‍්‍රී ලංකා කණ්ඩායම ඊයේ (06) රාත‍්‍රී ශ‍්‍රී ලංකාවෙන් පිටත්ව යෑමට පෙර ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේදී පැවැති ආගමික වාතාවත්වලින් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇන්ජලෝ මැතිව්ස් මෙසේ ද පැවසීය.

”මේ සංචාරය විශාල ආභියෝගයක් තියෙන සංචාරයක්, අපිට මෙම සංචාරයේ ආරම්භය ඉතාමත් වැදගත් ඒ නිසා පළමුව පැවැත්වෙන විස්සයි20 තරගාවලිය ඉතාමත් වැදගත්. විස්සයි20 තරගාවලියේදී හොද ආරම්භක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. එය මෙම දීර්ඝ සංචාරයට ගොඩක් හොදයි”

”පාකිස්තානු කණ්ඩායම කිසිසේත්ව සැහැල්ලූවට ලක් කරන්න බැරි කණ්ඩායමක්. ඔවුන් මෑතකදී දකුණු අප‍්‍රිකානු පිල දකුණු අප‍්‍රිකාවේදීම පරාජය කළා. පාකිස්තානයට එරෙහිව 2012 වසරේ ඩුබායි සංචාරය අපි සාර්ථකව කළේ නෑ. ඒ නිසා මේ සංචාරය හොදින් අවසන් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා”

”පාකිස්තානු කණ්ඩායමේ එක ක‍්‍රීඩකයකු නම් කරන්න බෑ, එකොළොස් දොනාම එක හා සමාන දක්‍ෂයි. ඒ නිසා සියලූ දෙනාම සැළකිල්ලට ගත යුතුයි. පාකිස්තානු කණ්ඩායම ඉතාමත් සමබර කණ්ඩායමක්, ඒ නිසා සාර්ථකව මුහුණ දිය යුතුයි”
ශ‍්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම ක‍්‍රීඩකයා වන මහේල ජයවර්ධන විස්සයි20 සහ එක්දින සංචාරයට සහභාගි නොවීම පිළිබදව මැතිව්ස් මෙසේ අදහස් දැක්වීය.

”මහේල ජයවර්ධන කියන ක‍්‍රීඩකයා අපි හැමෝම දන්නවා ඉතාම හොද ක‍්‍රීඩකයෙක්, ඔහු අපිට ඉතාමත් වැදගත්. නමුත් පියෙක් වීමත් සමග ඇතිවූ ඔහුගේ අලූත් ජීවිතයට සියලූ දෙනාම සුබ පතනවා. ඇතැම් විට ඔහු ටෙස්ට් තරගාවලියට සහභාගි වෙයි”
”මහේලගේ ඉවත්වීමත් සමග විස්සයි20 තරගවලට ක‍්‍රීඩා කරන කණ්ඩායම මේ දක්වා තීරණය කර නෑ. එහි අපි පරිසර තත්ත්වය සහ තණතිළි පිළිබද අවධානය යොමු කර කණ්ඩාමේ සංයුතිය තීරණය කරනාවා”

ශ‍්‍රී ලංකා පිලේ ප‍්‍රධාන පුහුණුකරු වන ග‍්‍රෑම් ෆෝඞ් මහතාගේ සේවය ලැබෙන අවසන් සංචාරය මෙය වන අතර ඒ පිළිබදව මැතිව්ස්ගෙන් කළ විමසුමකදී මෙසේ පැවසීය.

 

මහේල ජයවර්ධන.....සීමිත ඕවර තරගාවලියට නොපැමිණේ

”ග‍්‍රෑම් ෆෝඞ් ඉතාමත් හොද සේවයක් කළා, ඔහුගේ ඉවත්වීම පාඩුවක්, ඔහු සෑම මොහොකමක කණ්ඩායමට 100% ක්ම සේවය සැපයුවා. විශේෂයෙන්ම ක‍්‍රීඩකයන්ගේ මානසික ශක්තිය වැඩි කරන්න කටයුතු කළා. ඔහු කළ සේවයට අපි ස්තූතිය පළ කරනවා”

ශ‍්‍රී ලංකා විස්සයි20 පිලේ නායක දිනේෂ් චන්දිමාල් පළමුව පැවැත්වෙන විස්සයි20 තරගාවලියේ පිළිබදව මෙසේ පැවසීය.
 
”අපි විස්සයි20 ලෝක ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ ඉන්නේ, අපේ අවසන් විස්සයි20 තරගාවලිය අපි හොදින් අවසන් කළා. ඒ නිසා ශ්‍රේණිගත කිරීම පිළිබදව අවධානය යොමු කරමින් තරග දෙක සාර්ථකව අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා”

”විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට පෙර අපිට තරග හතරක් පමණයි තියෙන්නේ, තරග ජය ගන්නා ගමන් තරුණ ක‍්‍රීඩකයන්ට අවස්ථාව ලබා දෙමින් කණ්ඩායම තෝරා ගන්නවා”

මෙම තරගාවලියේ විස්සයි20 තරග දෙක මේ මස 11 සහ 13 දෙදින ඩුබායිහිදී පැවැත්වේ. තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය මේ මස 18 වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැත්වේ. ටෙස්ට් තරගාවලිය මේ මස 31 වැනිදා ආරම්භ වන අතර ජනවාරි මස 20 වැනිදා අවසන් වීමට නියමිතය.

 


අදහස් (2)

විස්සයි20 තරග දෙක වඩාත් තීරණාත්මකයි - මැතිව්ස්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.