Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශමාෂ්ගේ ශතකය යාපනයට ජය ගෙනෙයි
ජාතික සුපිරි ලීගය

ශමාෂ්ගේ ශතකය යාපනයට ජය ගෙනෙයි

editorial - 2024 සැප් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග එක්දින තරගාවලියේ 10 වැනි තරගය ලෙස දඹුල්ල කණ්ඩායම සහ යාපනය කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 70 ක ජයක් වාර්තා කිරීමට යාපනය කණ්ඩායම අද (12 වැනිදා) සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 313 ක ඉලක්කයක් හඹාගිය දඹුල්ල කණ්ඩායමට ඕවර 42.2 අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 242 ක් පමණි. එහිදී දඹුල්ල ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ගයාන් වීරසිංහ පන්දු 83 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 84 ක් රැස්කළේය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් යාපනය කණ්ඩායමට ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 312 ක් ලබාගත් අතර අගනා පිතිහරඹයක නිරත වූ මොහොමඩ් ශමාෂ් පන්දු 86 කින් ලකුණු 112 ක් රැස්කළේ හයේ පහර 5 ක් සහ හතරේ පහර 9 ක් සමගිනි. ආරම්භක පිතිකරු රොන් චන්ද්‍රගුප්ත පන්දු 68 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 10 ක් සමග ලකුණු 72 ක් රැස්කළේය. 


යාපනය පිල - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 312 
(රොන් චන්ද්‍රගුප්ත 72, නිපුන් කරුණානායක 43, මොහොමඩ් ශමාෂ් 112, රවිඳු සෙම්බුට්ටි නොදැවී 58, ගයාන් වීරසිංහ 36/2) 

දඹුල්ල පිල - ඕවර 42.2 කදී සියලු දෙනා දැවී 242 
(ලසිත් කෲස්පුල්ලේ 31, පුලිඳු පෙරේරා 49, ගයාන් වීරසිංහ 84, දිනුර අබේවික්‍රමසිංහ 25, තීසාන් විතුෂාන් 59/3, කල්හාර සේනාරත්න 36/2) 

-036


අදහස් (0)

ශමාෂ්ගේ ශතකය යාපනයට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.